The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විනය අංශය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විනය අංශය

PDF Print Email

අංක 1733/52 හා 2011.11.25 දිනැති රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගැසට් නිවේදනය ප්‍රකාරව බලය අභිනියෝජනය කර නොමැති නිලධරයන් සම්බන්ධව ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ පළමු වන උප ලේඛනයෙහි සඳහන් වැරදිවලට අදාළ විනය පාලන බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

මීට අමතරව, රජයේ නිලධාරින් සම්බන්ධව, ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ දෙවන උප ලේඛනයෙහි සඳහන් වැරදිවලට අදාළ විනය පාලනය සම්බන්ධ අභියාචන බලධරයා ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරයි.

අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්/ දෙපාර්තමේන්තු ප්‍රධානීන්/ ආයතන ප්‍රධානීන් (පරිපාලන බලධාරින්) විසින් මෙහෙයවනු ලබන මූලික විමර්ශනවලට අදාළ කටයුතු.

විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 12 වන වගන්තිය ප්‍රකාර විශ්‍රාම ගැන්වීම් (අදාළ වන පරිදි), ආයතන සංග්‍රහයේ II වන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 33 වන වගන්තිය ප්‍රකාරව සාමාන්‍ය අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගැන්වීම්.

විධිමත් විනය ක්‍රියාමාර්ග : චෝදනා පත්‍ර නිකුත් කිරීම, පරීක්ෂණ නිලධාරීන්, පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන් හා රැකවරණ නිලධාරීන් පත්කිරීම, චූදිත නිලධාරින් විසින් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු සහ/හෝ විධිමත් විනය පරීක්ෂණවල නිගමන මත පදනම් වූ කරුණු සලකා බලා ඔවුන් නිදොස්කොට නිදහස් කිරීම හෝ දඩුවම් පැමිණවීම.

විනය පරීක්ෂණ නිලධාරි සංචිතය පවත්වා ගැනීම, විනය පරික්ෂණ නිලධාරින්ට ගෙවීම සිදුකිරිම.

ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ දෙවන උපලේඛනයෙහි සඳහන් වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කරන අදාළ අභිනියෝජිත බලධරයන් විසින් ගනු ලබන විනය ක්‍රියා මාර්ගවලට එරෙහිව මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධ කටයුතු.

අදාළ බලධරයන් විසින් නිකුත් කරනු ලබන සේවය හැරයාමේ නිවේදනවලට විරුද්ධව මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සම්බන්ධ කටයුතු

යථෝක්ත කර්තව්‍යයන්ට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝග/ තීරණයන්ට එරෙහිව අභියාචනා විනිශ්චය අධිකාරය වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා හා උපරිමාධිකරණයන්හි ගොනු කරනු ලබන නඩු අයදුම්පත් සම්බන්ධ කටයුතු.


ආයතනයේ තොරතුරු

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

අංක 1200/9,
රාජමල්වත්ත පාර,
බත්තරමුල්ල.



දුරකථන:+94 11 2136600, +94 112 136 650
ෆැක්ස් අංක:+94 112 876 181, +94 112 876 169
විද්‍යුත් තැපෑල:info@psc.gov.lk
වෙබ් අඩවිය: www.psc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-08-22 16:04:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty