The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත තොරතුරු ආයෝඡන ව්‍යාපෘතිවල සංඛ්‍යා ලේඛන සැපයිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සංඛ්‍යා ලේඛන සැපයීම.

PDF Print Email

සුදුසුකම්     
රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ ශිෂ්‍යයින් ඇතුලු මහජනතාවට, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අනුමත කරන ලද සංඛ්‍යා ලේඛන ලබා ගත හැකිය.

පහත විස්තර කෙරෙන පරිදි, “ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු” සහ “ප්‍රකාශයට පත්කර නැති තොරතුරු” වශයෙන් දෙවර්ගයක සංඛ්‍යාලේඛන දැනට නිකුත් තිරීම සඳහා සූදානම් කර තිබේ.

1. ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු :

    1 . 1 ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු අඩංගු පහත සඳහන් වන ප්‍රකාශනයන්, පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන
          දෙපාර්තමේන්තුවේ පුස්ථකාලයෙන් ලබාගැනීමට පුළුවන.

         1.    සංඛ්‍යාන සංක්ෂේපය (Statistical Avstract)
   
            (1978 සිට ආසන්නතම මුදල් වර්ෂය දක්වා තොරතුරු මෙහි  අඩංගුය.)
         2.    වාර්ෂික කාර්යසාධන වාර්තාව.
         3.    අර්ධ වාර්ෂික කාර්යසාධන වාර්තාව.
         4.    කාර්තුමය කාර්යසාධන වාර්තාව.
         5.    මාසික කාර්යසාධන වාර්තාව.

    1 . 2 ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු අඩංගු ඉහත සඳහන් වන ප්‍රකාශන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ
         වෙබ් අඩවියෙන් (www.investsrilanka.com) ද ලබා ගැනීමට පුළුවන.

2. ප්‍රකාශයට පත්කර නැති තොරතුරු :

   ප්‍රකාශයට පත්කර නැති තොරතුරු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත ඉල්ලුම් කර
   අනුමැතිය ලබාගැනීමෙන් පසු පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට පුළුවන.

   ඉතා සංවේදී ස්වභාවයේ සංඛ්‍යාලේඛන නිකුත් කරනු ලබන්නේ, ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ
   අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුමැතිය ලැබුණාට පසුව පමණක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : මේ සඳහා විෂේශිත වූ ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

තම ආයතනයේ ලිපි ශීර්ෂයක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත යොමු කළ ලිපියකින්, තම සංඛ්‍යාලේඛන අවශ්‍යතාව විස්තර කර, ආයතනයේ බලධාරියකුගේ අත්සනින් යුතුව ඉල්ලීමක් කළ යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉල්ලූම්පත් ඉදිරිපත් කළ යුතු වේලාවන් :

සංඛ්‍යාලේඛන ලබා ගැනීම සඳහා, රජයේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුලදී, පහත සඳහන් සථානයට පැමිණිය යුතුය.

    “පුස්ථකාලය” හෝ “සංඛ්‍යාලේඛන අංශය”,
    පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
    19 වන මහල,
    බටහිර කුළුණ,
    ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
    කොළඹ 1, ශ්‍රී ලංකාව.

තම ආයතනයේ ලිපි ශීර්ෂයක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත යොමු කළ ලිපියකින්, තම සංඛ්‍යාලේඛන අවශ්‍යතාව විස්තර කර, ආයතනයේ බලධාරියකුගේ අත්සනින් යුතුව ඉල්ලීමක් කළ යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

• රාජ්‍ය ආයතනවලින්, පිළිගත් අන්තර්ජාතින ආයතනවලින් (එක්සත් ජාතීන්, අන්ක්ටෑඩ් - UNCTAD, විපා - WIPA, ආදී)
   සහ විදේශ දූත කණ්ඩායම් වලින් ගාස්තු අය කරන්නේ නැත.

• තම අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීගෙන් ලබාගත් නිර්දේශය ඉදිරිපත් කිරීම මත විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට
   75% ක වට්ටමක් ලබාගැනීමට පුළුවන.

• අන් සියළුම අයදුම්කරුවන්ගෙන් පහත සඳහන් ගාස්තු අය කෙරේ.

   අ) සවිස්තරාත්මක ආයෝජන සංඛ්‍යාලේඛන ලබාගැනීම සඳහා අය කරන ගාස්තු :

      සපයන සංඛ්‍යාලේඛන වල අඩංගු වන “විචල්‍ය සංඛ්‍යාව” හා “පිටු සංඛ්‍යාව” මත ගාස්තුව තීරණය කෙරේ.

      එම “විචල්‍ය” නම්;

        i.   ව්‍යාපෘතියේ නම
        ii.  හවුල් වී ඇති රට හෝ රටවල්
        iii. නිෂ්පාදනය කරන ද්‍රව්‍ය
        iv. සම්බණ්ධීකරණය කරගත හැකි සම්බණ්ධීකරණ නිළධාරීගේ නම, ලිපිනය, දුරකථන අංකය, ෆැක්ස් අංකය,

            ඉ-මේල් ලිපිනය, ආදිය
        v.  කර්මාන්ත ශාලාවේ ලිපිනය, දුරකථන අංකය, ආදිය
        vi. ව්‍යාපෘතියේ තත්වය

      මේ සඳහා අය කිරීම - පහත සඳහන් ගාස්තුවල එකතුවයි:

      “විචල්‍ය” එකකට ගාස්තුව = රු: 25   +
      “පිටු” එකකට ගාස්තුව     = රු: 25   +
       අගය මත එකතු කළ බද්ද.

   අ) සාරාංශ වගු/ප්‍රස්ථාර ආදිය ලබාගැනීම සඳහා අය කරන ගාස්තු :
      මේ සඳහා අය කිරීම - පහත සඳහන් ගාස්තුවල එකතුවයි:

      “වගු/ප්‍රස්ථාර” එකකට ගාස්තුව  = රු: 100   +
      “පිටු” එකකට ගාස්තුව    
      = රු:  25   +
       අගය මත එකතු කළ බද්ද.

සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සංඛ්‍යාලේඛන නිකුත් කිරීමට ගතවන කාලය පහත සඳහන් පරිදිය.

1.  ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු :    පැය 24 ක් ඇතුළත

2. ප්‍රකාශයට පත්කර නැති තොරතුරු :    දින 2 – 15 කාලයක් ඇතුළත
   (මෙය ඉල්ලා ඇති තොරතුරුවල වර්ගය, සවභාවය, සහ සංවේදීතාව මත රඳා පවතී)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
1. අදාල ආයතනයේ ලිපි ශීර්ෂයක එම ආයතනයේ බලධාරියකුගේ අත්සන සහිතව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ

   අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත යොමු කළ ලිපියක්.

2. ඉල්ලා ඇති තොරතුරු ලබා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුදල් දෙපාර්තමේන්තුවට මුදල්
   ගෙවා ලබාගත් ලදුපත ඉදිරිපත් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
විධායක අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය අයි. එන්.  සමරප්පුලි මයා පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන දෙපාර්තමේන්තුව* +94-11-2437137 +94-11-2543406 nihals@boi.lk
අධ්‍යක්ෂ (පර්යේෂණ) සී. පී.  මලල්ගොඩ මිය - එම - +94-11-2543406 +94-11-2543406 champikam@boi.lk
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ) ජී. එච්. පලකැටිය මිය - එම - +94-11-2427391 +94-11-2543406 hiroship@boi.lk
කළමනාකරන සහකාර බී. කේ. ජයවතී මෙනවිය - එම -

 +94-11-2427394,
+94-11-2346162

+94-11-2543406

library@boi.lk jayawathieb@boi.lk

* පර්යේෂණ සහ ප්‍රතිපත්ති උපදේශන දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   19 වන මහල, බටහිර කුළුණ,
   ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
   කොළඹ 01.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:16
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty