ශ්‍රී ලාංකික නිර්මාණකරනයේ යෙදෙන අවුරුදු 18 වැඩි පුද්ගලයින් සහ කලාකරුවන් මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන අතර චිත්‍ර, මූර්ති, භූමි දර්ශන, ආලේඛ්‍ය චිත්‍ර, මුද්‍රණ කලා, බිතුසිතුවම් පිටපත්, ස්ථාපන යන තරග අංග අතුරින් එක් තරග අංගයක් සඳහා උපරිම නිර්මාණ තුනක් පමණක් ඉදිරිපත් කළ යුතුය. ඉදිරිපත් කරන නිර්මාණ මනා නිමාවකින් යුතුව ප්‍රදර්ශනයකට සුදුසු පරිද්දෙන් සකසා තිබිය යුතුය.
මෙම තරගයේ විනිශ්චය වට දෙකකින් යුක්ත වේ. මේ සඳහා විශේෂ අයදුම්පත්‍රයක් නොමැති අතර ඉදිරිපත් කරන නිර්මාණයේ තේමාව, ප්‍රමාණය (සෙ.මි.) පළමුව උස, මාධ්‍යය, නිර්මාණය කළ වර්ෂය, මූල්‍ය වටිනාකම, ශිල්පියාගේ නම, ලිපිනය, වයස, දුරකතන අංකය යනාදී විස්තර සහිතව තමා විසින් සකස්කරගත් අයදුම් පත්‍රය සමග පළමු වටය සඳහා පැහැදිලි වර්ණ ඡායාරූප හෝ CD මගින් නිර්මාණ ඉදිරිපත් කළ හැක. අපහැදිලි හෝ තාක්ෂණික දෝෂ සහිත නිර්මාණ විනිශ්චය සඳහා ඉදිරිපත් නොකෙරෙන අතර එක් එක් නිර්මාණය වෙනුවෙන් ඉහත විස්තර වෙන වෙනම අමුණා තිබිය යුතුය.
මාධ්‍ය මගින් දැණුම්දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර ලේකම්, ජාතික චිත්‍ර මූර්ති අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික කලාභවන, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට හෝ කාර්යාලයීය වෙලාව තුළ අතින් ගෙනැවිත් නිර්මාණ බාරදීමට හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
ජීවදත්ත තොරතුරු පත්‍රිකාව
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
පුවත්පත් නිවේදනයේ ඇතුළත් තොරතුරුවලට අනුව තමා විසින් සකස්කරගත් අයදුම්පතකි.
ආයතනයේ තොරතුරුDepartment of Cultural Affairs
8th Floor,
Sethsiripaya,
Bataramulla.
Mr ICJ Gunaratne දුරකථන:+94-112-872031 / +94-112-866731 ෆැක්ස් අංක:+94-112-866732 විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk වෙබ් අඩවිය: www.cultural.gov.lk
|