The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස ණය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිවාස ණය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්

වයස අවු.18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය. ස්ථිර රැකියා නි‍යුක්තිකයෙක් විය යුතුය. ස්වයංරැකියාවක නියලෙන්නෙකු නම් එම ව්‍යාපාරය රජයේ ලියාපදිංචි කර තිබිය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රධාන කාර්යාලය හා සියලුම ශාඛා

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- ගාස්තු නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා
ගෙවීම් කටයුතු සඳහා    පෙ.ව.8.30 -   ප.ව. 3.30

නෙකුත් කටයුතු සඳහා  පෙ.ව.8.30 -   ප.ව.4.30

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

බැංකු ගාස්තු, දේපල තකසේරු කිරීමට හා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB)  ලබා ගන්නා වාර්තා ලබා ගැනීම සඳහා වු ගාස්තු ණය මුදා හරින අවස්ථාවේදී ගෙවිය යුතු වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-

කඩිනම් සේවා  - වැඩකරන දින 5, ප්‍රමුඛ සේවා - වැඩකරන දින 10,  අනෙකුත් ‍ණය - වැඩකරන දින 24

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

නිවසක් ඉදිකිරිම සඳහා

ණය අංශය සඳහා

පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපතක් සමඟ අනුමැතිය අවශ්‍ය නොවේ නම් ඒ බැව් සඳහන් කරමින්, පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක්. ආදායම පිළිබඳ සාක්ෂි              -    වැටුප් වාර්තාවක් , මාස6 ක වැටුප් පත්‍රිකා , පසුගිය මාස 6 සඳහා වු බැංකු ප්‍රකාශන/ බැංකු පොත යාවත්කාලීකර මාස 06ක ඡායා පිටපත්, පසුගිය වර්ෂ 3 සඳහා විගණන වාර්තා, ආදායම් බදු විස්තර/ ව්‍යාපාර ලියාපදිංචි ආදිය.         (ණය ආපසු ගෙවීම කෙරෙන්නේ ව්‍යාපාර ආදායමින් වු විට), ඉදිකිරීම සඳහා යෝජිත නිවසේ ඇස්තමේන්තුව - පිටපත් 1, මුළු ඇස්තමේන්තුව රු.1,500,000/- ඉක්මවන විට මෙය වරලත් වාස්තු විද්‍යාඥයකු සිවිල් ඉංජිනේරුවකු හෝ ප්‍රමාණ සමීක්ෂකයකු විසින් අනුමත කළ යුතුය., මානක සැලැස්මේ ඡායා පිටපත් 1., හිමිකම් ඔප්පුවේ පිටපත., ඉදිකිරීම් - ඇපයට තැබු දේපල හැර වෙනත් දේපලක් මත නම් පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය., සින්නක්කර ඔප්පුවේ ඡායා පිටපත 1., ඉදිකිරීම සිදු කෙරෙන දේපළෙහි/ මානක සැලැස්මේ පිටපත1.,මෙම දේපළ පිහිටි ඉඩමට යන මාර්ගයෙහි කටුසටහන (පිටපත් 2), විථී රේඛා සහතිකයෙහි ඡායා පිටපත් 1., අයඳුම්කරු/වන්ගේ ජාතික හැඳුනුම්පතෙහි/ පත්වල පැහැදිලි ඡායා පිටපත්. , අයඳුම්කරු/වන්ගේ ඡායාරූප 2ක්.  
නීති අංශය සඳහා
හිමිකම් ඔප්පුව/ ඔප්පු (මුල් පිටපත/ පත්) සමඟ ඡායා පිටපත, ඉඩමේ මානක සැලැස්මේ සහතික කරන ලද පිටපත, (අවුරුදු 20කට වඩා පැරණි නොවිය යුතුය), ඉඩම් රෙජිස්ටාර්තුමා විසින් සහතික කරන ලද ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබා ගත් අවු.20 දක්වා වු බැඳීම් පිළිබඳ පත් ඉරු, පහත සඳහන් ලිපි ලේඛන ඉඩම පිහිටා ඇති ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙන් ලබාගත යුතුය. හිමිකම් සහතිකය, විථි රේඛා සහතිකය
නොපවරා ගැනීමේ සහතිකය, අවසන් කාර්තුව සඳහා බදු කුවිතාන්සිය, වරිපණම් දැන්වීම, ඇටර්නි බලපත්‍රය (අදාළ නම්), ඇපයට තැබු දේපලට අදාළ පෙර ඔප්පු/ සැලසුම් තිබේනම් ඒවා.
 

ඉඩමක්/ නිවාස දේපලක් මිලදී ගැනීම
ණය අංශයට
රා.උ.හා ආ. බැංකු ආකෘති පත්‍ර අංක 1 (අයඳුම්පත) සහ පිටපත් දෙකකින් යුත් ආකෘති පත්‍ර අංක 11 , බීඇමුණුම,  ආදායම් ඔප්පු කිරිමේ ලිඛිත සාක්ෂි         -    වැටුප් වාර්තාවක්, - මාස6 ක වැටුප් පත්‍රිකා, පසුගිය මාස 6 සඳහා වු බැංකු ප්‍රකාශන/ බැංකු පොත යාවත්කාලීකර මාස 06ක ඡායා පිටපත්, විකුණුම් මිල යම්කිසි අත්තිකාරම් මුදලක් ගෙවා ඇත්නම් එයද සඳහන් කරමින් විකුණුම්කරුගේ ලබාගත් ලිපියක් සහ ඔහුගේ නමින් ඔප්පුවේ ඡායාස්ථිත පිටපතක්, උකස් කරනු ලබන දේපලෙහි වටිනාකම පිළිබඳව, බැංකුවේ තක්සේරුකරු‍ව‍න්ගේ අනු මණ්ඩලයේ සාමා‍ජිකයෙකුගෙන් ලබාගත් පිටපත් 3කින් සමන්විත තක්සේරු වාර්තාව, මිණුම් පිඹුරේ ඡායාස්ථීත පිටපත් දෙකක්, විකුණූම් මිල සහ අයඳුම් කරනු ලබන ණය මුදල අතර වෙනස පියවා ගන්නා ආකාරය ලිඛිත සාක්ෂි මගින්, මුල් තැන්පතුවට අදාල කුවිතාන්සිය, මිලදි ගනු ලබන ඉඩම/ගෙය ඇප දේපල නොවන වෙනත් දේපලක් නම්,පහත සඳහන් විස්තර, මිළදී ගනු ලබන ඉඩමේ ඔප්පුවේ පිටපතක්, මිණුම් පිඹුරේ පිටපත් දෙකක්, එම ඉඩමට යා හැකි පහසුම මාර්ගය පෙන්නුම් කරමින් (දුර ප්‍රමාණය සහිතව) අඳිනු ලැබු කටු සටහන, පිටපත් දෙකකින්, විථි රේඛා සහතිකයේ ඡායාස්ථිත පිටපත් දෙකක්, අයඳුම්කරු/ අයඳුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාස්ථීත පිටපතක්, අයඳුම්කරු/ අයඳුම්කරුවන්ගේ (ප්‍රමාණය 2”, 2 ½”) ඡායාරූපයක්, විකුණුම්කරු/ විකුණුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාස්ථිත පිටපතක්
නීති අංශය සඳහා
මිණුම් පිඹුර (මුල් පිටපත), හිමිකම් වාර්තාව(පිටපත් දෙකකින්), හිමිකම් ඔප්පුව / ඔප්පු (මුල්පිටපත්), පත් ඉරු, ඔබ නමින් පිළියෙල කරන ලද ඔප්පුවල කෙටුම්පත් දෙකක් (මිලදී ගන්නා ඉඩමේ), හිමිකම් සහතිකය, විථි රේඛා සහතිකය (මුල් පිටපත), නොපවරා ගැනීමේ සහතිකය, වරිපනම් දැන්වීම, බදු කුවිතාන්සිය, ඇටෝනි බලපත්‍රය (අදාල අවස්ථාවන්හිදී පමණි.), ඇප වශයෙන් ඉදිරිපත් කර ඇති දේපල සම්බන්ධව මීට පෙර ඔප්පු, පිඹුරුපත් ආදිය ඇත්නම් ඒවාද මෙම කරුණු යටතේ වැඩි විස්තර බැංකුවෙන් ලබා ගන්න.


ආයතනයේ තොරතුරු

State Mortgage and Investment Bank

269,
Galle Road,
Colombo 03.



දුරකථන:+94 11-7722722-3
ෆැක්ස් අංක:  +94 11-2575031
විද්‍යුත් තැපෑල: info@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

අදාළ සේවා

ලියාපදිංචි කළ වෘත්තීය සමිති යාවත්කාලීන කිරීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 09:28:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 365
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty