The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත් ආකෘතිය     සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
රාජ්‍ය නාට්‍ය උළෙල

PDF Print Email
සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනයට හේතුවන්නා වූ ගුණාත්මක හා නිර්මාණාත්මක නාට්‍ය තෝරාගෙන එම නිර්මාණ  සහ නිර්මාණවේදීන් ජාතික මට්ටමින් ඇගයීම සඳහා රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරයි.
සුදුසුකම් හා කොන්දේසි
ප්‍රසිද්ධ  රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබ අදාල වර්ෂයේ ජනවාරි 01 වන දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කුමන හෝ නගරයක කුමන හෝ රංග ශාලාවක ප්‍රසිද්ධ රඟ දැක්වීමක් කළ ( විවේක කාලය හැර ) අවමය පැයක් හා උපරිමය පැය දෙක හමාරක ප්‍රදර්ශන කාලයකින් යුක්තවීම.
සැ.යු:         වැඩි විස්තර වර්ෂිකව රාජ්‍ය නාට්‍ය උළෙලට නිර්මාණ කැඳවීම සඳහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවේ දැක්වේ. සියලු විමසීම් සඳහා  0112-872385 දරන දුරකතන අංකයෙන් ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් අමතන්න .
අයදුම් පත්‍රය සම්පූර්ණ කොට තමන් අධ්‍යක්ෂණය කළ නාට්‍යයේ නිසිපරිදි සකස් කරන ලද පිටපතක් ද, ස්වීය නාට්‍යයක් නොවන්නේ නම් එම නාට්‍යයේ සිංහල පිටපත සමග අදාළ නාට්‍ය නිර්මාණයට පාදක වූ මුල් විදේශීය නාට්‍ය පිටපතේ පැහැදිලි ඡායා පිටපතක් ද සමග අයදුම්පත භාරගැනීමේ අවසන් දිනට හෝ ඊට පෙර ලැබෙන සේ
ලේකම්,
ජාතික නාට්‍ය අනුමණ්ඩලය,
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
8 වන මහල - සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
 යන ලිපිනයට ගෙන විත් බාරදීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම කළ යුතුය.
නාට්‍ය පිටපත් ඒ4 ප්‍රමාණයේ කඩදාසියක තනි පැත්තේ යතුරු ලියනය හෝ පරිගණක මගින් සකසා ( නාට්‍යයේ කතා ශාරාංශය හා චරිත හඳුන්වාදීමට වෙන වෙනම පිටු ඇතුලත් කර පැහැදිලිව ඉදිරිපත් කළ යුතු අතර, අත් අකුරින් ලියා ඉදිරිපත් කරන්නේ නම් එම අත් අකුරු ඉතා පැහැදිලි විය යුතුය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වන මහලේ පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අයකිරීමක් නැත.
පුවත්පත් මගින් දැනුම් දෙන නිර්මාණ භාරගැනීමේ අවසන් දිනට පෙර දින රාජකාරි වේලාව තුළ
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අයකිරීමක් නැත.

ඉදිරිපත් කරන නාට්‍යයේ මංගල දර්ශනය අදාළ වර්ෂය තුළ පැවැත් වූ බවට සනාත කිරීම සඳහා
i.    එම මංගල දර්ශනය සඳහා භාවිතා කළ පෝස්ටර්
ii.    ප්‍රවේශ පත්
iii.    පුවත්පත් දැන්වීම්
iv.    සමරු කලාප
v.    පළාත් පාලන ආයතනවලට හෝ ශාලාවලට ගාස්තු ගෙවූ මුදල් ලදුපත්
යනාදිය අතරින් පිළිගත හැකි කුමන හෝ ලේඛනයක් අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.
යම් නාට්‍යයක් රාජ්‍ය නාට්‍ය උළෙලට තෝරාගැනීමෙන් අනතුරුව එම නාට්‍යයේ රචකයා හෝ පරිවර්ථකයා නාට්‍යයේ අධ්‍යක්ෂක නොවන විට රාජ්‍ය නාට්‍ය උළෙලේ සියලුම කොන්දේසිවලට නාට්‍යයේ රචකයා හෝ පරිවර්ථකයා එකඟවන බවට සහ එම නාට්‍ය නිෂ්පාදනය කිරීමට අධ්‍යක්ෂ වෙත තම කැමැත්ත ප්‍රකාශ කරන ලද ලියවිල්ලක් සහ නාට්‍යයට දායක වන සියලුම ශිල්පීන්ගේ නාම‍ ලේඛනයක් ( II උපලේඛනය පරිදි ) හැදුනුම්පත් අංක සමග ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ ( ලේකම් ජාතික නාට්‍ය අනුමණ්ඩලය ) සේවාභාර මාණ්ඩලික නිලධාරීන් ලෙස කටයුතු කරයි.
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය

ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:48
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty