The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පැමිණිලි සහ දුක් ගැනවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ පැමිණිලි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාරිභෝගික කටයුතු පිළිබඳ පැමිණිලි කිරිම

PDF Print Email

ප්‍රමිතියට පිළිවිතරයන්ට අනුකූල නොවන භාණ්ඩ හා සේවා පිලිබඳ පැමිණිලි

  • මෙම සේවාව සපයනු ලබන්නේ භාණ්ඩ පාරිභෝගිකයන් ආරක්ෂා කිරිම හා ඔවුන් වෙත සපයනු ලබන භාණ්ඩ හා සේවාවන්හි උසස් තත්ත්වයන් යුක්ත බවට වගබලා ගැනීම සඳහාය.
  • එවැනි භාණ්ඩ හා සේවාවන්ට අදාල නිෂ්පාදනය, නිර්මාණය, සැපයීම, ගබඩා කිරිම, ප්‍රවාහනය හා විකිණීම සඳහා අදාල ප්‍රමිති හා පිළිවිතරයන් විටින් විට ගැසට් පත්‍රයන්හි ප්‍රකාශයට කරනු ලබන දැන්වීම් වලට නිශ්විත ලෙස දක්වා ඇත.(කරුණාකර බී පරිශිෂ්ඨයෙහි දක්වා ඇති 2003 අගෝස්තු 25 වැනි සඳුදා දිනැති අංක 1303/1 ගැසට් පත්‍රය බලන්න.)
  • භාණ්ඩ හෝ සේවාව ලබා ගෙන මාස 3 ක් ඇතුලතදී මෙම සේවාව ලබා ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.

සුදුසුකම්

  • මෙම සේවාව පැමිණිලි කරන්නෙකුට සුදුසුකම වනුයේ පාරිභෝගියකු වීමය.
  • පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ නිෂ්පාදනය මිලයට ගෙන මාස 3 ක් ඇතුලතදී හෝ සේවයක් සපයා ගෙන මාසයක් ඇතුලතදීය.

ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය

  • පැමිණිල්ලෙහි දැක්විය යුත්තේ කවරකුගේ අත්සනද?

පැමිණිලි ලිපියෙන් පීඩාවට ලක්වූ පාර්ශවයෙහි (පැමිණිලි කරන්නාගේ ) අත්සන තැබිය යුතුය.

  • පැමිණිල්ල ඉදිරිපත් කල යුත්තේ කවර ස්ථානයටද?

පැමිණිලි කරන්නා පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි  අධ්‍යක්ෂ ජනරාල් හෝ සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

  • පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ කා වෙතද?

පැමිණිලි ලිපිය හා සනාථ කරන ලියවිලි පැමිණිලි කරන්නා විසින් සෘජුවම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි සභාපති වෙත ඉදිරිපත් කල යුතුය.

ඉල්ලුම් පත්‍ර
මෙම ක්‍රියාදාමය සඳහා විශේෂ ඉල්ලුම් පත්‍ර කිසිවත් නැත. පීඩාවට ලක් වූ පාර්ශවය (පැමිණිලි කරන්නා ) සිය පැමිණිල්ල ලිපි මගින් ඉදිරිපත් කල වුවද ඒවා පිළිගැනේ.

පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය

පියවර 1 :  පීඩාවට පත් පාර්ශවය (පැමිණිලි කරන්නා) ලිඛිත පැමිණිල්ලක් හා අදාල සනාථ කිරීමේ ලියවිල්ල සිද්ධියෙන් මාස තුනක් තුලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරයි.
පියවර 2 : අධිකාරිය පැමිණිල්ල ලියාපදිංවි කර එය පරික්ෂාවට ලක් කරයි.
පියවර 3 : නිමැයුම්කරු/ වෙළෙන්දා නිරික්ෂණය කිරිම සඳහා කැඳවයි.
පියවර 4 : නිමැයුම්කරු/ වෙළෙන්දා යෝජිත සමථයකට පත් කිරිමේ කරුණු වලට එකඟ වෙයි.

සටහන 1

  • නිමැයුම්කරු/ වෙළෙන්දා සමථයකට පත් කිරිමේ කරුණු වලට එකඟ නොවන්නේ නම්,
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය විසින් නිමැයුම්කරු/වෙළෙන්දා පරීක්ෂණයක් සඳහා කැඳවයි.
  • වන්දි ගෙවීමට, භාණ්ඩ වෙනුවට වෙනත් භාණ්ඩයක් දීමට හෝ මුදල ආපසු ගෙවන ලෙසට වග උත්තරකරු වෙත නියෝග නිකුත් කෙරේ.
  • නිමැයුම්කරු/වෙළෙන්දා කවදුරටත් එකඟ නොවන්නේ නම්
  • අදාල මහේස්ත්‍රාත් අධිකාරණයෙහි වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරේ.

සටහන 2
පැමිණිල්ල නියමිත කාල සීමාව තුලදී ඉදිරිපත් කර නොමැති නම්,

  • වගඋත්තරකරුවන්ගෙන් නිරික්ෂණ/ සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

කරුණු සමථයට පත් කිරිම සඳහා වගඋත්තරකරු එකඟ වන්නේ නම් ,

  • පාර්ශව දෙකට කරූණු සාකච්ඡා කර එකඟත්වයකට එළැඹීම සඳහා කැඳවේ.

පාර්ශව දෙකම කාරුණු සමථයකට පත් කිරිමට එකඟ නොවන්නේ නම්,

  • අදාල මහේස්ත්‍රාත් අධිකරණයෙහි වගඋත්තරකරුට එරෙහිව නඩු පැවරේ.

කාල නියමය

ක්‍රියාදාමය කාල නියමය
පැමිණිල්ලෙහි ස්වභාවය අනුව ක්‍රියාදාම කාලය වෙනස් වේ.

ඉදිරිපත් කිරිමේ කාල නියමය

වැඩ කරන දින :
සඳුදා සිට සිකුරාදා (බදාදා හැර)
කවුන්ටරය විවෘත වේලාවන් : පෙ.ව.8.45 සිට ප.ව. 4.45
නිවාඩු දින   : රජයේ හා වෙළඳ නිවාඩු දින

වලංගු කාල නියමය

නිෂ්පාදන : නිෂ්පාදන මිලට ගත් දින සිට මාස 3 ක් තුලදී
සේවා  : සේවා ලබාගත් දින සිට මසක් තුලදී

සේවයට අදාල මිළ ගණන්
සම්පූර්ණ වියදම අධිකාරිය විසින් දරනු ලැබේ.

ගාස්තු
පැමිණිලි කරන්නාගෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

දඩ මුදල්
දඩ මුදල් කිසිත් නැත.

අධිභාර
මෙම සේවය ලබා ගැනීමේදී අමතර ගාස්තු කිසිවක් ගෙවිය යුතු නොවේ.

අවශ්‍ය අමතර ලියවිලි

  • මිලදී ගත් භාණ්ඩ වලට අදාල කුවිතාන්සි
  • දෝෂ සහිත නිෂ්පාදනයන්හි සාම්පල්
  • වගකීම් සහතික
  • විෂයයට අදාල වෙනත් කවර හෝ සාක්ෂි ද ඉදිරිපත් කල හැක.

සේවා වගකීම/ නියමයන්

පුද්ගලයාගේ පදවිය
පුද්ගලයාගේ නම
අංශයෙහි නම ලිපිනය /මහළ
දුරකථනය
ෆැක්ස්
විද්්‍යුත් තැපෑල
අධ්‍යක්ෂ සී.එන්.තිලකරත්න මිය 1 වෙනි මහල 1 වෙනි මහල 0094-11-2393495/ 0094-11-2445897/ 0094-11-2343577 0094-11-2399148 caaoffice@slt.lk
විමර්ශන නිලධාරී ඊ.එල්.ගුනරත්න මයා 1 වෙනි මහල 1 වෙනි මහල 0094-11-2393495/ 0094-11-2393577/ 0094-11-2445897 0094-11-2399148 caaoffice@slt.lk

විශේෂ අවස්ථා
මෙම සේවයට අදාල විශේෂ අවස්ථා කිසිත් නැත.


ආයතනයේ තොරතුරු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.


එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය
දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:20
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty