The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සමාජ සේවා මත්ලෝලී පුනරුත්ථාපනය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මත්ලෝලී පුනරුත්ථාපනය කිරීම.

PDF Print Email
  • මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා සමාජගත කිරීමේ ව්‍යාපෘතිය

    මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, සමාජගත කිරීම හා වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කිරීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ. හෙරොයින්, ගංජා, කේරළ ගංජා, මධ්‍යසාර හා මත්පෙති භාවිතය නිසා ජීවිතය අඳුරු කරගත් මෙම පිරිස අපගේ ආයතනයට ඇතුළත්වීමෙන් පසු ප්‍රධාන වශයෙන්ම සිදුකෙරෙනුයේ මනෝ චිකිත්සක, මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයන් හා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීමයි. එම කාලය තුළ අභ්‍යාසලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යෝගී භාවනා හා ආගමික වැඩසටහන්ද පවත්වනු ලැබේ. අභ්‍යාසලාභීන් පුනරුත්ථාපනය වන කාලය තුළ නේවාසික පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ. අභ්‍යාසලාභීන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කිරීමේ පුහුණුවක්ද නේවාසික කාලය තුළ ලබා දෙනු ඇත.

    ක්‍රියාකාරකම්

    • මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කිරීම හා සමාජ ගත කිරීම.
    • මතට ඇබ්බැහිවීම නිසා ඔවුන්ගේ පවුල් පරිසරය තුළ හටගෙන ඇති ගැටළු අවම කිරීම සඳහා මැදිහත් වීම.
    • මත්ද්‍රව්‍ය භාවිතය නිසා බිඳවැටුණු රැකියාවන් හා අධ්‍යාපන කටයුතු යථා තත්වයට ගෙන ඒම සඳහා අදාළ පාර්ශවයන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම.
    • අවදානම් කණ්ඩායම් සඳහා මත් ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දෙවන මහල,
සෙත්සිරිපාය  දෙවන අදියර,
බත්තරමුල්ල.


එන්. ජී. පී. ජී. සමරවික්‍රම මහතා
දුරකථන:0112187050
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirssdss@gmail.com
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

අදාළ සේවා

මත්ලෝලී පුනරුත්ථාපනය කිරීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:34:18
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 401
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty