The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව තාක්ෂණ විද්‍යාල/ කාර්මික විද්‍යාල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තාක්ෂණ විද්‍යාල/ කාර්මික විද්‍යාල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම.

PDF Print Email

තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පවත්වනු ලබන පාඨමාලා, අදාල අධ්‍යාපන සුදුසුකම් සහ ඒවා පවත්වනු ලබන තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල පහත දක්වා ඇති අතර ඒ ඒ පාඨමාලා වලට ඇතුල්වීම සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් අනුව මෙම පාඨමාලා වර්ග කර ඇත. එම පාඨමාලා පහත සඳහන් වර්ගීකරණයට අනුව දක්වා ඇත.

  • ඉංජිනේරු තාක්ෂණික පාඨමාලා(පූර්ණ කාලීන/අර්ධ කාලීන)
  • ඉංජිනේරු ශිල්පීය පාඨමාලා(පූර්ණ කාලීන/අර්ධ කාලීන)
  • ව්‍යාපාර අධ්‍යයන පාඨමාලා(පූර්ණ කාලීන/අර්ධ කාලීන)
  • සාමාන්‍ය අධ්‍යයන පාඨමාලා(පූර්ණ කාලීන/අර්ධ කාලීන)
  1. අපොස(සා/පෙළ) විභාගයේදී සම්මාන හතරක් (04) සහිතව විෂයයන් හයකින් (06) සමාර්ථය ලබා ඇති සිසුන් සඳහා වන පාඨමාලා.
  2. අපොස(සා/පෙළ) විභාගයේදී මාධ්‍ය භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් හයකින් (06) සමාර්ථය ලබා ඇති සිසුන් සඳහා වන පාඨමාලා.
  3. අපොස(සා/පෙළ) විභාගයේදී විෂයයන් හතරකින් (04) සමාර්ථය ලබා ඇති සිසුන් සඳහා වන පාඨමාලා.
  4. 10 වසර සම්පූර්ණකර ඇති සිසුන් සඳහා වන පාඨමාලා.
  5. 9 වසර සමත්වී ඇති සිසුන් සඳහා වන පාඨමාලා.
  6. තාක්ෂණ විද්‍යාලවල පවැත්වෙන ජාතික වෘත්තීය සුදුසුකම් (Level 5&6) පාඨමාලා.


සිසුන් ඇතුලත් කරගැනීමේ පිළිවෙල

  1. පාඨමාලා අධ්‍යයන වර්ෂය සෑම වසරකම ජනවාරි මාසයෙන් පටන්ගෙන දෙසැම්බර් මාසයෙන් අවසන් වේ.
  2. සෑම වසරකම සැප්තෙම්බර්/ඔක්තෝබර් මාසය තුල පල කරනු ලබන රජයේ ගැසට් පත්‍රය මගින් පාඨමාලා විස්තරය හා ඒවා පැවැත්වෙන කාර්මික විද්‍යාල ඇතුලත් තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබේ. එහි පලකර ඇති ආදර්ශ අයදුම්පත අනුව සකස්කරන ලද අයදුම්පත් සඳහන් කර ඇති අවසාන දිනට පෙර අදාල කාර්මික විද්‍යාලයේ විදුහල්පති වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකල යුතු වේ.
  3. තමන් කැමති ඕනෑම පාඨමාලාවකට වෙන වෙනම ඉල්ලුම් පත්‍රයක් බැගින් ඉදිරිපත් කල යුතුය.
  4. අයදුම් කරුවන් තෝරාගනු ලබන්නේ අභියෝග්‍යතා පරීක්ෂණයක් හා/හෝ සම්මුඛ පරීක්ෂණයක පුතිඵල මතය.
  5. සිසුන් ඇතුලත් කර ගැනීම පිළිබඳ වැඩි විස්තර ඉල්ලුමිකරුට ආසන්නතම කාර්මික විද්‍යාලයේ ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයෙන් ලබාගත හැකිවන අතර අවශ්‍ය ඕනෑම අවස්තාවක සුදුසුකම් අනුව පාඨාමාලාවන්ට ඇතුලත්වීම පිණිස ලියාපදිංචි විය හැක.

පාඨමාලා ගාස්තු : පූර්ණ කාලීන පාඨමාලා සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ. එහෙත් අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන පාඨමාලා හදාරන්නන්ගෙන් පහත පරිදි ගාස්තු අයකරනු ලැබේ.

  • අවුරුද්දකට වැඩි අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා අධ්‍යයන වර්ෂයකට රු. 2000.00
  • එක් අවුරුදු හෝ ඊට අඩු කෙටිකාලීන අර්ධකාලීන/සන්ධ්‍යා කාලීන පාඨමාලා සඳහා අධ්‍යයන වර්ෂයකට රු. 1500.00


පුහුණුව ලබන කාලසීමාව තුල පුහුණුවන්නන් හට ලැබෙන ප්‍රතිලාභ :

  • දිනකට රු. 20ක දීමනාවක් (මසකට රු. 450.00 ක උපරිමයකට යටත්ව පූර්ණ කාලීන දිවා පාඨමාලා සඳහා පමනි)
  • අඩු ආදායම් ලබන සිසුන් හට රු. 2500.00 බැගින් වූ වාර්ෂික ශිෂ්‍යාධාරයක්
  • ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ලබා ගැනීම තුලින් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, හා තාක්ෂණ උපාධිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබීම.
  • නිපුණතා පාදක පුහුණුව (CBT) යටතේ පාඨමාලා හැදෑරීමට හැකීවීම.
  • සහනදායී මුදලකට ලංගම වාර ප්‍රවේශ පත්‍ර හිමි වීම.
  • වෘත්තීය උපදේශන සේවාව හා වෘත්තීය ඉංග්‍රීසි දැනුම ලබා ගැනීම.
  • ව්‍යවසායකත්ව දැනුම ලබා ගැනීම.
  • ශිල්පීය පුවර්ධන දැනුම ලබා ගැනීම.


පුහුණුවෙන් පසු පුහුණුලාභියාට හිමිවන ප්‍රතිලාභ :

  • රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල වැඩිදුර පුහුණුව
  • විදේශිය රැකියා සඳහා යොමු කිරීම
  • ස්වයං රැකියා සඳහා යොමු කිරීම
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යවසායකත්ව පුහුණුව සමග ණය පහසුකම් සඳහා යොමු කිරීම
  • ව්‍යාපාර උපදේශන සේවා
  • පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීම


 


ආයතනයේ තොරතුරු

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

තැ. පෙ. 557,
ඔල්කොට් මාවත,
කොළඹ 10.


එච්.කේ.එන්. තුෂාරික මහතා
දුරකථන:+94 112 421 580
ෆැක්ස් අංක:+94 112 449 136
විද්‍යුත් තැපෑල:info@dtet.gov.lk
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:16
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty