The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල

PDF Print Email

දෘශ්‍යාබාධිත තත්වයට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම, පුනරුත්ථාපනය කිරීම හා සහන ලබාදීම මෙම අරමුදලේ මෙහෙවර වේ. ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ නව ආකල්ප වර්ධනය ක්‍රමයෙන් ආරම්භ වූයේ 1981 වර්ෂය ජාත්‍යන්තර ආබාධිත වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. ඒ අනුව, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් 1992 අංක 09 දරණ දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල නමින් පනතක් සම්මත කර රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පනතට සමගාමීව ශ්‍රී ලංකාවේ වෙසෙන දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විවිධ සේවාවන් රැසක් මේ වනවිට ආරම්භ කර ඇත.

ක්‍රියාකාරකම්

  • ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාම හා වැඩිදියුණු කිරීමට ආධාර සැපයීම.
  • දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීම.
  • උසස් පෙළ හදාරන දෘශ්‍යාබාධිත සිසුන් සඳහා මුදල් ආධාර සැපයීම.
  • අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ අක්ෂි කාච ලබාදීම.
  • අක්ෂි ප්‍රතිකාර සඳහා ආධාර ලබාදීම.
  • අවශ්‍යතා මත අරමුදලේ පරමාර්ථයන් ඉටු කිරීම සඳහා විවිධ වියදම් දැරීම.
  • චලතාවය හා දිසානතිය පිළිබඳ පුහුණු ලබාදීම සඳහා උපදේශන දීමනා ගෙවීම.
  • දෘශ්‍යාබාධිතයන් සඳහා අධ්‍යාපනික හා වෘත්තීය පුහුණූ පහසුකම් සැපයීම.
  • දෘශ්‍යාබාධිතයන් සඳහා සේවා නියුක්ති අවස්ථා ඇති කිරීම හා අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ට ස්වයං රැකියා සඳහා මූල්‍යාධාර හා මාර්ගෝපදේශකත්වය සැපයීම.
  • ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ජාතික වශයෙන් සැමරීම. (ඔක්තෝබර් 15)
  • පළමු වසර සිට අ.පො.ස. (සා/පෙළ.) දක්වා පාසල් අධ්‍යාපනය ලබන දෘශ්‍යාබාධිත සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම.
  • ලුවී බ්‍රේල් ශිෂ්‍යත්ව ලබාදීමේ (දෘශ්‍යාබාධිත අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ පාසල් යන දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම)
  • දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වන විවිධ පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම.

ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දෙවන මහල,
සෙත්සිරිපාය  දෙවන අදියර,
බත්තරමුල්ල.


එන්. ජී. පී. ජී. සමරවික්‍රම මහතා
දුරකථන:0112187050
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirssdss@gmail.com
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

අදාළ සේවා

Visually Handicapped Trust Fund

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:34:24
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 231
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty