The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු විශ්‍රාම වැටුප්, සේ. අ. අ., සේ. නි. භා. අ. සහ වෙනත් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Gen55     pd7
වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය.

PDF Print Email

  වැන්දඹු හා අනත්දරු අංශය

  

සිදු කරන සේවාවන්

01. වැන්දඹු/ වැන්දඹු පුරුෂ ලියාපදිංචිය

02. වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම

03. අනත්දරු ගෙවීම 

04. ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම
 

උක්ත සේවාවන් ලබා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය 

01. වැන්දඹු/ වැන්දඹු පුරුෂ ලියාපදිංචිය
 

  •  වි.වැ.ච. 2/2016 අනුව අන්තර්ජාලයට තොරතුරු ඇතුලත් කර වැ.අ.වි.වැ. ලියාපදිංචිය සදහා අයදුම්පත් එවීම සිදු කළ යුතුවේ.
  • අන්තර්ජාලයට තොරතුරු ඇතුලත් කිරීම පුද්ගලික ලිපි ගොනුව භාර විෂයභාර නිලධාරි විසින් සිදු කළ යුතුවේ.
  • මේ සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙඩ් අඩවියට පිවිසෙන ආකාරය පහත පරිදි වේ.           

www.pensions.gov.lk    >>  PMS   >>   W&OP   >>    New Application 

  • ජාතික හැදුනුම්පතේ සහතික පිටපතක් ද uploadකළ යුතු අතර නම්වල වෙනසක් තිබේ නම් ආයතනික තහවුරුවක් ද පත්වීම් ලිපිය සමග upload කරන්න.
  • ඉන්පසුව තොරතුරු ඇතුලත් කර අවසන් වූ පසු අයදුම්පත (data-sheet) ලබා ගත හැක. එම අයදුම්පතේ නියමිත ස්ථානවල දායකයා ද විෂයභාර නිලධාරි ද ආයතන ප්‍රධානි ද අත්සන් යොදා සහතික කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කරන්න. 
  • තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව සාමාජික පත්‍රය නිකුත් කිරීම සිදු කරයි.
  •  වැ.අ.වි.වැ. සාමාජික පත්‍රය ලබා ගන්නා ආකාරය පහත පරිදි වේ.           

www.pensions.gov.lk    >>   PMS  >>  W&OP  >>   Print WOP Card 

                                                                            හෝ           

www.pensions.gov.lk >> Pension Services  >>     Get your W&OP Number
 

 

02. වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම 

විශ්‍රාම වැටුපක් ලබා මිය යන විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් අදාළ උපදෙස්  

1. මියගිය විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශිය ලේකම් විසින් සංශෝධිත PD4 ආකෘති පත්‍ර‍ය නිසි ලෙස සම්පූර්ණ කර ඔවුන්ගේ සිවිල් ගොනුවට ‍‍ගොනු කළ යුතු අතර, පහත සඳහන් ලේඛන පරිලෝකනය (scan) කර අන්තර්ජාල ගත දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතුය.  

  • විවාහ සහතිකය
  • මරණ සහතිකය
  • ගණකාධිකාරි විසින් නිර්දේශ කර ප්‍රාදේශිය ලේකම් විසින් අනුමත කරන ලද මුලාශ්‍ර ලේඛනය (Source document)
  • විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රය (විශ්‍රාම යන විට නිකුත් කරන ලද)
  • නම් වල වෙනස්කම් පවතී නම් ඒ පිළිබඳ දිවුරුම් සහතිකය (කලත්‍රයාගේ නම් වල වෙනස්කම් පවතී නම්, ප්‍රාදේශීය ලේකම් විසින් විධිමත්ව පරීක්ෂණයකින් තහවුරු කර එකම පුද්ගලයකු නම් පමණක් එය දිවුරුම් ප්‍රකාශයකින් ඉදිරිපත් කරන්න) 
  • දායකයාගේ පෙර විවාහ තිබී ඇත්නම් එම විවාහ අවසන් වූ ආකාරය දක්වන්න. (දික්කසාදයේ නියත තීන්දුව / පෙර විවාහ සහතිකය)    

2. විශ්‍රාම වැටුප් ලබමින් සිටින දායකයෙකු මියගිය විට වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ඉල්ලුම් පත්‍රය (ආකෘතිපත්‍ර)  අන්තර්ජාලය භාවිතා කර තොරතුරු ලබා දීමෙන් අනතුරුව පහත සදහන් ලියවිලි ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. (සිවිල් විශ්‍රාම වැටුප් ගොනුව සමඟ එවිය යුතු අතර සිවිල් විශ්‍රාම වැටුප් ගොනුව නොමැති අවස්ථාවන් වලදී ගෙවීම් විස්තර ඇතුලත් තාවකාලික ගොනුවක් එවිය යුතුය) 

  •  මරණ සහතිකයේ සහතික කළ පිටපත
  • විවාහ සහතිකයේ සහතික කළ පිටපත
  • අවුරුදු 26 ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතික
  • වැන්දඹු අනත්දරු අංකය (82/83)
  • ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපතක්
  • බැංකු පාස්පොතේ සහතික කළ පිටපතක්
  • පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායා රූපයක්  

3. සේවයේ යෙදී සිටියදී මිය යන/ සේවය හැර යාම/ වැඩ තහනම් කිරීමට ලක්වන නිලධාරීන් හා නිලධාරිනියන්ගේ කලත්‍රයන් සදහා වැන්දඹු/ වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා පහත සදහන් ලේඛණ සේවය කළ ආයතනය මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.  

  1. පොදු 55
  2. චර්යා සටහන
  3. වි.වැ 16 (මු.රේ. 1729)
  4. වැන්දඹු අනත්දරු අංකය (82/83) වැන්දඹු අනත්දරු අංකයක් ලබා නොමැති නම් ඊට අදාළ ලේඛණ එවිය යුතුය
  5. හිමිකම් පිළිබඳ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ වාර්තාව
  6. අනත්දරුවන්ගේ ගිණුම් අංකය
  7. ඉහත අංක 2 හි සඳහන් ලේඛණ    

 සේවයේ යෙදී සිටිය දී මියයන දායක/දායිකාවන් සම්බන්ධව කටයුතු කිරීමේ දී  

  1. 2010-12-16 දිනැති 13/2010 විශ්‍රාම වැටුප් චක්‍රලේඛයේ 2 වන ඡේදය අනුව කටයුතු කළ යුතු නිලධාරීන්/ නිලධාරිනියන්
  2. සේවයේ යෙදී සිටිය දී මියයන නිලධාරීන්/නිලධාරිනියන්
  3. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 6/2015 හි 02 ඡේදය හා සංශෝධිත PD04 ආකෘතිය පත්‍රයේ සඳහන් ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත සෘජුවම එවිය යුතුය. 

03. අනත්දරු ගෙවීම 

  •  වයස අවුරුදු 18 ට අඩු දරුවන් සිටින අවස්ථා වලදී ඉහත ක්‍රියාපටිපාටියට අමතරව භාර කරුවෙකු පත් කළ යුතුය.  

04. ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම 

  •  දායකයා හෝ දායිකාව තම ආබාධිත දරුවන් පිළිබඳ තොරතුරු විශ්‍රාම වැටුප් ලිපිගොනුවට ඇතුළත් කර තිබිය යුතුය.
  • කලත්‍රයා මියගිය පසු විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 1/2009 අනුව ප්‍රාදේශිය ලේකම් විසින් කටයුතු කළ යුතුය.
  • වෛද්‍ය මණ්ඩලයට යොමු කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ පදනම් කරගෙන ආබාධිත විශ්‍රාම වැටුප් ගෙවීම.

 

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 6/2015, 6/2015(1), 2/2016, 1/2009 මඟින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

 

 


ආයතනයේ තොරතුරු

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

මහලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.



දුරකථන:Hotline 1970 / 0112 209 870
ෆැක්ස් අංක:011 2342078
විද්‍යුත් තැපෑල:helpdesk@pensions.gov.lk
වෙබ් අඩවිය: www.pensions.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:14:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty