The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආරක්ෂිත පැරණි ස්මාරක ප්‍රකාශයට පත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආරක්ෂිත පැරණි ස්මාරක ප්‍රකාශයට පත් කිරීම.

PDF Print Email

1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ කාර්ය සඳහා 16, 17, 18, 19 වගන්ති ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ගැසට් පත්‍රයකින් පුරාවිද්‍යා ස්මාරක පත් කිරීම සිදුකරනු ලබයි.

1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනතේ නීති ප්‍රතිපාදනයන්ට අනුකූලව වසර 100 ඉක්ම වූ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පෞරාණික ඉදිකිරීම් පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශයට පත්කිරීම සිදු කරනු ලබයි.

1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනතේ 16 වන හා 17 වන වගන්ති යටතේ රජය සතු ඉඩම්වල පවතින පෞරාණික ඉදකිරීම් ද රජයේ හෝ වෙනයම් ඉඩමක වැඩෙන පෞරාණික වෘක්ෂ, ඒවායේ සුරක්ෂිතතාව හා ආරක්ෂාව සැලසීම පිණිස පැරණි ස්මාරක වශයෙන්ප්‍රකාශයට පත් කිරීම සිදුකරනු ලබයි.

පෞද්ගලික සන්තක ඉඩම්වල ඇති පෞරාණික ඉදිකිරීම්  19 වන වගන්තිය ප්‍රකාරව විරෝධතා කැඳවීමකින් පසුව 18 වන වගන්තිය යටතේ ආරක්ෂිත ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබයි.

ඉහත ආකාරයෙන් ස්මාරකයක් ප්‍රකාශයට පත්කළ පසු එම ස්මාරකයේ අඵත් වැඩියාවන් සිදුකිරීම, වෙනත් අංග එකතු කිරීම හා සංරක්ෂණ කාර්යයන් වලදී මෙම දෙපාර්තමේන්තුවේ නිසි අවසරය හා මැදිහත්වීම අනිවාර්යය බව 21 වන වගන්තිය මගින් අවධාරණය කර ඇත.

ප්‍රකාශයට පත් කරන ලද ස්මාරකයන් විනාශයට පත්කරන, හානියට පත්කරන , විකෘති කරන යම් තැනැත්තෙකු ඉහත ආඥා පනත යටතේ වරදකට වරදකරු වන අතර  මහේස්ත්‍රාතවරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලැබූ නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබූ විට රැ.50,000.00 කට නොඅඩු රැ. 250,000.00 ක් නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු 2ට නොඅඩු අවුරුදු 5 ට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන ඳඩුවම් දෙකටම යටත් විය යුතුය. එසේම වැරදි කරන පුද්ගලයන්ට නඩු විභාගයක් අවසන් වන තෙක් ඇපදිය නොහැකි බව ද තව දුරටත් නීතියේ අර්ථකතනය කර ඇත.

තව ද ස්මාරකයන් ප්‍රකාශයට පත්කළ පසු එම ස්මාරකයේ හා ඊට අනුබද්ධිත පරිසරයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් එහි ඓතිහාසිකත්වයට හා පුරාවිද්‍යා වටිනාකම්වලට සිදුවිය හැකි තර්ජන මගහරවාගැනීමේ අරමුණින් යුතුව ඉහත ආඥා පනතේ 24 (1) වගන්තියට අදාල වන පරිදි නියෝග පනවා ඇත. ඒ අනුව ප්‍රකාශයට පත්කළ ස්මාරකයේ සිට යාර 400 ක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි ප්‍රේරණ කලාපයක් වෙන් කොට එම ප්‍රදේශය තුළ ගොඩනැගිලි ඉදිකිරීම, පතල් කැපීම, ගල් කැඞීම හා පිපිරවීමේ කටයුතු පවත්වාගෙන යාම තහනම් කරනු ලබයි.


විමසීම්

ගවේෂණ නිලධාරී - මුතූ තෙන්නකෝන්
දුරකථන අංකය - +94-11 - 2692840/41
දිගුව  -  211

            


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:58
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty