The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විශ්‍රාම වැටුප් ලියාපදිංචිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විශ්‍රාම වැටුප් ලියාපදිංචිය

PDF Print Email

2016-10-10 දින සිට විමධ්‍ය ගත ක්‍රමය‍ යටතේ විශ්‍රාම යෑමට සූදානම් වන සියළු රාජ්‍ය නිලධාරීන් මාර්ගගතව විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සිදු කළ යුතුය.

විශ්‍රාම වැටුප් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. මෙම සේවාවන් සඳහා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන www.pensions.gov.lk හි PMS (Pension Management System) විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය ලෙස විශේෂ යොමුවක් ඔස්සේ සම්බන්ධ විය හැක.

ජාලගත සේවාවන් සඳහා පිවිසීම:

මෙම සේවාව ප්‍රථම වරට ලබා ගැනීමේ දී අදාළ රාජ්‍ය ආයතනය හා භාවිත‍ා කරන නිලධාරීන් ලියාපදිංචි විය යුතු අතර ඉන් අනතුරුව ලබ‍ා දෙන මුර පද භාවිත‍ා කර පද්ධතියට ඇතුළු විය හැක.

විශ්‍රාම ගැනීමට මාස 3ක ට පෙර සියළු රාජ්‍ය නිලධාරීන් තම පෞද්ගලික ලිපි ගොනුව සම්පූර්ණ කර තිබිය යුතුය.

විශ්‍රාම වැටුප් ලියාපදිංචි කිරීමේ ක්‍ර‍ියාවලිය:

  • අද‍‍ාල ආයතනයේ පෞද්ගලික ලිපිගෙ‍ානු විෂයභාර නිලධ‍ාරියා විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි PMS හි තම ආයතනය යටතේ විශ්‍රාම ගැන්වීමට නියමිත නිලධ‍ාරියා මාර්ගගත විශ්‍රාම වැටුප් අයදුම්පතෙහි (PD3) ලිය‍ාපදිංචි කල යුතුය.
  • PMS තුළ ලිය‍ාපදිංචි කර යොමු කිරීමෙන් අනතුරුව ලබ‍ා ගන්න‍ා මුල‍ාශ්‍ර ලේඛනයේ මුද්‍රිත පිටපත විශ්‍රාම ගැන්වීමට නියමිත නිලධ‍ාරියාට ලබ‍ා දී එහි සඳහන් තොරතුරු වල නිරවද්‍යත‍ාව තහවුරු කල යුතු අතර විශ්‍රාමිකයාගේ අත්සන ලබාගත යුතුය. එය‍ට අමතරව විෂයභාර නිලධ‍ාරියාගේ හ‍ා ආයතන ප්‍රධානිය‍ාගේ අත්සන් සහිත මුල‍ාශ්‍ර ලේඛනයේ මුද්‍රිත පිටපත සමඟ පහත සඳහන් ලිපි ලේඛන අමුණා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලැබීමට සැලැස් වීම.
  1. නම්වල වෙනසක් පවතී නම් එ් බව සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශන හෝ වෙනත් සුදුසු ලේඛණ
  2. විශ්‍රාම ගැන්වීමේ ලිපි‍‍යේ සහතික කළ පිටපතක්
  3. ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක්
  4. අවසන් වැටුප් විස්තරයේ සහතික කළ පිටපතක්
  5. බැංකු පො‍තේ සහතික කළ පිටපතක්
  6. වැටුප් පරිවර්තන ලිපියේ සහතික කළ පිටපතක්
  •  විශ්‍රාම වැටුප් ක්‍රිය‍‍ාවලියට අද‍ාළ අදියර‍යන්හි දී එ් පිළිබඳ විශ්‍රාමිකය‍ා කෙටි පණිවුඩ (SMS) මඟින් දැනුවත් කරනු ‍ලැබේ.
  •  මාර්ගගත විශ්‍රාම වැටුප් ලියාපදිංචි කිරීමේ අයදුම්පතෙහි යම් දෙ‍ා්ෂයක් වෙතොත් නැවත ආයතනය වෙත යවන අතර නිවැරදි අයදුම්පත් සඳහා ස්වයංක්‍රීයව විශ්‍රාම වැටුප් අංක නිකුත් කරයි.
  • විශ්‍රාම වැටුප සක්‍රීය කිරීම සඳහ‍‍ා විශ්‍රාමිකයා සම්මුඛ පරීක්ෂණයක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියස වෙත කැදවයි.

 විශ්‍රාම වැටුප සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා සත්කාර පියස වෙත පැමිණෙන විට රැගෙන ආයුතු ලේඛණ

  1. වැන්දඹු අනත්දරු කාඩ්පත
  2. විවාහ සහතිකයේ මුල් පිටපත
  3. විශ්‍රාම අපේක්ෂිතයාගේ හා කලත්‍රයාගේ හා වයස අවුරුදු 26 ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්
  4. නම්වල වෙනසක් පවතී නම් එ් බව සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශන හෝ වෙනත් සුදුසු ලේඛණ
  5. විශ්‍රාම අපේක්ෂිතයාගේ හා කලත්‍රයාගේ ජාතික හැදුනුම්පත් වල පිටපත්
  6. විශ්‍රාම අපේක්ෂිතයාගේ හෝ කලත්‍රයාගේ පෙර විවාහ ඇත්නම් ඒවා නිත්‍යානුකූලව අවසන් වූ බව තහවුරු කිරීම‍ට දික්කසාද නියත තීන්දුව හෝ මරණ සහතිකයේ මුල් පිටපත.
  7. ආබාධිත දරුවන් සිටීනම් ඔවුන්ගේ ආබාධිත තත්වය උපතේදී හෝ වයස අවුරුදු 26ට පෙර සිදුවු බවට සනාථ කිරීමට අවශ්‍ය වෛද්‍ය වාර්තා, සායනික තොරතුරු හා රෝග නිධානය පිළිබඳ වාර්ත‍ා, පෝස්කාඩ් ප්‍රමාණයේ (සම්පූර්ණ) වර්ණ ඡායා රූපයක් හා සෞඛ්‍ය 307 වාර්තාව
  8. විශ්‍රාම අපේක්ෂිතයාගේ පාස්පෝට් ප්‍රම‍ාණයේ වර්ණ ඡායා රූපයක්
  9. කලාත්‍රය‍ාගේ පාස්පෝට් ප්‍රම‍ාණයේ වර්ණ ඡායා රූපයක්
  10. දායක මුදල් නියමිත පරිදි අයකල බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් හෝ තොරතුරු සනාථ වන ලේඛණයක්
  •  මෙදිනට විශ්‍රාම අපේක්ෂිතයාගේ විශ්‍රාම වැටුප හ‍ා සම්බන්ධ සියළු කරුණු සාකච්ඡා කර විශ්‍රාම වැටුප් අංකය, විශ්‍රාමික හැඳුනුම්පත හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් තහවුරු කිරීමේ ප්‍රදාන පත්‍රය නිකුත් කිරීමට අදාල කටයුතු සිදුවනු ඇත.

 


ආයතනයේ තොරතුරු

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

මහලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.



දුරකථන:Hotline 1970 / 0112 209 870
ෆැක්ස් අංක:011 2342078
විද්‍යුත් තැපෑල:helpdesk@pensions.gov.lk
වෙබ් අඩවිය: www.pensions.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:14:18
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty