The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආනයනකරුවන්/අපනයනකරුවන් ලියාපදිංචි කිරීම (TIN/VAT ලියාපදිංචිය)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආනයනකරුවන්/අපනයනකරුවන් ලියාපදිංචි කිරීම (TIN/VAT ලියාපදිංචිය)

PDF Print Email

                                                 මුදල් අමාත්‍යාංශය
                              ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව



ආනයනකරුවන්/අපනයනකරුවන් ලියාපදිංචි කිරීම (TIN/VAT ලියාපදිංචිය)

භාණ්ඩ ආනයනය/අපනයනය කිරීමට අවශ්‍ය සෑම පුද්ගලයකුම/ආයතනයක්ම, ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි විය යුතු ය.  ශ්‍රී ලංකා රේගුවේ විශේෂ සේවා අංශයේ, TIN/VAT ලියාපදිංචි අංශය මේ සඳහා රේගු මූලස්ථානයේ බිම් මහලේ පිහිටුවා ඇත.

ඔබ බලාපොරොත්තු වන කාර්යයට හා ව්‍යාපාර වර්ගය අනුව ලියාපදිංචිය සඳහා අවශ්‍ය වන ලියකියවිලි පහත දැක්වේ.


වාහන ආනයනකරුවකු ලෙස පුද්ගයකු ලියාපදිංචි වීම (බලපත්‍රලාභීන් හැර)

පහත ලියකිවිලිවල මුල් පිටපත් හා ඡායාස්ථ පිටපත් ඉදිරිපත් කල යුතුය

  • නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම් පත්‍රය. (මෙම ස්ථානයෙන් බාගත කළ හැක)
  • ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍රය
  • ඉන්වොයිස් පත්‍රය
  • නැව්භාර පත්‍රය


වාහන ආනයනකරුවකු ලෙස පුද්ගලයකු ලියාපදිංචි වීම (බලපත්‍රලාභීන්)


පහත ලියකිවිලිවල මුල් පිටපත් හා ඡායාස්ථ පිටපත් ඉදිරිපත් කල යුතුය

  • නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම් පත්‍රය (මෙම ස්ථානයෙන් බාගත කළ හැක)
  • ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍රය
  • රාජකාරි හැඳුනුම් පත්‍රය
  • ඉන්වොයිස් පත්‍රය
  • ගොඩබෑම් බිල
  • බලපත්‍රය



ආයතන ලියාපදිංචිය (සීමාසහිත සමාගම්)

සීමිත සමාගම්/සීමිත (පුද්ගලික) සමාගම් ලියාපදිංචිය සඳහා පහත ලියකියවිලිවල මුල් පිටපත් හා ඡායාස්ථ පිටපත් ඉදිරිපත් කරන්න. 

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම් පත්‍රය (මෙම ස්ථානයෙන් බාගත කළ හැක)
  • VAT සහතිකය (දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ)
  • TIN සහතිකය (දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ)
  • ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍රය (අයදුම් පත්‍රයට අත්සන් කළ අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ)
  • ජාතික හැඳුනුම්පත/ගමන් බලත්‍රයේ ඡායාස්ථ පිටපත් (සියළුම අධ්‍යක්ෂවරුන්ගේ)
  • Form 1 හා Form 48/40 (ව්‍යාපාර නාම ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත්)
  • සංස්ථාපනය කිරීමේ නිවේදනය
  • වාණිජ ඉන්වොයිසිය හා ගොඩබෑම් බිල
  • SMS අයදුම්පත්‍රය
  • Form 44, 45 හා 46 (විදේශීය සමාගම් සඳහා) (ව්‍යාපාර නාම ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත්)
  • Form 13 (ලිපිනයේ වෙනස්කම් තිබේනම්) (ව්‍යාපාර නාම ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත්)
  • Form 20 (අධ්‍යක්ෂවරුන්ගේ වෙනස්කම් තිබේනම්) (ව්‍යාපාර නාම ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත්)
  • Form 3 (ව්‍යාපාර නාමය වෙනස්කම් තිබේනම්) (ව්‍යාපාර නාම ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත්)
  • අපනයනකරුවන් සඳහා EDB සහතිකය (අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නිකුත් කළ)
  • BOI සමාගම් සඳහා BOI ලියාපදිංචි සහතිකය


තනි පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර ලියාපදිංචිය

පහත ලියකියවිලි වල මුල් පිටපත් හා ඡායාස්ථ පිටපත් ඉදිරිපත් කල යුතුය.

  • ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍රය /රියදුරු බලපත්‍රය (අධ්‍යක්ෂවරුන්/හවුල්කරුවන් දෙදෙනෙකුගේ)
  • ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය (ඡායාස්ථ පිටපත්) (සියළුම අධ්‍යක්ෂවරුන්ගේ/හවුල්කරුවන්ගේ)
  • ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
  • TIN හා VAT සහතික
  • ව්‍යාපාර පිහිටි ස්ථානයේ හිමිකම් ඔප්පු/බදු ඔප්පු (ව්‍යාපාර ස්ථානය අයිතිකරුගේ/හවුල්කරුවකුගේ නමින් නොමැති විට ඉඩම්හිමියාගේ අනුමැතිය සඳහන් ලිපිය)
  • ලිපිනය සනාථ කිරීම (ජල බිල්/විදුලි බිල්/දුරකථන බිල්)
  • ආසන්න මසක කාලයක බැංකු වාර්තා
  • වානිජ ඉන්වොයිසිය/ගොඩබෑම් බිල (ආනයනකරුවකු ලෙස ලියාපදිංචි වන විට)
  • SMS අයදුම් පත්‍රය
  • EDB සහතිකය (අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වන විට)



සමාගමක ලිපිනය වෙනස්වීමක් කළ යුතු විට

පහත ලියකියවිලි වල මුල් පිටපත් හා ඡායාස්ථ පිටපත් ඉදිරිපත් කල යුතුය.

  • අවශ්‍යතාව සඳහන් කරමින් ඉල්ලීමේ ලිපියක් (රේගු අධ්‍යක්ෂ ජනරාල් නමට ඉදිරිපත් කරන්න)
  • VAT සහතිකය
  • TIN සහතිකය
  • Form 13 (ව්‍යාපාර නාම ලියාපදිංචි කාර්යාලයෙන් නිකුත් කළ)
  • ලිපිනය සනාථ කිරීම (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින්)


තනි පුද්ගල හා හවුල් ව්‍යාපාරවල ලිපිනය වෙනස්වීමක් කළයුතු විට

පහත ලියවිලිවල මුල් පිටපත් හා ඡායා පිටපත් ඉදිරිපත් කල යුතුය.

  • අවශ්‍යතාවය සඳහන් කරමින් ඉල්ලීමේ ලිපියක් (රේගු අධ්‍යක්ෂ ජනරාල් නමට ඉදිරිපත් කරන්න)
  • VAT සහතිකය
  • TIN සහතිකය
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය (BRC)
  • ලිපිනය සනාථ කිරීම (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින්)
  • ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඔප්පුව හෝ බදු ගිවිසුම (ඔප්පුව, ව්‍යාපාරය හිමිකරු හෝ හවුල්කරුවන්ගේ නමට නොමැති අවස්ථාවක දී, ඔප්පුවේ හිමිකරු විසින් ඒ බව දිව්රුම් ප්‍රකාශයකින් ලබාදිය යුතු ය.


සමාගම් නාමය වෙනස් කිරීමට අවශ්‍ය ලියවිලි

පහත ලියකියවිලි, ඒවායේ පිටපත් සමග ලබාදිය යුතු ය.

  • ඉල්ලුම් කිරීමේ ලිපිය (රේගු අධ්‍යක්ෂවරයාගේ නමට)
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය (BRC)
  • VAT සහතිකය
  • TIN සහතිකය


VAT අංකයේ වෙනසක් කිරීම (අවසාන අංක 4) අවශ්‍ය ලියවිලි

පහත ලියවිලි, ඒවායේ පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතු ය.

  • ඉල්ලීමේ ලිපිය (රේගු අධ්‍යක්ෂවරයාගේ නමට)
  • VAT සහතිකය


තාවකාලික VAT අංකය යටතේ යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ලියවිලි

  • VAT සහතිකය
  • ඉන්වොයිසිය
  • නැව්භාර පත්‍රය


රේගු නියෝජිතයන්ගේ (CHA) තාවකාලික VAT අංකයේ වලංගු කාලය යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ලියවිලි

  • VAT සහතිකය
  • වලංගු CHA බලපත්‍රයක් හෝ අළුත් කිරීමේ අයදුම් පත්‍රය (CHA අංශයේ ස්ථානාධිපති විසින් අනුමත කරන ලද)


වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

https://www.customs.gov.lk/vatreg.html


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:31:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty