The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

පියවර 1: ඵඕ30.ආකෘති පත්‍රය අයදුම්කරුවන් විසින් ලබාගත යුතුය.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)
  • කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා හා සාමාන්‍ය සේවා)

පියවර 2: ආදාල අවශ්‍ය ලියකියවිලි  සම්පුර්ණ කළ ඉල්ලූම්පත අයදුම්කරුවන් විසින් සහකාර කොමසාරිස් ඝෘජු යොමු කිරිම සඳහා ඉදිරිපත් කෙරේ.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත (සමාන්‍ය සේවා සඳහා)
  • කොළඹ වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත. (ප්‍රමුබතා සේවා සඳහා)

පියවර 3: දෙපාර්මේන්තුව විසින් අනුමාන කරනු ලැබු විටදි අයැදුම්කරුවා ලිඛිත පරික්ෂණයන්ට ඉදිරිපත් වේ.   
පියවර 4: දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබු විටදි අයැදුම්කරුවා ප්‍රායෝගික පරික්ෂණනයට ඉදිරිපත් වේ. (විභාගයේදි ලබාගන්නා සාමාර්ථයන් පිළිබඳ ප්‍රතිඵල ප්‍රායෝගික පරීක්ෂණයකට මාස 6ක් සඳහා වලංගු වේ.)
පියවර 5: මාස 6කට වලංගු තාවකලික බලපත්‍රය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරේ. (ප්‍රායෝගික පරික්ෂණයෙන් සමත් වන විටදි.)    
පියවර 6: දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය නිකුත් කෙරේ (බලපත්‍ර අයදුම්කරු වෙත තැපැලෙන් යවනු ලැබේ.)


සටහන:
අයදුම්කරු ලිඛිත පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්

  • විභාග ගාස්තුව වන රු.100.00 ගෙවා ලිඛිත පරික්ෂණයකට තුන්වරක් දක්වා පෙනී සිටිම සඳහා නැවත ඉල්ලූම් කිරිමට අයදුම්කරුවන්හට පුළුවන.
  • අයැදුම්කරුවන් ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්.
  • සම්පුර්ණ ගෙවිම් කර තුන් වරක් දක්වා ප්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටිම සඳහා ඉල්ලූම් කිරිමට අයදුම්කරුවන්හට පුළුවන.


සුදුසුකම්

මෙම සේවය සඳහා දිවයිනේ ස්ථිර පදිංචියක් ඇති කවර හෝ ඉල්ලූම්කරුවන්ට අයැදුම් කළ හැක.
සේවාව ලබා ගැනීම සඳහා  අදාල කොන්දේසි මෙසේය.

  • ශ්‍රි ලංකව තුල පුරවැසියකු විය යුතුය.
  • ඉල්ලූම්කරු වයස අවුරුදු  18ට වැඩි විය යුතු ය.
  • ලිඛිත හා ප්‍රායෝගික පරික්ෂණයන්ට පෙනී සිටින විටදි
  • සිය අනන්‍යතාවය සහතික කරන ලියවිලි ඉදිරිපත් කළ  යුතුය.
  • ඉහත සඳහන් පරීක්ෂණ දෙකෙන්ම සමත් විය යුතුය.
  • මෙම ක්‍රියාදාමය තුල සියලූම අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. (කරුණාකර අවශ්‍ය ලියකියවිලි දැක්වෙන වගන්තිය බලන්න.)
  • ඉල්ලූම්පත ඉදිරිපත් කිරීම හා ප්‍රායෝගික පරික්ෂණය අතර කාලය මාස හයකට අඩු විය යුතුය.


සටහන් : ඉහත දැක්වෙන කොන්දෙසි සපුරාලීමට අපොහොසත් වන කවර හෝ අයැදුම් කරුවෙකු හෝ මෙම සේවාව ලබාගැනිමට නුසුදුස්සකු බවට පත්වේ.


ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

සියලූම ඉල්ලූම්පත් බලපත්‍ර අංශයෙහි සහකාර කොමසාරිස් වෙත යොමු කළ යුතුය,

සහකාර කොමසාරිස්, බලපත්‍ර අංශය,
මෝටර් රථ වාහන දෙපාර්මේන්තුව
තැ:පෙ: 533,581-341,
ඇල්විටිගල මාවත,
කොළඹ 5.

සටහන 1: අයදුම්කරුවන්ට පහත දැක්වෙන පරිදි ද බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලස්වා ඇත.

  • සියලූම දිසා ලේකම් කාර්යාලයන් වෙතින් (සාමාන්‍ය සේවා)
  • ප්‍රධාන කාර්යාලය වේරහැර-කොළඹ (ප්‍රමුබතා සේවය හා සාමාන්‍ය සේවය යන දෙකම)
     

ඉල්ලූම්පත් ආකෘතිය
ඇම්.ටි.ඒ 3ට..ආකෘතිය මෝටර් වාහනයක් පැදවිම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලූම් පත්‍රය.


කාල නියමය


ක්‍රියාදාම කාල නියමයන්

ප්‍රමුඛතා සේවා සඳහා ඉල්ලූම් කරන ලදි සතියකට පසු පැමිණ ලබාගත හැක.
නොඑසේනම් තැපැල් මගින් එවනු ඇත.

සාමාන්‍ය සේවා සඳහා ඉල්ලූම් කරන ලදි  
තැපැල් මගින් එවනු ලැබේ.


ඉදිරිපත් කිරිම සඳහා කාල සීමාවන්
ඉල්ලූම්පත් ලබාගෙන ඉදිරිපත් කිරීම සඳහා.

වැඩ කරන දිනයන් සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව.9.30 සිට ප.ව.3.00 දක්වා (සාමාන්‍ය)
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව.9.30.සිට ප.ව.12.30 දක්වා (ප්‍රමුබතා)
නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළඳ නිවාඩු දිනයන්

 සටහන: අදාල අකෘතිපත්‍ර ඉදිරිපත් කිරිමේන් පසුව එක් දින සැකසිමේ ක්‍රියාවලියේ අයදුම්කරුවන්ට ප.ව.3.30ට පසු ඔවුන්ගේ නව බලපත්‍ර ලබාගත හැක.


වලංගු කාල නියමයන්

ඉල්ලූම් පත්‍රය ඉදිරිපත්කර මාස 6ක් ඉක්ම ගියාට පසුව ප්‍රයෝගික පරික්ෂණනයට ඉදිපත් වුවහොත් එම ඉල්ලූම්පතෙහි වලංගු කාලය ඉකුත්වේ.


සේවාවන්ට අදාල මිළගණන්        
        

ඉල්ලූම්පත ලබාගැනීමේදි කල යුතු ගෙවිම්.
ඉල්ලූම් පත්‍ර නොමිලේ සැපයේ.

සේවා ස්වභාවය 
1පංතියේ  වාහන 2පංතියේ වාහන 3පංතියේ වාහන
සාමාන්‍ය සේවා රු.620.00 රු.1020.00 රු.1120.00
ප්‍රමුඛතා සේවා රු.1020.00 රු.1770.00 රු.1870.00

දඩ ගාස්තු
බලපත්‍ර නිකුත් කිරීමේ කියාදාමයෙහිදි දඩගාස්තු කිසිවක් අය නොකෙරේ.


අධිභාර

  • ලිඛිත පරික්ෂණයෙන් අසමත් වුවිට නැවත ඉල්ලූම් කරන විට දී අයදුම්කරුවන් විසින් රු100.00 යක් ගෙවිය යුතුය (මෙය තෙවරක් නැවත ඉල්ලූම් කිරීමට පමණක් වලංගු වේ.)
  • ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුණ විටදි නැවත ඉල්ලූම් කරන විට අයදුම්කරුවන් විසින් සම්පුර්ණ ගෙවිම කළ යුතුය. (මෙය තෙවරක් නැවත ඉල්ලූම් කිරිමට පමණක් වලංගුය.)
  • ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුණ විටදි නැවත ඉල්ලූම් කරන විට අයදුම්කරුවන් විසින් සම්පුර්ණ ගෙවිම කළ යුතුය. (මෙය තෙවරක් නැවත ඉල්ලූම් කිරිමට පමණක් වලංගුය.) 

      
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සැහැල්ලූ වාහන සඳහා.

  • උප්පැන්න සහතික මුල් පිටපත හා ඡායා පිටපතක්
  • ජාතික හැඳුණුම්පත/ජාතික හැඳුණුම්පතෙහි අංකය දැක්වෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක මුල් පිටපත හා ඡායා පිටපත.
  • 2  21/2  ප්‍රමාණයේ වලංගු ඡායාරූප පිටපත් 3ක්. (කළු සුදු)
  • MBBS සුදුසුකම් ලැබු වෛද්‍ය්‍ය නිලධාරියකු විසින් නිකුත් කළ වෛද්‍ය්‍ය සහතිකයක්. (MBBS)

බර වාහනයක් සඳහා.

  • උප්පැන්න සහතික මුල් පිටපත හා ඡායා පිටපතක්
  • ජාතික හැඳුණුම්පත/ජාතික හැඳුණුම්පතෙහි අංකය දැක්වෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක මුල් පිටපත හා ඡායා පිටපත.
  • 2 21/2  ප්‍රමාණයේ වලංගු ඡායා රූප පිටපත් 3ක්. ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප පිටපත් 3ක්.
  • නුගේගොඩ ලංගම වෛද්‍ය්‍ය ආයතනය විසින් හෝ අයදුම්කරු පදිංචි දිස්ත්‍රික්කයෙහි වෛද්‍ය්‍ය    නිලධාරි විසින් නිකුත් කරන ලද වෛද්‍ය්‍ය සහතිකයක්.
  • ඒ.ශ්‍රේණියෙහි රියදුරු පාසලක් විසින් නිකුත් කරනු ලැබු ප්‍රවීනතා සහතිකයක්.


සේවා වගකීම් නියම කිරීම

පදවිය   නම අංශය  දුරකථනය
අතිරේක කොමසාරිස්  කන්නන්ගර  මහතා    බලපත්‍ර අංශය   +94-11-2556856
සහකාර කොමසාරිස්   චන්දා කරුණාසේන මහත්මිය    එම +94-11-2516404
අධික්ෂණ  නිලදාරිනි සෝමසිරි ප්‍රනාන්දු මහත    එම   -

විශේෂ අවස්ථා
අයදුම්කරුහට කියවීමට හෝ ලිවීමට නොහැකි නම්:
1  ඔහු හො ඇය ලිඛිත පරික්ෂණය සඳහා තුන්වරක් ඉදිරිපත් විය යුතුය.
2. ග්‍රාමසේවක නිලධාරි වෙතින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
3. ලිඛිත පරික්ෂණය වෙනුවට වාචික පරික්ෂණයක් සඳහා ඉල්ලීමක් කළ යුතුය.


අයැදුම්කරු ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුහොත් සහ බර වාහන බලපත්‍රයක් සඳහා ඔහු විසින් ඉල්ලූම්කර ඇත්නම්:-

දින14ක් ඇතුලත ප්‍රායෝගික පරික්ෂණය සඳහා නැවත ඉල්ලූම් කිරිමට අයැදුම්කරු වෙත ඉඩ දෙනු නොලැබේ.


ඔහු සැහැල්ලූ වාහන බලපත්‍රයක් සඳහා ඉල්ලූම්කර ඇත්නම්:-

දින7ක් ඇතුලත ප්‍රායෝගික පරික්ෂණය සඳහා නැවත ඉල්ලූම් කිරිමට අයදුම්කරු   වෙත ඉඩදෙනු නො ලැබේ. 

  • අයදුම්කරු සතුව විදේශිය රටක රියැදුරු බලපත්‍රයත් තිබේ නම් (අයදුම්කරු ශ්‍රි ලාංකිකයකු හෝ ශ්‍රි ලාංකිකයකු නොවුවද)
  • විදේශිය රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කිරිමෙන් ඔහුට හෝ ඇයට ලිඛිත හෝ ප්‍රායෝගික පරික්ෂණයන්ට ඉදිරිපත් නො වුවද බලපත්‍රයක් ලබාගත හැක.
  • බලපත්‍රය නිකුත්කල රට මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමතකල රටක් විය යුතුය.
  • බලපත්‍රය ඉංග්‍රීසියෙන් පවත්නා එකක් නොවේ නම් අදාල රටෙහි තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද එහි ඉංශ්‍රීසි පරිවර්‍තනයක්
  • එවැනි අවස්ථාවන්හිදි අවශ්‍යවන ලියවිලි හා අදාල ගෙවිම් අලූත් බලපත්‍රයක් ලබා ගැනිමෙහිදි ඉදිරිපත් කල යුතුදේ හා සමානය. මීට අමතරව අළුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ දී අදාලවන අනෙක් ලියවිලි ඉදිරිපත් කළ යුතු ය.

ආදර්ශ දත්ත සමග සාම්පල් ආකෘතිය.
ඵඕ30 දත්ත සමග ආකෘති පත්‍රය


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty