The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රජයේ ඉඩම් බදු දීම.

PDF Print Email

සුදුසුකම්

  • සාමාන්‍ය පුරවැසියන් (ප්‍රජාව)
  1. අයදුම්කරු ශ්‍රී ලාංකිකයකු වීම.
  2. අයදුම්කරු විවාහකයකු වීම
  3. පවුලේ මාසික ආදායම රුපියල් 2500 කට වැඩිවීම.
  4. අයදුම්කරු අවුරුදු 18 ට වැඩි වීම.
  5. අයදුම්කරු සතු තමන්ගේම ඉඩම් නොතිබීම.
  6. අඩුම වශයෙන් අවුරුදු 5 ක් හෝ අදාළ ප්‍රදේශයේ අයදුම්කරු ජීවත් වීම.
  •  කර්මාන්ත පුරයකට
    ව්‍යාපාරික කලාප සඳහා ඉඩම් බදු ගැනීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නොකෙරේ.  එය කරනු ලබන්නේ ව්‍යාපාරික අමාත්‍යාංශය මගිනි. (සංචාරක හා ආයෝජන අනුබල දීම)

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

  • සාමාන්‍ය පුරවැසියන්

ඉල්ලූම් පත්‍රයක් ලබා ගැනීම
බදු මත ලබා ගන්නට බලාපෙරොත්තු වන ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත ඉල්ලූම්පත් ලිපියක් ඉල්ලූම්කරු විසින් සකසා ගැනීම
ඉල්ලූම් පත්‍ර අදාළ නොවේ.

මේ සඳහා අවශ්‍ය ලියකියවිලි

  • ග්‍රාම නිලධාරීගේ මොහු සතු වෙනත් ඉඩමක් නැති බවට සහතික කිරීම.
  • ඉඩමේ ස්වභාවය පිළිබඳ ග්‍රාම නිලධාරීගේ වාර්තාව

ඉල්ලූම්පත භාර දීම
අවශ්‍ය කරන ලද ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත් ලිපිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම   
වැඩ කරන දින: සඳුදා / බඳාදා
වැඩ කරන කාලය: පෙ.ව.    9.00
                           ප.ව.    4.30 

  • කර්මාන්තපුරයකට

මෙහි ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ කාර්මාන්ත, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගිනි.
ඉල්ලූම් පත්‍රය
මේ සඳහා ඉල්ලූම්පත් සකසා නැත ඒ සඳහා ඉල්ලීම් ලිපියක් සකස් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරීම   
රජයේ ඉඩම් බදු මත ලබා ගැනීම : පොදු ප්‍රජාව

  • සාමාන්‍ය පුරවැසියන්

පියවරෙන් පියවර ක්‍රියා මාර්ගය (රජයේ ඉඩම් බදු මත ලබා දීම - සාමාන්‍ය පුරවැසියන් )
පියවර 2: ග්‍රාම නිලධාරියාගේ වාර්තාවක් ඉල්ලූම්කරු ලබා ගැනීම
සටහන: ඉල්ලූම්කරු විසින් සපයන ලද තොරතුරු නිවැරදිදැයි සොයා බැලීමට ග්‍රාම නිලධාරී ක්‍රියා මාර්ග ගනී.
පියවර 3: ග්‍රාම නිලධාරී වාර්තාව සමඟ ඉල්ලූම්පත ඉල්ලූම්කරු විසින් ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය වෙත යොමු කිරීම.
පියවර 4: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම්කරු සම්මුබ පරීක්ෂණයක් සඳහා කැඳවීම
පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් පිළිබඳ ඇස්තමේන්තු කළ වාර්තාව පළාතේ ඉඩම් කොමසාරිස් තුමගේ අනුමැතිය ලබා ගැනීමට යවයි.
සටහන: ඉඩම් කොමසාරිස් තුමා වාර්තාව අනුමත නොකරන්නේ නම් ඉල්ලීම ප්‍රතිකේෂ්ප වේ.
පියවර 6: ඉඩම් කොමසාරිස් තුමා ඉල්ලීම අනුමත කිරීමෙන් ඉල්ලූම්කරුට අවසර පත්‍රය ලැබේ.
සටහන 1: අවසර පත්‍රය අවුරුදු පතා අලුත් කළ යුතුය. බලපත්‍රය අවුරුදු පතා අලූත් නොකළහොත් අවුරුද්ද අවසානයේදී බලපත්‍රය අවලංගුවේ. බදු ගෙවිය යුත්තේ ග්‍රාම නිලධාරී වෙතය.
සටහන 2: සම්පූර්ණ බදු මුදල ගෙවීමෙන් හා ලක්ෂ 6 කට වැඩි වටිනාකමකින් යුත් ගෙයක් තැනීමෙන් පසු නිදහස් ඔප්පුවක් ලෙස පරිවර්තනය කළ හැක.

  • කර්මාන්තපුරයකට

පියවරෙන් පියවර (ඉඩම් බදු දීම - කර්මාන්තපුරයකට)
පියවර 1: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් බදු දීම සඳහා කර්මාන්ත, සංචාරක  සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබාගැනීම.
පියවර 2: අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම්කරු සම්මුබ පරීක්ෂණයක් සඳහා කැඳවීම.
පියවර 3: අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්ෂික බදු ගෙවීම් ගණනය කිරීම.
පියවර 4: ඉල්ලූම්කරු ප්‍රාදේශීය අදාළ ලේකම් කාර්යාලයට අදාළ මුදල් ගෙවීම.
පියවර 5: මුදල් ගෙවූ රිසිට් පත සමඟ බලපත්‍රය ඉල්ලූම්කරුට ලැබීම.
සටහන: අවුරුදු 5 කට වරක් ඉඩමේ වටිනාකම නැවත ගණනය කෙරේ. අවුරුදු පතා ඉඩම් බල පත්‍රය අලූත් කළ යුතු වේ.

 කාලසීමාව

  • සාමාන්‍ය පුරවැසියන්

ක්‍රියාවලිය සඳහා කාලසීමාව
මාස 3 ක් ඇතුළතදී

ඉදිරිපත් කිරීමේ කාලසීමාව
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන කාලසීමාව තුළ

වලංගු කාලසීමාව
බදු ඔප්පු අවුරුදු 30 ක කාලය
සෑම අවුරුද්දක් පතාම අළුත් කළ යුතුය

වැඩ කරන කාලය හා දින
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය
පෙ.ව. 9.00 _ 4.30 දක්වා සඳුදා සහ බඳාදා

ග්‍රාම නිලදාරී කාර්ය්යතලය           
පෙ.ව. 9.00 _ ප.ව. 4.45 සඳුදා
පෙ.ව. 9.00 _ 12.00 බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා

  •  කර්මාන්තපුරයකට

ක්‍රියාවලිය සඳහා කාලසීමාව : මාස තුන ඇතුළත

ඉදිරිපත් කිරීමේ කාලසීමාව: අදාළ නොවේ
සටහන: කර්මාන්ත, සංචාරක  සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් භාර ගැනීමේ ක්‍රියාවලිය කරගෙන යනු ලැබේ.

වලංගු කාලසීමාව
අවුරුදු පතා බලපත්‍රය අලූත් කිරීම
ඉඩමේ වටිනාකම අවුරුදු 5 කට වරක් ප්‍රාදේශීය ලේකමී කාර්යාලයේදී අලූත් කරනු ලැබේ

වැඩ කරන කාලය හා දින

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජයේ ඉඩම් කටයුතු අංශය
පෙ.ව. 9.00 _ 4.30 දක්වා සඳුදා හා බඳාදා

සේවය සඳහා ගෙවීම්

  • සාමාන්‍ය පුරවැසියන්

වාර්ෂික ගෙවීම්
පළවෙනි වාර්ෂික ගෙවීම (ඉඩමේ වටිනාකමින් 4%) * 3
ඉතිරි වාර්ෂික ගෙවීම් ඉඩමේ වටිනාකමින් 4% ක් 

  • කර්මාන්තපුරයකට
    ඉල්ලූම්කරු විසින් සමීක්ෂණ අංශයට සමීක්ෂණය සඳහා ගෙවීම් කළ යුතුය.

    වාර්ෂික ගෙවීම්
    පළවෙනි වාර්ෂික ගෙවීම් ඉඩමේ වටිනාකමින් 4%) * 3
    ඉතිරි වාර්ෂික ගෙවීම් ඉඩමේ වටිනාකමින් 4% ක්

අවශ්‍ය අමතර ලියකියවිලි

  • සාමාන්‍ය පුරවැසියන්

ග්‍රාම නිලධාරීවිසින් සපයනු ලබන ඉල්ලූම්කරු සතු වෙනත් ඉඩමක් නැති බවට කරන වාර්තාව
ඉඩමේ ස්වභාවය පිළිබඳ ග්‍රාම සේවා නිලධාරී වාර්තාව

  • කර්මාන්තපුරයකට

කර්මාන්ත සංචාරක ආයෝජන හා ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලිපිය.

සේවාව සඳහා වගකීම්

  • සාමාන්‍ය පුරවැසියන්
තත්වය අංශයේ නම
ප්‍රාදේශීය ලේකම් තුමා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඉඩම් නිලධාරී    රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ග්‍රාම නිලධාරී අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • කර්මාන්තපුරයකට
තත්වය අංශයේ නම
ප්‍රාදේශීය ලේකම් තුමා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඉඩම් නිලධාරී රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 විශේෂ කරුණු

  • සාමාන්‍ය පුරවැසියන්

අදාළ නොවේ

  • කර්මාන්තපුරයකට

අදාළ ගාස්තු ගෙවා නොමැති නම් ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම්කරුට විරුද්ධව නඩු පවරනු ඇත.

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත
අදාළ නොවේ.


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:35
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty