The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අත් පිටපත් තරඟය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත
අත් පිටපත් තරඟය

PDF Print Email
නවක ලේඛකයින් දිරිමත් කිරීමේ අරමුණින් යුතුව රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව වර්ෂිකව උසස් ප්‍රමිතියකින් යුත් නව කතා, කෙටි කතා , පද්‍ය සංග්‍රහ , ළමා නවකතා, කෙටිකතා, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍ය රචනා, පද්‍ය සංග්‍රහ, සහ චිත්‍ර කතා රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත් කරයි. මෙම තරගය විවෘත අත්පිටපත් තරගය හා ශිෂ්‍ය අත්පිටපත් තරගය යනුවෙන් තරග දෙකක් යටතේ පැවැත්වේ.
ආධුනික නිර්මාණකරුවන්, පිරිවෙන්වල / රජයේ පාසැල්වල 10 වන වසර සිට 13 වන වසර දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තරගයට ඉදිරිපත්වීම සඳහා සුදුසුකම් ලබයි. තරගය සඳහා ඉදිරිපත් කරනු ලබන අත්පිටපත් මීට පෙර කිසිම අවස්ථාවක කිසිම ආකාරයකින් මුද්‍රණය නොකළ අත්පිටපත්කරුගේම නිර්මාණයක් විය යුතුය. එක් තරගකරුවෙකුට එක් තරගයකට හෝ සියලුම තරගවලට ඉදිරිපත් විය හැකි අතර එක් තරගයක් සඳහා එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ යුතුය. විවෘත තරගය සඳහා ඉදිරිපත් කරන නිර්මාණය A4 ප්‍රමාණයේ පිටු 50 කට නොඅඩු විය යුතුය. ළමා නවකතා/කෙටිකතා සංග්‍රහ/විද්‍යා ප්‍රබන්ධ (148 x 210 mm ) ප්‍රමාණයේ පිටු 30කටත් පද්‍ය සංග්‍රහ / නාට්‍ය රචනා (148 x 210 mm ) ප්‍රමාණයේ පිටු 16කටත් චිත්‍රකතා (210 x 295 mm ) A4 ප්‍රමාණයේ පිටු 16කටත් නොවැඩි විය යුතුය. චිත්‍ර නිර්මාණකරු විසින්ම ඇඳ තිබිය යුතුය. ( වැඩි විස්තර මේ සම්බන්ධයෙන් වාර්ෂිකව නිකුත් කරන චක්‍ර ලේඛයේ සඳහන් වේ )
නිර්මාණයේ අත් පිටපත් දෙකකින් එකක් තමා ලඟ තබාගෙන අනෙක චක්‍ර ලේඛයේ අමුණුමක් වශයෙන් ඇති අයදුම් පත්‍රය සම්පූර්ණ කොට ඒ සමග පුවත්පත් මගින් දැනුම් දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයටම යැවිය යුතුය. නිර්මාණ බහා යවන ලියුම්කවරයේ වම්පස ඉහළ කෙළවරේ අත්පිටපත් තරගය (අදාළ වර්ෂය) හෝ ශිෂ්‍ය අත්පිටපත් තරගය (අදාළ වර්ෂය)  යනුවෙන් සඳහන් කළ යුතුය. යවන නිර්මාණ අත්පිටපත් පරිගණක අකුරුකරණය, යතුරු ලියනය හෝ පැහැදිලි අත් අකුරින් ලියා නිසියාකාරව බැඳ තිබිය යුතුය.   
මේ පිළිබද චක්‍රලේඛය සහ අයදුම් පත්‍රය නම, ලිපිනය ලියූ මුද්දර කවරයක්
    සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේනතුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට යැවීමෙන් ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර ලයාපදිංචි තැපෑලෙන් හෝ කාර්යාල වේලාව තුළ අතින් ගෙන ගොස් බාර දිය හැක.
සේවා සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
ඉදිරිපත් කරන අත් පිටපතේ ලේඛකයින්ගේ නම් සදහන් නොකළ යුතු අතර තමා ලඟ තබාගන්නා පිටපත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අවශ්‍ය අවස්ථාවකදී ලබා දීමට නිර්මාණකරු බාරයේ සුරැකිව තබාගත යුතුය.
අයදුම්පත

ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty