ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් |
|
|||
ශ්‍රී ලාංකික ජනගහනයෙන් මිලියනයක් පමණ ප්‍රමාණයක් ආබාධිත යැයි සැලකෙන පුද්ගලයන් ගණයට වැටෙන අතර එය දිනෙන් දින වැඩි වෙමින් පවතී.එයට හේතු වන්නේ ආබාධිත බව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින දැනුවත් භාවය ඉතා අල්ප මට්ටමක පැවතීමත් පවතතින යුද්ධය හේතුවෙන් හා වැඩිහිටි තත්වයට පත්වීම හේතුවෙන් දෛනිකව ආබාධිත ප්‍රජාවට එක්වන ප්‍රතිශතය බෙහෙවින් වැඩිවීමත්ය. ජීවිතයේ යම් අවධියකදී සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත්වෙමින් පසුව ආබාධිත තත්වයට පත්වන අය මෙන්ම උපතේ සිට ආබාධිත තත්වයට ලක්වූ අයද අද සමාජය තුල විවිධාකාර ශාරීරික මානුෂික ආගමික සංස්කෘතික ආර්ථික ප්‍රශ්න අතර අසරණ වී සිටින බවට නොරහසකි. මේ සඳහා ප්‍රජාවක් වශයෙන් අපගේ අවධානය යොමු කල යුතුව පවතී. මේ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ආබාධිත පුද්ගලයන් සම්බන්ධ නීති ඒකකයක් පිහිවුවා ඇති අතර එම ඒකකයේ සම්බන්ධීකරණ කටයුතු කරනු ලබන්නේ නීතීඥ කළණි මැදගොඩ මෙනවියයි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ආබාධිත පුද්ගලයන්ගේ නීති කටයුතු සම්බන්ධව කිසිදු මුදලක් අය නොකරන අතර ඔවුන්ට නීතිමය දැනුවත් කිරීම හා නොමිලයේ නීතීඥ නියෝජනය සිදු කරනු ලබයි. දිවයින පුරා විහිදී ඇති නීති ආධාර කොමිෂන් සභාවේ මධ්යිස්ථාන 56 ක් හා ප්‍රධාන කාර්යාලයද ඇතුළුව මෙකී කර්තව්‍යම ඉටුකිරීමට මෙම ඒකකය පියවර ගෙන තිබේ.
ආබාධිත පුද්ගලයා යනු
12(1) වගන්තිය
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:04 |
» | දුම්රිය කාලසටහන | |
» |