ළමුන්ට අදාළ ආඥාපනත් සංශෝධනය කිරීම සඳහා කටයුතු කිරීම |
|
|||
ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කටයුතු සකසමින් පවතී. ඒ අනුව සියළුම පළාත් ආවරණය වන පරිදි පළාත් 3 ක මෙම ආඥාපනත සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට වැඩමුළු 3 ක් පවත්වා ඇත. පරිවාස නිලධාරීන් , ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ,පොලිස් නිලධාරීන් ,කම්කරු නිලධාරීන් ,ජාතික ළමාරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් මෙම වැඩ මුළුවුළු වලට සහභාගීවී සිය අදහස් හා යෝජනා ලබා දී තිබේ. මෙයට අමතරව නීතිය සමඟ ගැටළු ඇති කර ගත් ළමුන් හා භාරය හා අරක්ෂාව අවශ්‍ය ළමා වින්දිතයින් උදෙසාද වැඩමුළුවක් පවත්වා පහත සංශෝධනයට අදාල යෝජනා ලබාගෙන තිබේ. මී ලඟ පියවර ලෙසට ජාතික වැඩමුළුවක් පවත්වා අදාල නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන පනත හැකි ඉක්මනින් සංශෝධනය කිරීමට පියවර ගනු ලැබේ. ළමා නිවාස ආඥාපනත සංශෝධනයට අවශ්‍ය පියවර ගෙන අදාල ආඥා පනත කෙටුම්පත් කොට සියළුම පලාත් සභා වෙත මේ වන විට මෙම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත. අනතුරුව බස්නාහිර පලාත විසින් ලබා දි ඇත. අනතුරුව බස්නාහිර පලාත විසින් එය ප්‍රතිපත්තියක් ලෙසට සම්මත කරගෙන එම පළාත තුල ක්‍රියාත්මක කරනු ලබයි. මෙම දෙපාර්තමේන්තුව සෘජුව කටයුතු කරනු ලබන ප්‍රධාන අනපනත් ලේඛණය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:30 |