The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බලයලත් වෙළෙඳ සලක් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බලයලත් වෙළෙඳ සලක් ලියාපදිංචි කිරීම

PDF Print Email

බලයලත් වෙළෙඳ සලක් ලියාපදිංචි කිරීම

සුදුසුකම්          
  • අදාළ ග්‍රාම නිලධාරී වසම තුළ සමූපකාර ප්‍රාදේශීකයන් නොමැති නම් හෝ සමූපකාර ප්‍රාදේශීකය සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය වීම හෝ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා නිසි පරිදි භාණ්ඩ බෙදා හැරීමට අපොහොසත් වීම.
  • විවිධ සේවා සමූපකාර සමිතිය මගින් එම ග්‍රාම නිලධාරී වසම තුළ භාණ්ඩ බෙදා හැරීම සඳහා වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් (ජංගම රථයක් මගින් බෙදා හැරීම වැනි) ගැනීමට අපොහොසත් වීම.
  • පළාත් සමූපකාර කොමසාරිස් ‍විසින් එම සමූපකාරයේ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවේදය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බවට සනාථ කළ යුතු යි.
  • ප්‍රතිලාභීන් විසින් වෙනත් බලයලත් වෙළඳ සලක් මගින් භාණ්ඩ ලබා ගැනීමට එකඟතාවය ප්‍රකාශ කර තිබිය යුතු යි.
  • සමෘද්ධී බැංකු සංගමය මගින් මුදල් ගෙවීම එම ග්‍රා‍ම නිලධාරී වසමේ ප්‍රතිලාභීන් අපහසුතායකට පත්වීමක් බවට ප්‍රාදේශීය ලේකම් විසින් තහවුරු කර තිබිය යුතු යි.
  • ඉල්ලුම් කරන බලයලත් වෙළඳ ආයතනය අදාළ ග්‍රාම නිලධාරී වසම තුළ වෙළඳ සලක් ලෙස ලියාපදිංචි වී අවම වශයෙන් වසර 03ක් වත් අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන ගොස් තිබිය යුතු යි.
  • පසුගිය මාස 06ක අදායම් වියදම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතු යි.
  • පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ වැරදි කරුවකු වී නොතිබිය යුතු යි.
  • ප්‍රමාණවත් ගබඩා පහසුකම් තිබිය යුතු යි.
  • සමෘද්ධි වැඩසටහනට පරිභාහිර ආයතනයක් විය යුතු යි. (සමෘද්ධි ප්‍රතිලාභියකු හෝ සමෘද්ධි වැඩසටහන යටතේ ආරම්භ කරන ලද වෙළඳ සලක් හෝ සමෘද්ධි නිලධාරියකුගේ ඥාති සම්බන්ධතාවයක් නොමැති බව)
  • ප්‍රතිලාභීන්ට කිසිදු අපහසුතාවයකින් තොරව භාණ්ඩ ලබාගැනීමේ හැකියාව තිබිය යුතු යි.
  • ණය පදනම මත භාණ්ඩ බෙදා හැරීමට හා සමෘද්ධි කොමසාරිස් ජනරාල් විසින් වරින් වර පනවන නියෝග වලට යටත්ව භාණ්ඩ බෙදාහැරීමට එකඟ විය යුතු යි.
 
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉහත අවශ්‍යතා සම්පූර්ණ කරන අවස්ථාවක දී ලිපියකින් ප්‍රාදේශීය ‍ෙල්කම් මගින් සමෘද්ධි කොමසාරිස් ජනරාල් වෙත තම ඉල්ලීම සිදුකළ හැක.
 
 
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන : නැත
 
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : නැත
  
ඉදිරිපත් කළ යුතු වේලාවන් : සතියේ වැඩකරන දිනයක දී.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : නැත
 
සේවාව ලබා දීමට ගත වන කාලය :
සියළු සුදුසුකම් නිසි පරිදි සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛණ සමග ඉදිරිපත් කර තිබේ නම් සතියේ වැඩ කරන දින 03ක් තුළ අදාළ අනුමැතිය ලබා දීමට කටයුතු කරනු ඇත.
 
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
  • සමූපකාර සමිතිය සාර්ථකව ක්‍රියාත්මක නොවන බවට සනාථ කරන ලියවිලි.
  • සමූපකාර පළාත් කොමසාරිස්ගේ නිර්දේශය
  • ප්‍රාදේශීය ලේකම්ගේ වාර්ථාව/නිර්දේශය
  • අවශ්‍ය විශේෂ අවස්ථාවල දී පමණක් දිස්ත්‍රික් සමෘද්ධි සහකාර කොමසාරිස්ගේ නිර්දේශ සහිත වාර්ථාව
  • වෙළඳසලේ ලියාපදිංචි සහතිකයේ සහතික පිටපතක්
  • ප්‍රතිලාභීන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :
 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
  • බලයලත් වෙළඳ සලක් සඳහා අනුමැතිය ලබා දෙනුයේ සමූපකාර සමිතිය යථාතත්වයට පත්වන තෙක් පමණී.
  • ඕනෑම අවස්ථ‍ාවක බලයලත් වෙළඳ නියොජිත තනතුර අත්හිටුවීමට ප්‍රාදේශීය ලේකම්ට, සමෘද්ධි සහකාර කොමසාරිස්ගේ නිර්දේශ මත දිස්ත්‍රික් ලේකම්ට හැකි අතර අවලංගු කිරීමේ බලය සමෘද්ධි කොමසාරිස් ජනරාල්ට ඇත.
  • හදිසියේ ඇතිවන තත්වයන් මත ඉහත අවශ්‍යතාවලින් පරිභාහිරව බලයලත් වෙළඳුන් පත්කර භාණ්ඩ බෙදා හැරීමට පියවර ගැනීම සමෘද්ධි කොමසාරිස් ජනරාල්වරයාගේ ආවරණ අනුමැතියට යටත්ව සිදුකිරීමට ප්‍රාදේශීය ලේකම්ට හෝ දිස්ත්‍රික් ලේකම්ට බලය ඇත.
  • බලයලත් වෙළෙඳ සලක් ලියාපදිංචි කිරීමේ දී පහත සඳහන් විස්තර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු ය.
  1. මෙම වසමට අයත් මුද්දර දැනට අනුයුක්ත කර ඇති ප්‍රාදේශිකයේ/වෙළෙඳ සලේ නම.
  2. එම ප්‍රාදේශිකයෙන්/වෙළෙඳ සලෙන් ලබා දෙන සේවයෙන් සෑහීමකට පත් විය හැකි ද?
  3. එම ප්‍රාදේශිකයට/වෙළෙඳ සලට සමෘද්ධිලාභීන්ට ඇති දුර ප්‍රමාණය කොපමණ ද?
  4. එම ප්‍රාදේශිකයට/වෙළෙඳ සලට අනුයුක්ත කර ඇති මුද්දර ප්‍රමාණය.
  5.  .............................මහතා/මියගේ වෙළෙඳ සල ආරම්භ කළ දිනය, ලියාපදිංචි කළ දිනය හා ලියා පදිංචි අංකය.
  6. මෙම වෙළෙඳ සලේ ක්‍රියාකාරීත්වය හා එයින් සමෘද්ධිලාභීන්ට නොකඩවා භාණ්ඩ ලබා ගැනීමට හැකිවේ ද?
  7. සමෘද්ධිලාභීන් සඳහා සහල් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා හැකියාවක් හා අවශ්‍ය සම්පත් ...................... මහතා/මියට තිබේ ද?
  8. ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් මෙම වෙළෙඳ සල සතුව තිබේ ද?
  9. සමෘද්ධිලාභීන් සඳහා නොපමාව සහල් නිකුත් කිරීමේ හැකියාවක් ....................... මහතා/මියට තිබේ ද?
  10. මෙම වෙළෙඳ සල පාරිභෝගික පනත යටතේ අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ ද?
  11.  ............................. මහතා/මිය පාරිභෝගික පනත යටතේ වැරදි කරුවෙකු වී තිබේ ද?
  • මීට අමතරව තවදුරටත් කරුණු සනාථකරගත යතු නම් ඒ සඳහා සමෘද්ධි කොමසාරිස් ජනරාල් විසින් කටයුතු කරනු ඇත.
 ඉල්ලුම්පත් ආකෘතිය : නැත
 
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත : නැත
 

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:20
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty