අමතර ර.බි. 22 ඒ - බියර්,ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණිම
සඳහා බලපත‍්‍ර ඉල්ලුම් කිරීම
|
|
|||
1. රු.7,500/- ක අයදුම් පත්‍ර ගාස්තු ගෙවා අයදුම් පත්‍රයක් ලබාගත යුතුය.අයදුම් පත්‍ර වසර 3 ක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.එභෙත් සංචාරක මණ්ඩල අනුමැතිය ලත් සංචාරක හෝටල් සඳහා වාර්ෂිකව පත්‍ර ගාස්තුව ගෙවා ගෙවිය යුතුය. 2. µමම අයදුම් පත්‍රය සමග පහත ලිපි ලේඛණ ඉදිිරිපත් කළ යුතුය. II. අයදුම්කරු පසුගිය වර්ෂ 05 ක කාලය තුළදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. III. ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හා සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්, යෝජිත ව්යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුමව ඉදිරිපත් කළ යුතු අතර, එය ප්‍රසිද්ධ නොතාරිවස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ මූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය. IV. යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිµමන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්ද්යෝරුවරයෙකුගෙන් ලබා ගත් මිනින්ද්යෝරු සැලැස්ම. V. ව්යාපාර නාම ආඥා පනත අනුව ව්යාපාර ලියාපදිංචි කිරීමේ සහතික හා සමාගමක් නම්, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය. VI. ආපසු නොගෙවනු ලබන අයදුම් පත්‍ර ගාස්තු ගෙවූ බවට අදාළ රිසිට් පත. VII. ප්රාදේශ්රීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස් බල ප්‍රදේශයේ ස්ථානානධිපතිතුමාගෙන් ලබාගත් සහතිකය. VIII. යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.
ඉහත කරුණු වලට අමතරව:- ගෙබිම ප්‍රමාණය වර්ග අඩි 250 කට වඩා වැඩි විය යුතුය. යෝජිත ස්ථානයේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට කෙලින් දුර මීටර් 100 ඉක්මවිය යුතුය. බෝතල් ගණනේ පිටත ගෙන පරිභෝජනය සඳහා පමණි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:30 |