The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බිතු සිතුවම් හා පුරාවස්තු මතු පරපුර උදෙසා වාර්තා ගත කිරීම හා සංරක්ෂණය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකා‍වේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බිතු සිතුවම් හා පුරාවස්තු මතු පරපුර උදෙසා වාර්තා ගත කිරීම හා සංරක්ෂණය කිරීම.

PDF Print Email

අරමුණ
 

  1. සංරක්ෂණය කළ යුතු පුරාවස්තු සහ බිතුසිතුවම් පිළිබඳ පරීක්ෂණ වාර්තා සකස් කිරීම.
  2. ඒ ඇසුරෙන් සංරක්ෂණය කළ යුතු ස්ථානවල ප්‍රමුඛතා ලේඛනයක් සකස් කිරීම.
  3. එම සංරක්ෂණ කටයුතු වල ඇස්තමේන්තු සකස් කිරීම.
  4. සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම සහ අවසාන වාර්තා සැකසීම.
  5. ක්ෂේත්‍රවලින් හමුවන පුරාවස්තු සහ දැනට පුරාවිද්‍යා කෞතුකාගාරවල තිබෙන  පුරාවස්තු පිළිබඳ පර්යේෂණ වාර්තා සැකසීම.
  6. සංරක්ෂණය කළ යුතු පුරාවස්තු වල ප්‍රමුඛතා ලේඛනයක් සකස් කිරීම.
  7. සංරක්ෂණය සිදුකිරීම.

 

කාර්යය
 

  1. වර්ණ ගැන්වූ සහ චිත්‍රණය කරන ලද චංචල හා නිශ්චල පෘෂ්ඨයන් සහ එහි ව්‍යූහය  රසායනිකව හා භෞතිකව තහවුරු කිරීම.
  2. චංචල පුරාවස්තු රසායනිකව තහවුරු කිරීම.
  3. නිශ්චල පුරාවස්තු රසායනිකව හා භෞතිකව තහවුරු කිරීම.
  4. මූර්ති සංරක්ෂණය කිරීම හා සංරක්ෂණය  පෙරදැරි කරනෙ පිටපත් කිරීම.
  5. සංරක්ෂණය සහ පසු විපරම් අවශ්‍යයතාව සඳහා වර්ණිත පෘෂ්ඨ වල තත්ව වාර්තා පිළියෙල කිරීම.
  6. නිම කරන ලද සංරක්ෂණය පිළිබඳ අවසන් වාර්තා පිළි‍යෙල කිරීම.
  7. සංරක්ෂණය කරන ලද හෝ කෙරන හඳුනාගෙන ඇති පුරාවස්තු පසු විපරම් කිරීම.
  8. බිතු සිතුවම් හා මූර්ති පිළිබඳ පර්යේෂණ හා විශ්ලේෂණය

 

පුරාවස්තු සංරක්ෂණය

මුහුද හා ගොඩබිම කැණීම් වලින් ලැබෙන, පුරාවිද්‍යා කෞතුකාගාරවල තැන්පත් කිරීමට නියමිත, පුරාවිද්‍යා  කෞතුකාගාරවල තැන්පත් කර ඇති සහ ක්ෂේත්‍රයේ ඇති පුරාවස්තු සංරක්ෂණය, සංරක්ෂණයෙන් පසු පුරාවස්තු පසුවිපරමයට ලක් කිරීම හා ප්‍රදර්ශන හා ගබඩා කිරීම් වලදී අවශ්‍යය සංරක්ෂණ උපදෙස් ලබාදීම.


2009 වසරේදී සංරක්ෂණය කරන ලද පුරාවස්තු

  1. සංරක්ෂීත ලත්පඳුර පාරුව පසු විපරම් කිරීම සහ ප්‍රදර්ශනය සඳහා උපදෙස් ලබාදීම.
  2. කොළඹ කෞතුකාගාරයේ තැන්පත් අත්තනගල්ල පාරුව සංරක්ෂණය.
  3. මූන්දලමින් හමුවූ  තඔ කාලතුවක්කුව සංරක්ෂණය.
  4. සේරුවිල කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා අවශ්‍යය සියළු පුරාවස්තු  සංරක්ෂණය.

 

සිතුවම් සහ පුරාවස්තු රැකගැනීම සඳහා ජනතා සහයෝගය ලබාගැනීම.

ප්‍රදේශයක පවතින පුරාවස්තු රැකගතහැක්කේ එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට බව ජාත්‍යන්තර පිළිගැනීම වන හෙයින් මෙරට ජනතාවගෙන් ද එම යුතුකම ඉටු කෙරේ යැයි බලාපොරොත්තු වෙමු.
 

  1. රැකගත යුතු පුරාවස්තු වල වර්තමාන ස්වභාවය ගැන දෙපාර්තමේන්තුවට දැනුම්දීම.
  2. විනාශයන් සිදුවන අවස්ථා වලදී ඒබව දැනුම්දීම.
  3. විනාශවන සිතුවම් හා පුරාවස්තු ගැන දැනුම්දීම.
  4. විහාරස්ථානයක සිතුවම් තෙමීමෙන් හානිවන විට එය වලක්වා ගැනීමට උපකාරී වීම.
  5. සොරුන්ගෙන් සිදුවන හානි වලක්වා ගැනීමට උපකාරී වීම.

 

විමසීම්
+9411 - 2691960

ලිපිනය
 
රසායන සංරක්ෂණ අංශය,
පුරාවිද්යාර දෙපාර්තමේන්තුව,
කොළඹ 07.

 

ප්‍රාදේශීය කාර්යාල
 

මධ්‍යම පළාත - +9481 - 2222336 - මනුර ජයසුන්දර මහතා
දකුණු පළාත - +9491 - 2234971 - ජනනී සෙනවිරත්න මිය.
වයඹ පළාත - +9437 - 2291065 -  
ඌව පළාත - +9455 - 2222637 -  
උතුරුමැද පළාත - +9475 - 2222411 -  
සබරගමුව පළාත - +9436 - 2232674 -  
නැගෙනහිර පළාත - +9463 - 2222017 -  
උතුරු පළාත - +9424 - 2224805 -  

 

රසායන සංරක්ෂණ අංශය මගින් 2009 වසරේ සිදුකළ සංරක්ෂණ කටයුතු
 

බස්නාහිර පළාත - ගනේවත්ත පුරාණ බෝධිමඵ විහාරය, දිවුලපිටිය කොස්සින්න පුරාණ විහාරය, ගනේමුල්ල දේවමිත්තාරාමය, බුලත්සිංහල වැලිපිල්ලෑව පුරාණ විහාරය, ගනේමුල්ල පොකුණු විට පුරාණ විහාරය, හොරණ.
මධ්‍යම පළාත - කපුකොටුව පුරාණ විහාරය, යටවත්ත, මාතලේ කොණ්ඩදෙණිය රජමහා විහාරය, හාරිස්පත්තුව, මහනුවර.
දකුණු පළාත - ශෛලබිම්බාරාමය, දොඩංදූව ගංඳාරාමය, මාගාල්ල පරගොඩ රජමහා විහාරය, ඉමදූව සුනන්දාරාමය, අම්බලන්ගොඩ කුමාරකන්ද, හික්කඩුව පංචතූපාරාමය, හම්බන්තොට ගොඩපිටිය ජේතවනාරාමය, අකුරැස්ස.
වයඹ පළාත - උතුරුපව්ව පුරාණ විහාරය, දොඩන්ගස්ලන්ද නැලව ටැම්පිට විහාරය, ඉබ්බාගමුව රැස්වෙහෙර පුරාණ විහාරය, ඇහැටුවැව
උතුරුමැද පළාත - ගල්කිරියාගම නාගරුක්කාරාමය, අනුරාධපුර අව්කන පිළිමය. ශ්‍රී  දේවතිස්ස රජමහා විහාරය, මහඇළගමුව, කැකිරාව.
ඌව පළාත - තිඹිරිය, බිබිල, මයුරගිරිය, මොණරාගල ගනුල්පොත, මොණරාගල.
සබරගමුව පළාත - පෝඩාපේ ටැම්පිට විහාරය, අරනායක ගම්මන්නාගොඩ ටැම්පිට විහාරය, අරනායක ගනේමුල්ලහේන විහාරය, වරකාපොල වලගම්බා ලෙන් විහාරය, ගලිගමුව මුවපිටිය පුරාණ විහාරය, රඹුක්කන
නැගෙනහිර පළාත - මෙම වසරේදී සංරක්ෂණය සිදුකරයි. ඔවාගිරිය, අම්පාර,  මුහුදු මහා විහාරය, පොතුවිල්, මගුල් මහා විහාරය, ලාහුගල.


 
අංශය මගින් ලබාදෙන සේවාවන්

  1. බිඳ වැටී ගිය බුදුපිළිම නගාසිටුවීම.
  2. විනාශවන බිතුසිතුවම් රැකගැනීම.
  3. පුරාවස්තු සංරක්ෂණය කිරීම.
  4. විශ්ව විද්‍යාල සිසුන්ට අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීම.
  5. විහාර මන්ඳිර සංරක්ෂණය කිරීම.

 

විමසීම්

සිතුවම් සංරක්ෂණය

නිශාන්ත පෙරේරා    
යූ. වතුගේ මහතා - +9411 - 2691960

 

පුරාවස්තු සංරක්ෂණය

අනූෂා කස්තුරි මිය
රේෂානී ධර්මවර්ධන මෙය
ඩිවීෂා අතුකෝරල මෙය  - +9411 - 2691960

 

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:26
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty