The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සොඳුරු පියස
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සොඳුරු පියස නිවාස ණය වැඩසටහන

PDF Print Email

අඩු ආදායම්ලාභීන්ට හා පහල මධ්‍යම  ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ණය ලබාදීම. (උපරිම මුදල රු; 200,000/-  දක්වා)

අඩු ආදායම්ලාභින්ගේ නිවාස අවශ්‍යතාවය මත වර්ග අඩි 1000 නොඉක්මවන තම නිවස, මූලික පහසුකම් සහිතව වැඩිදියුණු කර ගැනීම සදහා උපරිම රු 200,000/- කට යටත්ව ණය මුදල් අයදුම් කළ හැකිය.
•    වර්ග අඩි 1000 දක්වා වූ නිවාස වල අඩුපාඩු සකස් කර නිමි නිවාස බවට පත් කිරීම.
•    වර්ග අඩි 1000කට අඩු නිවසක් වර්ග අඩි 1000 දක්වා පුළුල් කිරීම මගින් නිවසේ ඉඩ පහසුකම් වැඩිදියුණු කිරීම.
     
o    උපරිම ණය මුදල    -  රු 200,000/-
o    ණය අයකිරීම -  අදාල බැංකුව මගින් සිදු කරයි
o    වාර්ෂික පොළිය    -  6.54% (නිසි පරිදි ණය මුදල් නොගෙවන ණය ලාභීන්ගේ පොළිය 13.08% දක්වා වැඩිකිරීමට බැංකුවට හැකියාව ඇත)
o    ආදායම් මට්ටම    -  සියළු වියදම් දැරීමෙන් පසු ණය වාරිකය ගෙවීමට ප්රදමාණවත් ආදායමක් ණය ලාභියා සතු විය යුතුව (වැටුපෙන් 60% ක සීමාව තුල සියළු අඩු කිරීම් කිරීමට හැකිවිය යුතුය)
o    ගෙවීමේ කාල සීමාව-  උපරිම වසර 07  (ප්‍රතිලාභීයාගේ වයස අනුව වෙනස් වේ)

ණය මුදල වසර 07 වසර 06 වසර 05
රු 200,000/- 2973.76 3365.79 3919.97
රු 100,000/- 1486.88 1682.89 1958.48

නිවාස ණය මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්
•    ණය ලාභියා වයස අවු 18 ඉක්මවිය යුතු අතර අවු 60ට අඩු විය යුතුය.
•    වැඩිදියුණු කරනු ලබන නිවස වර්ග අඩි 750ට අඩු විය යුතුය.
•    අයදුම් කරු හෝ ඇපකරු ලබාගත් හෝ ඇපකරුවකු වශයෙන් ඉදිරිපත් වූ ණයක් ගෙවීම පැහැර හැර ණය කාර්යාංශයේ (CRIB) අසාදු ලේඛණගත නොවූවෙකු විය යුතුය.
•    ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය මුදලක් ලබාගෙන ඇත්නම් එය පියවා තිබීම / පියවීම
•    බැංකුව විසින් ඉල්ලනු ලබන අනිකුත් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථාන :

දිවයිනේ ඇති  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙතින් සතියේ වැඩ කරන දිනවල දී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත නිවාස නිලධාරි සතියේ බදාදා දිනයක දී හමුවන්න.

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු: 
 

නැත

ඉදිරිපත් කළයුතු වේලාවන් : 
 

කාර්යාල  වේලාවන්  තුල.

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු: 
 

නැත.

සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
 

සතියකි ( දින 07)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
ඉඩමේ අයිතිය සනාථ කිරීමේ ලියවිලි, ආදායම් සහතික, නිවසේ සැළැස්ම හා පළාත් පාලන ආයතනයේ අනුමැතිය, ඇපකරුවන්ගේ  ප්‍රකාශ හා අයදුම්පතේ ඇතුලත් අනෙකුත් තොරතුරු

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:54:52
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty