ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන |
|
|||
මෙම වැඩසටහන මගින් ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාරික කුසලතාවයන් සංවර්ධනය කර ගැනීම අපේක්ෂා කෙරේ. වැඩසටහනේ අභිමතාර්ථ 01. ප්‍රතිලාභීන්ට වඩාත් හොද කළමනාකරණ පුහුණු හා අභ්‍යාස මගින් සිය ව්‍යාපාර සංවර්ධනය සදහා අවස්ථාව ලබා දීම. 02. පුහුණු ව්‍යාපාරිකයන් තුලින් රැකියා අවස්ථාවන් සදහා ඉල්ලුමක් උදාවන පරිදි පරිසරයක් නිරිමාණය කිරීම. තෝරාගැනීමේ නිර්ණායක 1. ව්‍යාපාරිකයකු ( විධිමත් / අවිධිමත්) හෝ පෞද්ගලික ව්‍යවසාය හිමිකරුවකු විය යුතුය. 2. වයස් සීමාව අවුරුදු 45 ට වඩා නොවැඩි විය යුතුය. 3. අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව තිබිය යුතුය. 4. පුහුණු වැඩසටහන සදහා නොකඩවා සහභාගී විය යුතුය පාඨමාලාවේ අන්තර්ගතය 1. ව්‍යාපාරික අදහස් ඇති කර ගැනීම 2. ව්‍යාපාරයක් ඇරඹීම (ව්‍යාපාරික සැලැස්මක් මත ) 3. ව්‍යපාරය වර්ධනය කිරීම 4. ව්‍යපාරය පුළුල් කිරීම / ව්‍යාප්ත කිරීම
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:17 |