The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් මරණ මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ශ්‍රී ලාංකිකයෙක් මරණයට පත්වූ අවස්ථාවක එම මරණය සිදුවුන කොට්ඨාශය භාර ප්‍රාදේශීය ලේකම් තැනගෙන් වලංගු මරණ සහතික පිටපතක් ලබා ගත යුතුය.
මරණය නිවසින් පිට පළාතක සිදුවූයේ නම් එය සිදුවූ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යශලයට දැනුමි දිය යුතුයි.

ඉදිරිපත් කරන පිළිවෙල

වලංගු අයදුම්පත්‍ර පෝරමයක් ලබා ගැනීම

අයදුම්කරු වලංගු අයදුම් පතක් අදාළ සහතික රෙජිස්ට්‍රාර්ගෙන් හෝ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්ය්ය්ලයකින් අයදුම්කරු විසින් අයදුම්පත පුරවා සකස් කළ යුතුය.

මරණය සිදුවී මාස 3 ක් ගත වූයේ නම් පහත සඳහන් ලිපි ලේබන ඉදිරිපත් කළ යුතුයි.

ග්‍රාම නිලධාරි සහතිකය මරණය ගෙදරදී සිදු වූයේ නම්
වෛද්‍ය නිලධාරී සහතිකය:_ මරණය රෝහලක සිදුවූවා නම්
මරණය සිදුවී මාස 3 ක් ඉකුත් වී ගිය පසු ලියාපදිංචිය සිදු කරන විට පහත දැක්වෙන දත්ත සැපයිය යුතුය.
ඉල්ලූම් කළ ලිපිය
මරණ දැන්වීම
ඇසින් දුටු සාක්ෂිකාරයන් 2 ගේ නම්
ආගමික වාතාවන් සඳහා සහභාගී වන පාංශුකූල හෝ දේවගැතියන් (භුූමිදානයේදී)
මලගෙය , මරණාධාර, සමිතියෙන් හෝ වෙනත් කාර්යාලීය සමාජිකයින් විසින් මෙහෙය වන ලබයි නම්,
මරණය හදිසියේ සිදු වූයේ නම්, එය විමසුම් කරන්නේ හදිසි මරණ අංශයෙනි

 

අයදුම් පත්‍ර පෝරම අංකය - උපන් ස්ථානය /අවුරුදු /මාස

සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ පෝරම - 63 ඒ

ප්‍රමාදවී ලියාපදිංචි සිදු කරන්නේ නම් - පෝරම 15

අයදුම්පත අතින් ගෙන ගොස් භාර දීම අවශ්‍යයි. අයදුම්කරු රෙජිස්ට්‍රාර් කාර්ය්යාලයට ගොස් අයදුම්පත භාර දීම හෝ මුද්දර සහිත කවරයක් සමඟ රෙජිස්ට්‍රාර් වෙත තැපැල් කළ හැක

සටහන:_
අයදුම්පත තැපෑලෙන් යවන්නේ නම් ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය   
අයදුම්පත් භාර ගන්නා වේලාවන්

උදේ 9.00 සිට 12.30 දක්වා
සවස 1.00 සිට 4.45 දක්වා

අයදුම්කරු මරණය සිදුවූ අවස්ථාවේම ග්‍රාම නිලධාරී මහතාට දැනුම් දිය යුතු අතර නොඵසේ නම් දින 5 ක් ගත වීමට ප්‍රථම රෙජ්ස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය

මරණ සහතිකය අයදුම්කරු වෙත තැපෑලෙන් යවනු ලැබේ.

 

ඉල්ලූම් පත්‍ර පෝරම

ඉල්ලූම්පත් පෝරම් අංකය    විස්තරය

මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලූම් පත්‍රයක් හෝ ලේබන සෙවීම් පෝරම  බී63 ඒ   
මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම


පියවරෙන් පියවර පිළිවෙල (මරණ සහතික පිටපතක් නිකුත් කිරීම)

පියවර 1: අයදුම්කරු වලංගු අයදුම්පතක් රෙජිස්ට්‍රාර් කාර්ය්යයලයේ විමසීම් කවුන්ටරයෙන් හෝ ප්‍රාදේශීය කාර්ය්ය්ලයෙන් ලබා ගත හැකිය.

පියවර 2: අයදුම්කරු අයදුම්පත පුරවා සකස් කිරීම

පියවර 3: අයදුම්කරු උපකාරක ලිපි සූදානම් කිරීම

පියවර 4: අයදුම්පත රෙජ්ස්ට්‍රාර් කාර්ය්යිලයට ගොස් භාර දීම හෝ ප්‍රාදේශීය ලේකම්     කාර්ය්යේලයට භාර දීම

සටහන :- අයදුම්පත තැපැල් කරන්නේ නම් මුද්දරයැති කවරයක් සමඟ තැපැල් කළ යුතු වේ.

පියවර 5: ප්‍රාදේශීය ලේකම් අයදුම්පත සහ උපකාරක ලිපි පරීක්ෂා කර බලා සත්‍යතාවය තහවුරු කිරීම

පියවර 6: අයදුම්කරුට මරණ සහතිකය අතින් භාරදීම හෝ තැපෑලෙන් එවීම සිදු කරනු ලැබේ.

සටහන :- අයදුම්පත අවලංගු වුවහොත් අවලංගු වීමට හේතු දක්වා රෙජ්ස්ට්‍රාර් විසින්  අයදුම්පත තැපෑලෙන් එවනු ලැබේ.

 

කාලසීමාව
   
නව මරණ සහතිකයක් සකස් කරන්නේ නමි අයදුම්කරු දින 2 ක් හෝ 3 ක් ඇතුළත මරණ සහතිකයේ මුල් පිටපතේ දිනය සැපයීමෙන් තොරතුරු සොයා ගැනීම පහසුවේ.  උදාහරණ ලෙස ප්‍රයෝජනවත් නොවන තොරතුරු සෙවීමේදී සාමාන්‍ය කාලයට වඩා වැඩි වේලාවක් ගතවේ.


ඉදිරිපත් කිරීමේ ක්‍රමය

පියවර 1: අයදුම්පත්‍ර ලබා ගැනීම

වැඩ කරන වේලාවල් තුළදී විමසීම් අංශයෙන් හෝ ලේබන කටයුතු ලියාපදිංචි කිරීමේ ස්ථානයෙන් අයදුම් පත්‍ර ලබා ගත හැක.

වැඩ කරන වේලාවල්: - සඳුදා , අඟහරුවාදා (සඳුදා හා බදාදා මුළු දිනයම)

කාර්ය්ය්ල විවෘත වේලාවල් පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

නිවාඩු දිනයන්    :- සියලූම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු දිනයන්හි

 

පියවර 2: අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම

කාලය අපතේ යැවීමෙන් තොරව අයදුම් පත්‍ර අදාළ ස්ථානයට කෙලින්ම ඉදිරිපත් කළ හැකිය.  නමුත් අයදුම් පත්‍ර තැපැල් කළ විට අදාල මංඩල වෙත ලඟා වීමට විශාල  කාලයක් ගතවේ.
   
වැඩ කරන වේලාවල් : සඳුදා සිට සිකුරාදා දක්වා  (සඳුදා හා බදාදා සම්පූර්ණ දිනයම)

කාර්ය්ය්ල විවෘත වේලාවල් පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

නිවාඩු දිනයන්හි    : සෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු දිනයන්හි

 

සේවයට අදාළ මිල

මුද්දර ගාස්තු පහත පරිදි වේ.

(1) ලියාපදිංචි කළ දිනය හෝ සහතික පත්‍ර අංකය තිබේ නම් එක කොපියකට මුද්දර ගාස්තු රු. 5.00 කි පිටපත් දෙකකට වඩා ලබා ගැනීම රු. 5.00 බැගින් ගෙවිය යුතුය.

(2) ලියාපදිංචි කළ දිනය නොදනී නම් පොත් මගින් සොයා ගැනීම සඳහා මාස තුනක් ගතවන අතර එය නිකුත් කරන්නේ මාස 3 කට පසු එක් පිටපතකි.  මුද්දර ගාස්තු වශයෙන් රු. 10.00ගෙවිය යුතුය.  පිටපත් දෙකක් ලබා ගැනීමට රු. 5.00 බැගින් ගෙවිය යුතුය.

(3) මරණය සිදුවී අවුරුදු 2 ක කාලසීමාවක් තුළදී පොත් මගින් සෙවිය යුතු නම් මුද්දර ගාස්තු රු. 20.00 ගෙවිය යුතුය.

පිටපතකට රු. 5.00 බැගින් ගෙවිය යුතුය

 

උපකාරක ලිපි    
අදාල නැත.


විශේෂ කරුණු
අදාල නැත

 සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:39
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty