පාසැල් නොයන ළමුන් පාසල් ගත කිරීමේ වැඩ සටහන |
|
|||||
පාසැල් නොයන ළමුන් පාසල් ගත කිරීමේ වැඩ සටහන ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් අතර , ළමුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. පාසැල් නොයන ළමුන් පාසැල් ගත කිරීමේ වැඩ පිළිවල ඒ සඳහා හඳුන්වා දුන් එක් වැඩසටහනකි. වැඩසටහන කා සඳහාද?
ලැබෙන සහාය කුමක්ද? පාසැල් උපකරණ කට්ටල,දෙමාපියන් දැනුවත් කිරීම් හෝ පාසැල් අධ්‍යාපනය අඩාල වීමට බලපා ඇති හේතුව හඳුනාගෙන ඒ සඳහා විසඳුම් සපයා දී ඇති දරුවන්ගේ අධ්‍යාපනය ශත්තිමත් කිරීම. වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කෙසේද? අදාල ආධාර ලැබීමට සුදුසුකම් සපුරා ඇති ළමයා පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුයුක්තව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මුණගැසී අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් සම්බන්ධ විය හැක. අවශ්‍යවන්නේ 1. ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය 2. උප්පැන්න සහතිකයේ පිටපතක් 3. අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ නිර්දේශය සහිතව ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලත් බවට.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:13 |