The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා රජයේ නිලධාරීන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රජයේ නිලධාරීන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම.

PDF Print Email
සුදුසුකම්
  • නිවේදනයේ සඳහන් දිනට අපේක්ෂකයින්ගේ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • රජයේ ස්ථීර පත්වීමක් ලබා නිවේදනයේ සඳහන්  දිනට හෝ ඊට පෙර සුදුසුකම් ලබන තනතුරේ වසර 03 ක් සේවය කර ඇති හා සුදුසුකම් ලබන තනතුරේ පත්වීම ස්ථීර කළ අයෙකු විය යුතුය.
  • අපේක්‍ෂකයා අයත් දෙපාර්තමේන්තුවේ/ආයතනයේ නිලධාරීන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ නීතිරීති අනුව ශිෂ්‍යත්වයක් මත අවුරුදු 2 1/2 ක අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට අපේක්‍ෂකයාට හිමිකම් තිබිය යුතු අතර, ඒ සඳහා ඔහු හෝ ඇය අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතු වේ. තවද අපේක්‍ෂකයා ශිෂ්‍යත්වයක් මත අවුරුදු 2 1/2 ක අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට සුදුසුකම් සපුරා ඇති බවට ඔහු/ඇය අයත් දෙපාර්තමේන්තුවේ/ආයතනයේ ප‍්‍රධානියා හෝ බලයලත් මාණ්ඩලික නිලධාරියෙකු ඉල්ලූම් පතේ සහතික කළ යුතු වේ.
  • පසුගිය වසර 03 ක කාල සීමාව තුළදී සියළුම වැටුප් වැඩි වීම් උපයා තිබීම හා විනයානුකූල දඩුවමකට යටත් නොවී තිබීම
  • අපේක්‍ෂකයින්ට පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
සිංහල/දෙමළ භාෂාව, ගණිතය සහ විද්‍යාව යන හර විෂයයන් (Core Subject) තුනකට අනිවාර්යයෙන් සම්මාන සාමාර්ථ ද, සමාජ අධ්‍යයනය/කෘෂිකර්මය/ඉතිහාසය/ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය/කෘෂි ආහාර තාක්‍ෂණය/උද්‍යාන විද්‍යාව යන විෂයයන් හයෙන් එකකටවත් සම්මාන සාමාර්ථද ඇතිව (මේ අනුව සම්පූර්ණයෙන් සම්මාන හතරක් (04) තිබිය යුතුය.) දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 06 ක් සහිතව අ.පො.ස (සා.පෙළ) සමත් වීම. මෙයින් අවම වශයෙන් විෂයයන් 05 එකවර, සම්මාන 03 ක් සහිතව සමත් වී තිබිය යුතුය.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
NVQ 6 මට්ටමේ පාඨමාලාව සඳහා ගැසට් නිවේදනයකින් සෑම වසරකට අප්‍රේල්, ජූනි දක්වා අතර කාල සීමාවේදී ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
ගැසට් නිවේදනය ප්‍රාකාරව ඉල්ලුම්පත්‍රය සකස් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් නියමිත දිනට පෙර ඉල්ලුම්පත්‍ර යොමු කල යුතුය.
NVQ 5 මට්ටමේ පාඨමාලාව සඳහා සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් කාලසීමාවේදී ඉල්ලුම්පත් කැඳවන අතර, ඍජු අඅයදුම්කරුවන් මෙන්ම NVQ 4 සුදුසුකම්ලාභීන්ද එම ගැසට් නිවේදනය ප්‍රාකාරව අයදුම්පත් සකස් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් නියමිත දිනට පෙර ඉල්ලුම්පත්‍ර යොමු කල යුතුය.
රජයේ නිලධාරීන් සඳහා  අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ඉහත සඳහන්  ආයතනවල නිලධාරීන්ගෙන් ඉල්ලුම්පත් කැඳවීමේ නිවේදනයක් අදාල ආයතනවලට එවනු ලැබේ. එම නිවේදනයට අනුව ඉල්ලුම්පත් සකස්කර ඉල්ලුම් කළ යුතුයි.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඍජු අයදුම්කරුවන් සහ NVQ 4 සුදුසුකම්ලාභීන් අයදුම්පත්‍ර ගැසට් නිවේදනය ප්‍රාකාරව සකස් කර ගැනීම කළ යුතුවේ.
ශිෂ්‍යත්වලාභී නිලධාරීන් විසින් ඉල්ලුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් ආකෘතියට අනුව අයදුම්පත් සකස් කර ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉල්ලුම් පත්‍රය සමඟ, බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අදාළ වන විභාග ගාස්තුව වන රු.700/- ගෙවා ලබාගන්නා ලද කුවිතාන්සිය නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
ගැසට් නිවේදනයේ සඳහන් දින හෝ ඊට ප්‍රථම ඉල්ලුම්පත් ගැසට් නිවේදනයේ සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ශිෂ්‍යත්වලාභී නිලධාරීන් අදාළ ඉල්ලුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් දින හෝ ඊට ප්‍රථම ඉල්ලුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු -
අදාළ නොවේ
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි -
අදාළ නොවේ
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊ-මේල්
අධ්‍යක්ෂ(ව්‍යප්ති හා පුහුණු)
එස්. අමල් අරුණප්‍රිය මයා
ව්‍යාප්ති හා පුහුණු
081 - 2388098
081 - 2387403
 
අතිරේක අධ්‍යක්ෂ (විභාග)
එච්.එස්. කුරුවිට මයා
ව්‍යාප්ති හා පුහුණු
081-2388340
081-2388059
 
අතිරේක අධ්‍යක්ෂ (අධ්‍යාපන)
කේ.එන්.එස්. රණතුංග මිය
ව්‍යාප්ති හා පුහුණු
081-2388341
081-2388059
 
නියෝජ්‍ය අධ්‍යක්ෂ (විභාග)
ඒ.එම්.යූ. පින්නලන්ද මයා
ව්‍යාප්ති හා පුහුණු
081-2388059
081-2388059
 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථාහා විශේෂ තොරතුරුඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාළ නොවේ
ගැසට් නිවේදනයේ ඵලකරන ආකෘතිය හා උපදෙස් අනුව ඉල්ලුම්පත තමන් විසින් සකස් කර ගත යුතුය.         
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:57:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty