The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ජාතික හැදුනුම්පත සංශෝධනය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික හැදුනුම්පත සංශෝධනය කිරීම

PDF Print Email

 ජාතික හැඳුනුම්පතෙහි අන්තර්ගත කරුණු සංශෝධනය කිරීම සඳහා හෝ පළුදු වීම මත නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරිම

 

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත ( පු.ලි.දෙ.වි.1,7,8 ආකෘතිය) ලබා ගැනීම

  • ඉල්ලුම්පත් සහතික කිරීමේ නිලධාරීන් මගින්

(ඉල්ලුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී/ වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී/පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති)

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය මගින්
  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයක් මගින් (දකුණු පළාත් කාර්යාලය, වයඹ පළාත් කාර්යාලය, නැගෙනහිර පළාත් කාර්යාලය හෝ උතුරු පළාත් කාර්යාලය)
  • බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් අංශය මගින්
  • www.drp.gov.lk දරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මගින්

 

හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

1.      නිවැරදිව සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1,7,8 ඉල්ලුම්පත්‍රය

2.      අවසන් වරට ලබාගත් ජාතික හැඳුනුම්පත

  1. මාස 6ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය

4.      රු. 500/- ක ඉල්ලුම්පත් ගාස්තු ගෙවූ කුවිතාන්සිය

5.      උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහනක්

6.      උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය සමඟ නම සහ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් (දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / ප්‍රාදේශීය ලේකම් හෝ බලය පවරන ලද නිලධාරියා විසින් සහතික කරන ලද කේන්දරයක පිටපතක් / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත)

7.       උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති වයස අවුරුදු 40 ට වැඩි ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා

·         අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන

·         නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගත හැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / ප්‍රාදේශීය ලේකම් හෝ බලය පවරන ලද නිලධාරියා විසින් සහතික කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )

8.      අවශ්‍ය අවස්ථාවන්හි දී නමඋපන් දිනය හා උපන් ස්ථානය සඳහන් කරන ලද විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත

9.      බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය

  1. අනෙකුත් ආගමික පූජකවරුන් සඳහා දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
  2. පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කරමින් අදාළ දෙපාර්තමේන්තු මගින්  ලබා ගත් සහතික
  3. ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීමට අවශ්‍ය නම් විවාහ සහතිකය
  4. ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට  ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය
  5. ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය
  6. රු.110/- ක මුද්දර අලවන ලද කිසිවක් නොලියූ 9xcm ප්‍රමාණයේ හිස් ලියුම් කවරයක්

 ගාස්තු

  • ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා රු.500/- ක ගාස්තුවක් අය කෙරේ.

 

 ඒ අනුව, ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග ඉල්ලුම්පත් සහතික කිරීමේ නිලධාරීන් වෙත භාරදිය යුතු වේ.


ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
10වන මහල,
"සුහුරුපාය"
ශ්‍රී සුභුතිපුර පාර,
බත්තරමුල්ල.


ටී.ඩී. කොරලේගෙදර
දුරකථන:+94-11-5226100
ෆැක්ස් අංක:+94-11-2862290
විද්‍යුත් තැපෑල:info@drp.gov.lk
වෙබ් අඩවිය: www.drp.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-05-22 02:50:36
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 324
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty