The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම විදේශ දූත මණ්ඩල ගමන් බලපත් අයදුම් පත්‍ර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     OM/04/2010      OM/02B/2010      OM/02/2009
විදේශ දූත මණ්ඩල ගමන් බලපත් අයදුම් පත්‍ර

PDF Print Email

විදේශීය ඉල්ලුම් පත්‍ර

විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා උපදෙස්

ශ්‍රි ලාංකික පුරවැසිභාවය හිමි තැනැත්තෙකු විදේශ රටක සිටින විට අලුත් ගමන් බලපත්‍රයක් ගැනීමට හෝ ගමන් බලපත්‍ර අලුත් කරවා ගැනීමට එම රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා හෝ අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල‍යක් නොමැති නම් ආසන්නම රටේ ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා හෝ ඉල්ලුම් කළ හැකිය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විදේශීය දූත මණ්ඩල ශාඛාව මඟින් අයදුම්පත්‍රවලට අදාළ පිරිසැකසුම් ක්‍රියාවලිය සිදු කරනු ලබයි.

  1. ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
    • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත (Form ‘K’ – 35 A) අනෙකුත් තහවුරු කිරීමේ ලිපි ලේඛන ද සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට/ කොන්සල් කාර්යාලය වෙත භාර දිය යුතුය.
    • අයදුම්කරුගේ ප්‍රකාශයක් (Client Undertaking Section) ඇතුළත් කරමින් ගමන් බලපත්‍ අයදුම්පත්‍රය (Form ‘K’ – 35 A) සංශෝධනය කර ඇති අතර මෙම කොටස අයදුම්කරු විසින් අත්සන් කර කොන්සල් නිලධාරියා වෙත භාර දිය යුතුය. අයදුම්කරුගේ ප්‍රකාශය ඇතුළත් කොටසෙහි (CUS) අයදුම්කරුගේ අත්සන නොමැතිව කිසිදු අයදුම්පත්‍රයක් භාරගනු නොලැබේ.
    • අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ උපදෙස් පත්‍රිකාවක් ගමන් බලපත් අයදුම්පත භාර දෙන අවස්ථාවේදි සෑම අයදුම්කරුවකු වෙතම නිකුත් කරනු ඇත.
    • මුද්‍රිත අයදුම්පත්‍රය (Form ‘K’ – 35 A) එක් එක් රටෙහි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය/ කොන්සල් අංශයෙන් හා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
    • ගමන් බලපත් අයදුම්පත්‍රය Form K 35 A බාගත කරගන්න (විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා පමණයි)

විදේශීය දූත මණ්ඩල ශාඛා හරහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ආකාරය:
අවශ්‍ය ලියාකියවිලි අයදුම්පත් බාගත කිරීම බලන්න.
අදාළ චක්‍රලේඛය : OM/2021/01

  1. 2018 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම්කරන අයදුම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදි ඔවුන්ගෙන් ඇඟිලි සලකුණු ලබාගනු ලැබේ.
    • 2018.01.01 දින සිට නව ගමන් බලපත්‍රයක් ලබාගත් අයදුම්කරුවකු ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
      • ගුවන් මගීන් ආගමන කවුළුව වෙත වාර්තා කළ යුතුය.

එසේත් නැතිනම්

ප්‍රධාන ආගමන නිලධාරියා වෙත සෘජුවම වාර්තා කළ යුතුය.

      • මෙහිදී අදාළ ගුවන් මගියා වෙත සුවිශේෂි යොමු අංකයකින් යුතු ජෛවමිතික දත්ත ලබාගැනිමේ ආකෘති පත්‍රිකාවක් (BDA) නිකුත් කරනු ලැබේ.
      • අදාළ ගුවන් මඟියා විසින් ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ආකෘති පත්‍රය (BDA) පිටපත් දෙකකින් යුතුව අත්සන් කළ යුතුය.
      • ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ආකෘති පත්‍රයෙහි එක් පිටපතක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජෛවමිතික දත්ත ලබා ගන්නා  අවස්ථාවට ඉදිරිපත් කිරීම සඳහා එම පුද්ගලයා වෙත ලබා දෙනු ලැබේ.
      • අනෙක් පිටපත ගුවන් තොටුපළෙහි රඳවා ගනු ලැබේ.

ගුවන් තොටුපළෙන් පිටත්ව යන අවස්ථාවේදී ජෛවමිතික දත්ත ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැත.

    • ශ්‍රී ලංකාවට ඇතුළුවීමෙන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
      • ජෛවමිතික දත්ත ලබාදිම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ එහි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකට (මාතර, මහනුවර,වවුනියාව,කුරුණෑගල) වාර්තා කළ හැකිය.
      • විදේශ දූත මණ්ඩල අංශයෙහි ස්ථාපිත කර ඇති විශේෂ කවුළුවේදී ඇඟිලි සලකුණු ලබා ගැනීම සිදු කරනු ලැබේ.
      • මෙම ක්‍රමවේදය නිම කිරිම සඳහා සාමාන්‍යයෙන් ගතවන කාලය විනාඩි 30 - 45 ක් පමණ වේ.
      • ශ්‍රී ලංකාවෙන් පිටව යාමට හැකිවන පරිදි ප්‍රත්‍යන්ත පාලන පද්ධතිය යාවත්කාලීන කරනු ලැබේ.

අඟිලි සළකුනු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය : DIE/OM/CIR/2017/01

විමසීම් විස්තර

නියෝජ්‍ය පාලක - ජනක ප්‍රේමරත්න මහතා
නියෝජ්‍ය පාලක - ඊ. ඩි. එම්. පි. කේ. ධනපාල මහතා
දු.අ. +94 11 5329230 දිගුව 9230     
ෆැක්ස් +94 11 2879213       
ඊ මේල් acom@immigration.gov.lk

ඉල්ලුම් පත්‍ර සඳහා අදාළ ගාස්තු විදේශ දූත මණ්ඩල කාර්යාලවල සටහන් කොට ඇත.

පහත සඳහන් චක්‍රලේඛ බලන්න,

සහායක සේවාවන්

සහතික කිරීමේ සේවාව

ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද ?

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත ‍සේවා මණ්ඩල ශාඛාව මගින් සහතික කිරීමේ සේවාව සපයනු ලැබේ.

මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි කවරේද ?

මුල් ගමන් බලපත්‍රය සහ සහතික කිරීමට අවශ්‍යය පිටපත්.

මෙම සේවයට අදාළවන ගාස්තු කවරේද ?

එක් පිටපතක් සඳහා ශ්‍රී ලංකා රු. 300.00. 


පරිවර්තන සේවය

ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ හා අදාළ පිටසන් වල අරාබි පරිවර්තනය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සපයා දෙනු ලැබේ.

මාගේ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගන්නා ක්‍රියා පටිපාටිය කුමක් ද ?

අයදුම්කරු ස්වකීය ගමන් බලපත්‍රය රැගෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමාම පැමිණිය යුතුය.

මෙම සේවයට අදාළ වන ගාස්තුව කවරේද ?

එක් ගමන් බලපත්‍රයක් පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රු.1200.00 ක අයකරනු ලැබේ.

 


ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


එච්. එම්. අයි. කේ. හේරත් මහතා
දුරකථන:+94-11-2101500
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-01-12 04:04:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2023-05-23
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty