The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ‍පෝෂණ දීමනා පත රු 200/=
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     
‍පෝෂණ දීමනා පතක් ලබාගැනීම (රු. 200/=)

PDF Print Email

පෝෂණ දීමනා වැඩසටහන - (රු.200/-)

 සුදුසුකම්
 
 මව සමෘද්ධි ප්‍රතිලාභී පවුලක අයෙකු විය යුතුය.
 සජීවී දරු උපතක් සිදුවී මාසයට පසු මාසයේ සිට මාස 12ක් වන තෙක් ඊටසුදුසුකම් ලබයි.
 
ඉල්ලුම් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 
මේ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත් ග්‍රාම නිලධාරී වසමට අයත් සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත ප්‍රතිලාභියා විසින් සම්පූර්ණ කර දරුවා ඉපදී මසක් ඇතුලත අතින් ගෙනවිත් බාරදිය යුතුය.
     
 ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථාන
 
 අදාළ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක.
 
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
 
නැත
 
ඉදිරිපත් කළ යුතු වේලාවන්
 
 සතියේ වැඩ කරන දිනවල සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත ඉදිරිපත් කළ හැක.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
 
 නැත
 
සේවාව ලබා දීමට ගත වන කාලය
 
සතියේ වැඩ කරන ඕනෑම දිනයක සුදුසුකම් සම්පූර්ණ නම්, අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ නම්, දින දෙකක් ඇතුළත පෝෂණ දීමනා පත්‍රිකාව සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් ම ලබා ගත හැක.
 
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
 
සමෘද්ධි ප්‍රතිලාභියකු බවට තහවරු කිරීම සඳහා සමෘද්ධි කාඩ්පතේ ඡායා පිටපතක්
දරුවාගේ උප්පැන්න සහතිකය හෝ වර්ධන සටහනේ මුල් පිටපත
 
සේවාභාර මාණ්ඩලික නිලධාරීන්
 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
සහකාර කොමසාරිස්
(සමෘද්ධි)
එම්.ජේ.එස්.
රවිසිංහ මයා
සමෘද්ධි
+94112696421
+94112673775
ravisinghe
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 
1.        අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන්නේ දරුවාගේ මව හෝ පියා විසිනි.
 
2.       නිවුන් දරුවන් ලද අවස්ථාවක අතිරේ දරුවන් සඳහා දීමනා පත්‍ර නිකුත් කිරීමට මවගේ නම, අදාළ ග්‍රාම නිලධාරී වසම, දරුවන්ගේ උපන් දින හා නම් ඇතුළත් ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිත වාර්තාවක් සමෘද්ධි කොමසාරිස් ජනරාල් වෙත එවිය යුතු ය.
 
3.        විශේෂ අවස්ථාවක දී නොවැළැක්විය හැකි හේතුවක් නිසා යම් මවකට දීමනා පත් ලබා දීමේ දී යම් ප්‍රමාදයක් ඇති වුවහොත් පමණක් පසුගිය මාසවල මුද්දර වලංගු කිරීම පිළිබඳ උපදෙස් සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදෙනු ඇත.
 
 
අලුත දරු උපත් ලද මවුන් සඳහා වූ පෝෂණ දීමනා පතක් ලබා ගැනීම අයදුම්පත
(ළදරුවාගේ මව හෝ පියා විසින් ඉල්ලුම් කළ යුතු ය)
 
01.        ඉල්ලුම්කරුගේ නම                                         :නාලනී පෙරේරා
02.        ලිපිනය                                                         :නො 20, ජයතිලක මාවත, පයාගල
03.        සමෘද්ධි දීමනා පත්‍රිකාවේ සූචි අංකය                     : 65/2/0(බේ/733 II/ 05 යොමු අංකය)
04.        ළදරුවාගේ නම                                              :සුමිත් නාලක පෙරේරා
05.        උපන් දිනය                                                   : 2010.02.04   ඉල්ලුම් කරන දින වනවිට වයස(මාස ගණන) දින 22
06.        ළදරුවාගේ මවගේ නම                                    : නාලනී පෙරේරා          
07.        පවුලේ සමෘද්ධි දීමනා පත්‍රිකාව අනුයුක්ත කර ඇති
        ප්‍රාදේශිකයේ/බලයලත් වෙළඳසැලේ නම              :   පයාගල දකුණ      
     
ඉහත විස්තර නිවැරදි බව සහතික කරමි.
 
                               ..............................................
 දිනය: 2010.02.26                              අත්සන
 
සමෘද්ධි නියාමක සටහන:
 
              පරීක්ෂා කළෙමි. ඉහත සඳහන් විස්තර නිවැරදි ය. ළමයාගේ නම හා උපන් දිනය මව/පියා විසින් ඉදිරිපත් කරන ලදි. රෝහල් තුණ්ඩුව අනුව එය නිවැරදි ය.
              උප්පැන්න සහතිකය පරීක්ෂා කළෙමි/පසුව පරීක්ෂා කිරීමට සටහන් කර ගතිමි.
 
                                                          ..............................................
 දිනය:2010.02.27             සමෘද්ධි සංවර්ධන නිලධාරි අත්සන
                                                        
                                      වසමේ නම:      733 - පයාගල
කාර්යාල සටහන්:
 
මෙම පවුල සමෘද්ධි සහනාධාරලාභී පවුලකි.අළුත දරු උපත් ලැබූ මවට 2010 මාර්තු මස සිට 2011 පෙබරවාරි මස දක්වා මාස 12 සඳහා පෝෂණ දීමනාව ලබා ගැනීමට හිමිකම් ඇත. අංක 2010.03 සිට 2010.12 දක්වා මුද්දරය වලංගු කොට 2010 වසර සඳහා වූ පෝෂණ දීමනා පත්‍රිකාවක් නිකුත් කිරීමට අනුමැතිය පතමි.
 
                                      ..............................................
  දිනය:2009.03.02                            විෂය ලිපිකරු:
 
ප්‍රා.ලේ./ස.ප්‍රා.ලේ.
නිර්දේශ කර ඉදිරිපත් කරමි
                                                                                            
 දිනය:........................    ................................................
                                                පරිපාලන නිලධාරී:
              
අනුමත කරමි/නොකරමි
                                                           
 දිනය:........................   .................................................
                                                ප්‍රා.ලේ./ස.ප්‍රා.ලේ.
 
නිකුත් කිරීම:
 
 අංක S 251500 දරන 2010 වසර සඳහා වූ පෝෂණ දීමනා පත්‍රිකාව නිකුත් කරන ලදි. අංක 2010.01 සිට 2010.02 දක්වා මුද්දර අවලංගු කොට කපා මා භාරයේ තබා ගතිමි.
 
                                                                                                                    
 දිනය:2010.03.04            ..................................................                        
                                             විෂය ලිපිකරු:
 
 

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty