The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය මා දැල් හිමියන් හා මාදැල් වරායයන් ලියාපදිංචි කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

මා දැල් හිමියන් හා මාදැල් වරායයන් ලියාපදිංචි කිරිම.

PDF Print Email

මූලික සුදුසුකම් හා අවශ්‍යතා  
1984 මාදැල් ධීවර නියෝග වල 8වන නියෝගයට අනුකූලව සුදුසුකම් ලාභියෙකු විය යුතු අතර එහි 20 වන නියෝගයේ අවශ්‍යතා සපුරා තිබිය යුතුය. පිටපත අමුණා ඇත.6 වන නියෝගය යටතේ ලියාපදිංචි කිරීම සඳහා වන සෑම අයදුම්පතක්ම මෙයට යාකර ඇති 'ඇ' උපලේඛනයෙහි දක්වා ඇති ආකෘතියට සාරානුකූලව.

(අ)    යම් මාදැල් වරායකට යාබදව ඇති රජයේ ඉඩමක පදිංචිවීම සඳහා නියමිත දිනයට පෙර යම්කිසි බලධරයකු විසින් නිකුත් කරනු ලැබුවා වූ වලංගු අවසර පත්‍රයක් දරන්නකු හෝ,
(ආ)    ලියිපදිංචි කිරීම ඉල්ලා සිටිනු ලබන මාදැල් වරාය ඇතුළත නියමිත දිනයට පෙරාතුවම වූ වර්ෂ දෙක තුළ නොකඩවා මාදැල්වලින් මසුන් ඇල්ලීමෙහි කටයුතුවල යෙදී සිටි තැනැත්තකු හෝ,
(ඇ)    23 වන නියෝගය යටතේ පුරප්පාඩු වී ඇති මාදැල් වරායක හෝ නියමිත දිනට පසුව විශේෂයෙන් නියම කරනු ලබන හා හදුන්වා දෙනු ලබන යම් මාදැල් වරායක මාදැල් වලින් මසුන් ඇල්ලීමේ කටයුතුවල යෙදීමට අදහස් කරන්නකු,එසේ වන කවර හෝ තැනැත්තකු විසින් ලේකම්වරයාට ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එසේ වුවද එවැනි තැනැත්තකුට 20 වන නියෝගය යටතේ එසේ ලියාපදිංචිවීම සඳහා සුදුසුකම් තිබිය යුතු ය.

6 වන නියෝගය යටතේ ලියාපදිංචිවීම සඳහා හෝ 16 වන නියෝගය යටතේ පැවරීම ලියාපදිංචි කිරීම සඳහා හෝ ඉල්ලුම් කරන සෑම අයදුම් කරුවකුම
(i)    ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
(ii)   මෙහි (ඊ) උපලේඛනයෙහි නියමකර ඇති මාදැල් ධීවර කටයුතු සඳහා භාවිතා කෙරෙන ධීවර යාත්‍රා, දැල් හා ආම්පන්න අවම සංඛ්‍යාව සහ ලේකම්වරයා විසින් තීරණය කරනු ලැබිය හැකි පරිදි එම මාදැල් වරායේ මාදැලක් එලීමට අවශ්‍යවන අවම කම්කරු ශ්‍රමය හා මුදල් ද සතුව තිබිය යුතුය.
(iii)   එම වරායේ මසුන් ඇල්ලීමටත්, වරායට යාබද රජයේ ඉඩම්වල පදිංචිව සිටීමටත්, එම අයිතිකරුවන්ට ඇති අයිතිය ලේකම්වරයා සෑහීමට පත්වන පරිදි ඔප්පු කළ යුතුය.

උපකාරක ලියකියවිලි
•    අයභාර බදු ගෙවු ලේඛණ
•    යාත්‍රා, මාදැල් අයිතිය සනාථ කරන ලේඛණ.
•    අවස්ථානුකූලව අවශ්‍යවන අනෙකුත් ලේඛණ (1984 මාදැල් ධීවර නියෝග වලට අනුකූලව.)

ඉදිරිපත් කිරිමේ විධි
පියවර 1:ප්‍රදේශයේ ධීවර පරික්ෂකගෙන් අයදුම්පතක් ලබාගැනිම.
පියවර 2:සම්පුර්ණකරන ලද අයදුම්පත් හා අදාල ලෙඛණ ධීවර පරික්ෂක වෙත භාර දීම.

අයදුම් පත්  
      1984 මාදැල් ධීවර නියෝග වල 8වන නියෝගයේ 'ඇ' උප ලෙඛණයේ නියමිත අයදුම් පත්‍රය වේ. (අයදුම් පත්‍රය අමුණා ඇත.)

ක්‍රියාවලිය පියවරෙන් පියවර

පියවර 1:ප්‍රදේශයේ ධීවර පරික්ෂකගෙන් අයදුම්පතක් ලබා ගැනිම.   
පියවර 2:සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර හා අදාල ලේඛණ ධිවර පරීක්ෂකට භාර දිම. 
පියවර 3:නිර්දේශිත අයදුම්පත්‍ර හා ලේඛණ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.
පියවර 4:දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විසින් නිර්දේශිත අයදුම්පත්‍ර හා අදාල ලේඛණ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.
පියවර 5:අධ්‍යක්ෂ ජනරාල් මාදැල් ලියාපදිංචි හිමිකරු හා වරාය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හා ප්‍රතිචාරය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ‍වෙත දැනුම් දීම.
පියවර 6:දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මාදැල් අවසර පත්‍රය නිකුත් කිරීම/ ප්‍රතිචාරය අයදුම්කරුට දැන්වීම.

සැ.යු.    මාදැල් අවසර පත්‍රය වාර්ෂිකව ලියාපදිංචිය අලුත් කර ගත යුතු අතර ඒ සඳහා 'ඊ' උප ලේඛණයේදි ආකෘති පත්‍රය සම්පුර්ණ කර ප්‍රදේශයේ ධීවර පරීක්ෂක මගින් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කල යුතුය. මේ සඳහා අයකිරීමක් සිදු නොවන අතර ප්‍රදේශිය ලේකම් වෙත අදාල අයභාර බදු ගෙවා ලබාගත් ලදුපත ඉදිරිපත් කල යුතුය.  

සේවාව සඳහා ගතවන කාලය.

ගතවන කාලය
සති ‍2ක් පමණ ගතවනු ඇත.

ඉදිරිපත් කිරීම සඳහා කාල සීමාව.

පියවර 1:අයදුම්පතක් ලබා ගැනීම. වැඩකරන දින සඳුදා සිට සිකුරාදා කාර්යාලය විවෘතව තබන වේලාවන් - පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
පියවර 2:අයදුම්පත් භාර ගැනීම.වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)

අයදුම්පත් සඳහා වියදම්
අයදුම්පත් සඳහා වියදමක් නොමැත

වියදම
ලියාපදිංචිය සඳහා රු 100.00/- ගාස්තුවක් අය කෙරේ

දඩ සහ අයකිරීම්  
අයකිරීමක් නොකෙරේ.

අමතර වියදම
අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙත නියමිත අයභාර බදු ගෙවීමට සිදුවේ.


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-23 23:35:41
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 213