The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව එක්දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


එක්දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම

PDF Print Email

 1.      හදිසි අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන්  වෙනුවෙන් එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම 2003.09.01 දින සිට ආරම්භ කර ඇති අතර ජාතික හැඳුනුම්පත බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් හෝ දකුණු පළාත් කාර්යාලය මගින් එම සේවාව ලබා ගත හැකිය.

2.      ඉල්ලුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරිවරයා හා ප්‍රාදේශීය ලේකම්වරයා, වතු පදිංචිකරුවන් සඳහා වතු අධිකාරීවරු, පාසල් අයදුම්කරුවන් සඳහා අදාල පාසලේ විදුහල්පතිවරයා හෝ පරි‍වෙනාධිපති හිමි යන සහතික කිරීමේ නිලධාරීන් විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත්‍ර, එක් දින සේවාව වෙත යොමු කළ හැකිය. ග්‍රාම නිලධාරී විසින් සහතික කරනු ලබන ඉල්ලුම්පත්‍ර අදාල ප්‍රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ.

3.      එක්දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ගාස්තුව රු. 2000/- කි (ඉල්ලුම්පත් ගාස්තුවට අමතරව).

4.      එක් දින සේවය සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට හා ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්ය වේ.

 

5.      ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන

1.      සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1,7,8 ආකෘතිය ආකෘති පත්‍රය

2.      ජාතික හැඳුනුම්පත සංශෝධනය කරන්නේ නම් අවසන්වරට ලබාගත් ජාතික හැඳුනුම්පත

3.      ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම්, ඒ පිළිබඳව කරන ලද පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත (මාස 06 ක් නොඉක්මවූ )

4.      මාස 6ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය

5.      නියමිත ඉල්ලුම්පත් ගාස්තු (මුල් වරට ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කිරීම - රු.200/- ,ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම- රු.500/-, ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබා ගැනීමට -රු.1000/-) ගෙවූ කුවිතාන්සිය

6.      උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහනක්

7.      උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය සමඟ නම හා උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් (දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / ප්‍රාදේශීය ලේකම් හෝ බලය පවරන ලද නිලධාරියා විසින් සහතික කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත )

8.       උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති වයස අවුරුදු 40 ට වැඩි ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා

·         අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන

·         නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගත හැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / ප්‍රාදේශීය ලේකම් හෝ බලය පවරන ලද නිලධාරියා විසින් සහතික කරන ලද කේන්දරයක පිටපතක් / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )

 

9.      අවශ්‍ය අවස්ථාවන්හි දී නමඋපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත

10.  බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය

11.  අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික

12.  පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින්  ලබා ගත් සහතික.

13.  ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීමට අවශ්‍ය නම් විවාහ සහතිකය

14.  ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට  ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය

15.  ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය

16.  උචිත නියමිත කාල සීමාව තුලදී ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් නොකරන ලද පුරවැසියන් විසින්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු පු.ලි.දෙ./මෙ/2/3/ii දරණ ආකෘතිය (එම ආකෘතිය www.drp.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මගින් හෝ ජාතික හැඳුනුම්පත් සහතික කිරීමේ නිලධාරීන් මගින් ලබා ගත හැක) හා ඊට අදාල රු.2500/- ක දඩ මුදල් ගෙවූ කුවිතාන්සිය

 


ආයතනයේ තොරතුරු

පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
10වන මහල,
"සුහුරුපාය"
ශ්‍රී සුභුතිපුර පාර,
බත්තරමුල්ල.


ටී.ඩී. කොරලේගෙදර
දුරකථන:+94-11-5226100
ෆැක්ස් අංක:+94-11-2862290
විද්‍යුත් තැපෑල:info@drp.gov.lk
වෙබ් අඩවිය: www.drp.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-05-22 03:26:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty