The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය

PDF Print Email

 

ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය

යෝග්‍යතාව : ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය ගුවන් ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු සිදු කර ගෙන යාම පිණිස කිසියම් පුද්ගලයෙකුට හෝ සංවිධානයක් වෙත මෙම බලපත්‍රය නිකුත් කරනු ලැබේ. ගුවන් ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු යනුවෙන් අදහස් කරනුයේ, ගුවන් යානයක ක්‍රියාකරු වශයෙන් හෝ මූලිකයා හෝ නියෝජිතවරයා වශයෙන් ගුවන් යානයක් මගින් පුද්ගලයින් හෝ බඩු තොග හෝ තැපෑල රැගෙන යාම සඳහා ඉඩකඩ සැපයීම වේ. මෙම බලපත්‍රය ලබා ගත යුත්තේ කවුරුන් විසින් ද? 1992 අංක 55 දරන ගුවන් ප්‍රවාහන (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ශ්‍රී ලංකාව තුළ ගුවන් ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු සිදු කර ගෙන යාම සඳහා අපේක්ෂිත අයදුම්කරුවෙකු වෙත අධිකාරිය මගින් නිකුත් කරනු ලබන නෛතික ලියවිල්ලකි. ගුවන් ප්‍රවාහන ව්‍යාපාරික කටයුතු සිදු කර ගෙන යාමට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකු (පුද්ගලයින්), හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් (සමාගම්) විසින් ම මෙම බලපත්‍රය ලබා ගත යුතු වේ. බලපත්‍ර වර්ගීකරණය මූලික වශයෙන් ආයතනයේ ගෙවා නිමි ප්‍රාග්ධනය / කොටස් ප්‍රාග්ධනය / ප්‍රාග්ධන දායක මුදල් මත පදනම්ව ‘ඒ’ කාණ්ඩය හා ‘බී’ කාණ්ඩය වශයෙන් බලපත්‍ර වර්ග දෙකකි. බලපත්‍ර වර්ග දෙක අතර වෙනස ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ගුවන් යානා සමාගමක, ඕනෑම ව්‍යාපාරික කටයුත්තක ගනුදෙනුවක දී, ‘ඒ’ කාණ්ඩයේ බලපත්‍රලාභියෙකු අදාළ ගුවන් සමාගම හෝ පොදු අලෙවි නියෝජිතවරයා සමඟ ඍජුවම කටයුතු කරනු ඇත. ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ගුවන් යානා සමාගමක, ඕනෑම ව්‍යාපාරික කටයුත්තක ගනුදෙනුවක දී, ‘බී’ කාණ්ඩයේ බලපත්‍රලාභියෙකු අදාළ ගුවන් සමාගම සමඟ ඍජුවම කටයුතු නොකළ යුතු වේ. ‘බී’ කාණ්ඩයේ බලපත්‍රලාභියෙකු එවැනි ව්‍යාපාරික ගනුදෙනු කළ යුතු වන්නේ ‘ඒ’ කාණ්ඩයේ බලපත්‍රලාභියෙකු සමඟ හෝ ‍එවැනි බලපත්‍රලාභියෙකු හරහා පමණි. ‘ඒ’ කාණ්ඩයේ බලපත්‍රය (අ) රු. 500,000/- ක හෝ ඊට වැඩි ගෙවා නිමි ප්‍රාග්ධනයක් සහිත, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් (ආ) රු. 500,000/- ක හෝ ඊට වැඩි ප්‍රාග්ධන දායක මුදලක් සහිත, ව්‍යාපාර නාම ආඥා පනතේ (149 වන පරිච්ඡේදය) යටතේ ලියාපදිංචි කරන ලද හවුල් ව්‍යාපාරයක් (ඇ) රු. 500,000/- ක හෝ ඊට වැඩි ගෙවා නිමි ප්‍රාග්ධනයක් සහිත, ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි වූ තනි අයිතිකරුවකු (ඈ) වලංගු විදේශීය ගුවන් ගමන් ක්‍රියාකරු සහතිකයක් (FAOC) හිමි ගුවන් ප්‍රවාහන සමාගමක් වෙත ‘ඒ’ කාණ්ඩයේ බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හිමිකම් ලැබෙනු ඇත. ‘බී’ කාණ්ඩයේ බලපත්‍රය (අ) රු. 250,000/- කට නොඅඩු ගෙවා නිමි ප්‍රාග්ධනයක් සහිත, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් (ආ) රු. 250,000/- කට නොඅඩු ප්‍රාග්ධන දායක මුදලක් සහිත, ව්‍යාපාර නාම ආඥා පනතේ (149 වන පරිච්ඡේදය) යටතේ ලියාපදිංචි කරන ලද හවුල් ව්‍යාපාර (ඇ) රු. 250,000/- කට නොඅඩු ප්‍රාග්ධන දායක මුදලක් සහිත, ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි වූ තනි අයිතිකරුවකු වෙත ‘බී’ කාණ්ඩයේ බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හිමිකම් ලැබෙනු ඇත.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:-

අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය අංක 4, හුණුපිටිය පාර, කොළඹ 2 

අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 571/=

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.15 සිට ප.ව. 4.15 දක්වා

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- අ. මූලික අයදුම් පත් ආකෘති පත්‍රය රු. 571/- ආ. ඇගයීම් ගාස්තුව රු. 2857/- ඇ. ලියාපදිංචි ගාස්තුව ‘ඒ’ කාණ්ඩය රු. 6214/- ‘බී’ කාණ්ඩය රු. 2486/- ඈ. අළුත් කිරීමේ ගාස්තුව ‘ඒ’ කාණ්ඩය රු. 6214/- ‘බී’ කාණ්ඩය රු. 2486/- ඉ. සංශෝධිත බලපත්‍රය රු. 789/-

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) සති දෙකකි.

අවශ්‍ය උපකාරක ලේඛන අ. නියෝජිතායතනය විසින් නියෝජිතයකු වශයෙන් පත් කර ඇති බවට ගුවන් සමාගම හෝ ‘ඒ’ කාණ්ඩයේ බලපත්‍රලාභියකුගෙන් ලද පත්වීම් ලිපියක්. ආ. කාර්ය මණ්ඩලයේ සුදුසුකම් - නියෝජිතායතනයේ කාර්ය මණ්ඩලය අවම වශයෙන් IATA/UFTA සුදුසුකම් ලත් සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතුය. ඇ. ව්‍යාපාරය අඛණ්ඩව සිදු කර ගෙන යාම සඳහා ප්‍රමාණවත් කාර්යාල ඉඩ පහසුකම් නියෝජිතායතනය සතු විය යුතුය. ඈ. ව්‍යාපාරය අඛණ්ඩව සිදු කර ගෙන යාම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නියෝජිතායතනය සතු බව සනාථ කිරීම සඳහා වන ලියකියවිලි ඉ. ඉදිරියේ දී සංවිධානය තුළ සිදු වන සියලු ම වෙනස්කම් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝජිතායතනය මඟින් දැනුම් දෙන බවට එකඟ වූ සහතික කිරීමේ ලිපියක්. ඊ. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය සහ සාංගමික ව්‍යවස්ථාවලිය (අදාළ වේ නම්) උ. පසුගිය වසර තුනක මූල්‍ය ප්‍රකාශ ඌ අවශ්‍ය වන්නේ නම් ඉදිරියේ දී බැංකු ඇපකරයක් ලබා දෙන බවට නියෝජිතායතනය මඟින් එකඟ වූ සහතික කිරීමේ ලිපියක්

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරියා

තනතුර  නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂ - ගුවන් ප්‍රවාහන හා නීති කටයුතු රේහාන් වන්නිඅප්පා සාමූහික  2358818 2304647 ddatla@caa.lk

ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු

අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) අයදුම් පත් ආකෘති පත්‍රය අයදුම් පත් ලියකියවිලි ගොනුව සමඟ ලබා දෙනු ලැබේ.

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) අදාළ නොවේ.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.



දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:47:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty