The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ රැකියාවක් සදහා ලියාපදිංචි වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ රැකියාවක් සදහා ලියාපදිංචි වීම

PDF Print Email

1. ලියාපදිංචි ඒජන්සි ආයතනයක් මාර්ගයෙන්

අවසන් අනුමැති අංශය

සුදුසුකම් වලින් යුත් පුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරීම ආරක්ෂිතව කිරීම නිත්‍යානුකුලව සිදුකිරීම සඳහා බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන වලට සවිබලදීම හා සහාය වීම මෙම අංශය අරමුණ වේ.

ක්‍රියාත්මක ස්ථානය:
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
දුරකථන අංක - 0112880500/ 011-2864108
ඊ මේල් - chmn@slbfe.lk

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - 011-2866856
කළමනාකරු - 011-2864108

අවසන් අනුමැතිය ලබා දෙනු ලබන කාර්යාංශයේ ශාඛා කාර්යාල

                  කාර්යාලය                                         ලිපිනය                                 දුරකථන අංකය
1.    කුරුණෑගල පළාත් කාර්යාලය        නො 235/32, විජයබා මාවත,කුරුණෑගල                 0372220441
2.    මහනුවර පළාත් කාර්යාලය           නො 353,කොළඔ පාර, කෙහෙල්වල, කිරිබත්කුඹුරු    0812068101
3.    බදුල්ල පළාත් කාර්යාලය             නො117/3, මහියංගන පාර, බදුල්ල                       0552231766
4.    රත්නපුර පළාත් කාර්යාලය           නො 6, බටුගෙදර, රත්නපුර                                 0452223077
5.    අනුරාධපුර පළාත් කාර්යාලය         395/12A මුදිතා මාවත, අනුරාධපුරය                      0252223464

අවසන් අනුමැති අංශයේ සේවාවන්

අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන

  •     වලංගු ගමන් බලපත්‍රය
  •     සේවා ගිවිසුම
  •     පවුල් පසුබිම් වාර්ථාව
  •     අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහා අයදුම්පත- එච් පෝරමය
  •     රැකියා ඇණවුම
  •     අදාළ ගාස්තු ගෙවු බැංකු රිසිට්පත්


විදේශගත කිරිම සදහා රැකියාලාභින් සපුරාලිය යුතු සුදුසුකම්

  •     විදේශ රැකියාලාභින් සුදුසුකම් සපිරි පුහුණු ශ්‍රමිකයන් විය යුතුය.
  •     නියමිත වයස් මට්ටම   -  

                                සවුදි රාජ්‍ය  සඳහා ගෘහාශ්‍රිත කාන්තා                                          - අවු 25
                                අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා  ගෘහාශ්‍රිත කාන්තා                    - අවු 23
                                සිංගප්පුරුව,මැලේසියාව,සයිප්රරසය හා මැදපෙරදිග නොවන රටවල්    - අවු 21
                                ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන පිරිමි                                       - අවු 21
                                ගෘහාශ්‍රිත නොවන රැකියා සඳහා යොමුවන කාන්තා පිරිමි                  - අවු 18

 

  •     කාන්තාවන් සඳහා පවුල් පසුබිම් වාර්ථාව - ( ග්‍රාම සේවක,සංවර්ධන නිළධාරින් හා ප්‍රාදේශීය ලේකම් මඟින් සනාථ කරන ලද)

ඉහත සියලු ලිපිලේඛණ සම්පුර්ණ කර ඇත්නම් විනාඩි 10 ක කාලයක් තුළ මෙම සේවාව ඉටුකර ගත හැකිය.

රාජකාරි වේලාවන්
සතියේ දින සදුදා සිට සිකුරාදා දක්වා     - පෙ.ව.8.30 සිට ප.ව.16.30
සෙනසුරාදා දින - පෙ.ව 9.00 සිට ප.ව12.30 දක්වා


රැකියාලාභින් ලියාපදිංචි කිරිම සඳහා වන ගාස්තු
මෙම ලියාපදිංචි ගාස්තු වාර්ෂික අයවැය මඟින් තීර්ණය වී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් අමාත්යාං ශය වෙත එවනු ලබන චක්රය ලේඛය මඟින් තීර්ණය වේ.මෙම මුදල කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීමේදී  විදේශගත වන ශ්ර මිකයන් විසින් ගෙවීම අනිවාර්ය වේ.

 

2. ස්වයං මාර්ගයෙන්

පළමු අනුමැති අංශය

තමන් විසින් හෝ තම ඥාතියකුගේ මාර්ගයෙන් සොයාගත් වීසා පමණක් විදේශ ගතවීමට අපේක්ෂිත අයගේ ලියාපදිංචි කිරීම සහ රැකියා නියෝජිතායතනයන්හි රැකියා ඇනවුම් සඳහා හා ප්‍රචාරණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම මෙම අංශය මගින් සිදුකරයි.

ක්‍රියාත්මක ස්ථානය:

ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
දුරකථන අංක - 0112880500/ 011-2864107
ඊ මේල් - chmn@slbfe.lk

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - 011-2866856
කළමනාකරු - 011-2864107

පළමු අනුමැති අංශයේ සේවාව

 

  •     ස්වයං මාර්ගයෙන් විදේශ ගත වන අය ලියාපදිංචි කිරීම
  •     විදේශ රැකියා ආයතන වලට පළමු අනුමැතිය ලබා දීම.
  •     විදේශ රැකියා ආයතන වලට දැන්වීම් සදහා  අනුමැතිය ලබා දීම.


1. ස්වයං මාර්ගයෙන් විදේශ ගත වන අය ලියාපදිංචි කිරීම


අවශ්‍ය  ලියවිලි

  1.     සේවා ගිවිසුම
  2.     වලංගු වීසා බලපත්‍රය
  3.     ගමන් බලපත්‍රය(අවම වලංගු කාලය වසරකි)
  4.     පවුල් පසුබිම් වාර්ථාව ( වයස අවුරුදු 50 ට අඩු කාන්තාවන් සඳහා)
  5.     පුහුණුව හෝ පළපුරුද්ද සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි
  6.     මුදල් ගෙවු රිසිට්පත
  7.     පෝරමයන්(කාර්යාලය විසින් ලබා දේ)


වැඩ කරන දින - සදුඳ සිට සිකුරාදා හා සෙනසුරාදා
නිවාඩු දින - රජයේ හා වෙළඳ නිවාඩු දින
කවුන්ටරය විවෘතව තබන වේලාවන් - සතියේ දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා, සෙනසුරාදා පෙ.ව.8.30 සිට 12.30 දක්වා

2. පළමු අනුමැතිය ලබා ගැනීම

ලියාපදිංචි බලපත්‍ර ලාභින්ට රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරිමට රැකියා ඇනවුම්වලට පළමු අනුමැතිය ලබා දීම සිදු කරනු ලබයි.

අවශ්‍ය ලියවිලි

  •     ඉල්ලීම් ලිපිය
  •     රැකියා ඇනවුම
  •     සේවා ගිවිසුම
  •     බලය පැවරීමේ ලිපිය
  •     කාර්යංශය විසින් ලබා දෙනු ලබන පෝරමයන්



3. රැකියා සඳහා විදේශගත කිරිමට ශ්‍රමිකයන් සොයා ගැනීමට හා දැනුවත් කිරීම සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.

අවශ්‍ය ලියවිලි

  •     රැකියා නියෝජිතයයේ ඒ සම්බන්ධව කරනු ලබන ඉල්ලීම් ලිපිය
  •     රැකියා ඇනවුම
  •     දැන්වීමේ ආකෘති පත්‍රය



කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගත වන කාල සීමාව - දැන්වීම් අනුමැති ලේඛන භාර දුන් වේලාවේ සිට විනාඩි 30 ක් දක්වා

වැඩ කරන දින        -  සදුදා සිට සිකුරාදා
නිවාඩු දින        - රජයේ හා වෙළඳ නිවාඩු දින
අනුමැතීන් භාර ගැනීම    - පෙ.ව. 8.30 සිට ප.ව.3.00 දක්වා (සතියේ දින)

රැකියාවක් සඳහා විදේශගත වන ඔබ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනිම අනිවාර්ය වේ.
 


ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
 


එම්. එස්. විතානපතිරණ මහත්මිය
දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500
ෆැක්ස් අංක:+94-11-2880500
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-12-11 06:32:55
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty