The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home දීමනා පත්‍රයක් අස්ථාන ගත වීමක දී, විනාශ වීමක දී හා නැති වීමක දී
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දීමනා පත්‍රයක් අස්ථාන ගත වීමක දී, විනාශ වීමක දී හා නැති වීමක දී

PDF Print Email

දීමනා පත්‍රයක් අස්ථාන ගත වීමක දී, විනාශ වීමක දී හා නැති වීමක දී
 
සුදුසුකම්

  •   දීමනාපතක් හිමිව තිබිය යුතු ය. (සමෘද්ධි/පෝෂණ/භූමිතෙල්)
  •   එය සත්‍ය වශයෙන්ම ගංවතුරෙන්/ගින්නෙන් විනාශ වීම හෝ
  •   එය මීයන් කෑම/දුර්වර්ණ වීම/ඉරීයාම/ද්‍රවයක් නිසා අපහැදිලි වීම වැනි සිදුවීම් හෝ
  •   අස්ථානගතවීමක්/නැතිවීමක් සිදුවී තිබිය යුතු ය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

  • අදාළ ප්‍රතිලාභියා විසින් දීමනා පත්‍රය නැති වීම පිළිබඳ ව තම කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා වෙත හා තම සමූපකාර ප්‍රාදේශිකය වෙත දැනුම් දී එය සොයා ගැනීමට උත්සාහ ගත යුතු ය.
  • මෙම නැතිවීම පිළිබඳව පොලිසියට ද පැමිණිල්ලක් කළ යුතු ය.
  • ඉන්පසුව ද සොයාගත නොහැකි නම් සමූපකාර ප්‍රාදේශිකයෙන් “බී” කොටස ලබාගෙන පොලිස් වාර්තාවේ පිටපතක් ද දිවුරුම් ප්‍රකාශයක්ද, සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශිත ලිපිය ද සහිතව සමෘද්ධි   සංවර්ධන නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු ය.

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන : නැත

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : නැත  

ඉදිරිපත් කළ යුතු වේලාවන් :
 
අදාළ ලියවිලි සමග සතියේ වැඩකරන දිනයක සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතු ය.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : නැත
 
සේවාව ලබා දීමට ගත වන කාලය :
 
සියලු ලියවිලි නිවැරදිව සමෘද්ධි නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් වී මසක් ඇතුළත ඉදිරි මාස සඳහා පමණක් වලංගු වන නව දීමනා පත්‍රයක් නිකුත් කරනු ඇත.
 
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : 
  • අස්ථානගතවීමක දී/නැතිවීමකදී
  1.  ඉල්ලුම්කරුගේ අභියාචනය
  2.  සමූපකාරයේ ඇති ප්‍රතිලාභියාට අයත් දීමනා පත්‍රයේ “බී” කොටස
  3.  සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශය සහිත ලිපිය.
  4.  දිවුරුම් ප්‍රකාශය
  5.  පොලීසියේ පැමිණිල්ලේ පිටපත 
  • මීයන් කෑමකදී/ඉරී යාමකදී/වතුර වැටීමකදී/කිලිටි වීමකදී පමණි
  1. ඉල්ලුම්කරුගේ අභියාචනය
  2. සමූපකාරයේ ඇති ප්‍රතිලාභියාට අයත් දීමනා පත්‍රයේ “බී” කොටස
  3. සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ නිර්දේශය සහිත ලිපිය.
  4. විනාශ වූ දීමනා පත්‍රයේ ඉතිරි කැබලි.
 
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :
 
තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
සහකාර කොමසාරිස්
(සමෘද්ධි)  
එම්.ජේ.එස්.
රවිසිංහ මයා
සමෘද්ධි
+94112696421
+94112673775
ravisinghe
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)  
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com
 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
 
  • ගංවතුර හෝ ගින්නක් නිසා පදිංචි නිවස හා බඩුමුට්ටු සියල්ල විනාශ වී ඇති අවස්ථාවක ඒ පිළිබඳ සෑහීමට පත්විය හැකි නම්, අදාළ දීමනා පත්‍රිකාවේ “බී” කොටස ද ගෙන්වාගෙන විනාශ වූ දීමනා පත්‍රිකා වෙනුවට එම විනාශය සිදු වූ මාසයට පසු මාසයේ සිට වලංගු වන පරිදි අළුතින් දීමනා පත්‍රිකාවක් නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම් වරයාට බලය ඇත.
  • සමෘද්ධි දිමනා පත්‍රිකා මීයන් කෑම, ඉරී යාම, වතුර වැටීම හෝ කිළුටු වීම වැනි විවිධ හේතූන් නිසා එම දීමනා පත්‍රිකා භාවිතා කිරීමට නොහැකි බව දන්වා අළුත් දීමනා පත්‍රිකා ඉල්ලුම් කර ඇති විට එම ඉල්ලීම් පරීක්ෂා කර බලා දීමනා පත්‍රිකාවේ නිවැරදි භාවයත් එම ඉල්ලීමේ සාධාරණත්වයත් ගැන සෑහීමට පත් වීමෙන් අනතුරුව අදාළ දීමනා පත්‍රිකාවන්හි “බී” කොටස් ද ගෙන්වාගෙන එම දීමනා පත්‍රිකාවේ කැබලි වශයෙන් හෝ ඉතිරිව ඇති මුද්දර හඳුනාගෙන එම මුද්දරවලට අදාළ අංක සහිත මුද්දර පමණක් වලංගු වන පරිදි අළුතින් දීමනා පත්‍රිකාවක් නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට බලය ඇත.
 
ඉල්ලුම්පත් ආකෘතිය : නැත
 
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත :
 
ප්‍රතිලාභියා විසින් ලියනු ලබන අභියාචනය.
 

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 323
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty