The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු රජයේ සේවකයන් සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     D ආකෘති පත්‍රය     ලියාපදිංචි ආකෘතිය සමගින් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය     
සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම.

PDF Print Email

මූලික සුදුසුකම් සහ අවශ්‍යතා


01.පහත සඳහන් කරුණු අනුව මහජනතාවට මේ සඳහා අයදුම් කිරීමට පිළිවන.

  • නව ආයතනයක් ස්ථාපිත කිරීම.
  • නැවත ලියාපදිංචි කිරීම.
  • පවතින ආයතන සඳහා ලිපිනයන් මාරු කිරීම.
  • පවතින ආයතන සඳහා නාමය වෙනස් කිරීම.
  • ආයතනික අයිතිකරු  වෙනස් වීම.

02.අයදුම්පත ඉදිරිපත් කිරීම.

  • නියමිත පරිදි  සම්පූර්ණ  කරන ලද D ආකෘති පත්‍රය  පිටපත් දෙකකින් ඉදිරිපත් කළ යුතුය.
  • ආයතනය පිහිටි  ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

 

ඉදිරිපත් කිරීමේ විධි

ආයතන ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්, ලියාපදිංචි කිරීමේ අංශය, සහකාර ‍කම්කරු කොමසාරිස්. සේවක අර්ථ සාධක අරමුදල, කම්කරු දෙපාර්තමේන්තුව. කොළඹ 05 ලිපිනයට හෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාල හෝ උප කම්කරු කාර්යාල වෙත යොමු කළ හැක.



අයදුම්පත් සමග ඉදිරිපත් කළ යුතු ලේඛන

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය හා 'D' අයදුම් පත.


වෙළඳාම ලියාපදිංචි කිරීමේ අයදුම්පත පියවරෙන් පියවර ක්‍රියාවලිය

 

පියවර 01 : අයදුම්කරු විසින් ලියාපදිංචිය සඳහා ඩී පෝර්මය සේවක අර්ථසාධක අරමුදල් අංශයෙන් හෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාල මගින්  ලබා ගැනීම.


පියවර 02 : සම්පූර්ණ කරන ලද අයදුම්පත ව්‍යාපාර ලියාපදිංචි සහතිකය  සමගින් සහකාර කම්කරු කොමසාරිස් (ඊ.පී.එෆ්) වෙත භාර දීම හෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාල හෝ උප කම්කරු කාර්යාල වෙත භාර දීම


පියවර 03 :   සේවක අර්ථසාධක අරමුදල් අංශය මගින් ලබා දී ඇති තොරතුරු වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම.


පියවර 04 : ප්‍රධාන කාර්යාලයේදී හා අනිකුත් කාර්යාල වලදී දිනක් ඇතුළතදී අයදුම්කරුට ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම.

 

සටහන : අසම්පූර්ණ හා සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති නම් අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.


 

 සේවාව සඳහා ගත වන කාලය

සකස් කිරීමට ගන්නා කාලය - ලියාපදිංචි කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයේ දී එක් දිනක් ද අනිකුත් කාර්යාල වලදී දින 07 ක කාලයක් ද ගත වේ.


අයදුම්පත් භාර දීම:

 

සතියේ දින  සඳුදා සිට සිකුරාදා දක්වා


වේලාව : පෙ.ව.09.00 සිට ප.ව.3.30 දක්වා


නිවාඩු දින : රජයේ නිවාඩු දින


වලංගු කාලය : ආයතනයේ ලියාපදිංචියේ සිට එය පවතින තුරු කාලය




සේවයට අදාල වියදම

 

අයදුම්පත් ගාස්තු:

අයදුම්පත් සඳහා  අය කිරීම් නොමැත.

 

ගාස්තු:


කිසිදු මුදල් අය කිරීමක් නොමැත.

 

අය කිරීම්:

  • ආයතනයට සේවකයන් බඳවාගත් දින සිටම තම ආයතනයේ සියළුම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් ගෙවිය යුතුය.
  • ගෙවීම ප්‍රමාදවීමේ දී දඩ මුදල් පැනවීම
  • ආයතනික හිමියන් ස්වකීය ආයතනයේ සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය. එසේ ගෙවීමට අපහසු හෝ ගෙවීම් පැහැර හරින විට පහත සඳහන් පරිදි දඩ මුදලකට යටත් වේ.

    • දින 1 සිට 10 දක්වා -5%
    • දින 10 සිට මාස 1-15%
    • මාස 1 සිට මාස 3 දක්වා-20%
    • මාස 3 සිට මාස 6 දක්වා-30%
    • මාස 06 සිට අවුරුදු 1 දක්වා- 40%
    • අවුරුදු 1 ට වැඩි-50%



උපකාරක ලියකියවිලි

 

ලියාපදිංචි ආකෘතිය සමගින් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කළ යුතුය.


 
සේවා වගකීම්

  

තනතුර අංශය ලිපිනය දුරකථන අංකය ෆැක්ස් අංකය

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

සේවක අර්ථසාධක අරමුදල් අංශය


08 වන මහල,

කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ 05.


+94-11-2369191

+94-11-2368062

+94-11-2368062

+94-11-2368914



විශේෂ අවස්ථා

නොමැත.




ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය
නාරාහේන්පිට,
කොළඹ


පී. ඩබ්. එම්. ජී. වික්‍රමසිංහ මහතා
දුරකථන:+94 11 2581142 / 3, +94 11 2581146, +94 11 2581148, +94 11 2369373
ෆැක්ස් අංක:+94 11 2581145
විද්‍යුත් තැපෑල:commgen@labourdept.gov.lk; cgldol@sltnet.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-03-14 10:59:27
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-09-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 216