පුරාවස්තු විනාශය වැලැක්වීම. |
|
|||
මහ ජනතාවගෙන් ලැබෙන පැමිණිළි හා තොරතුරු මත පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම පොලිස් ඒකකය පොලිස් මූලස්ථානයෙහි අපරාධ කොට්ඨාශය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වේ. 2008.03.04 සිට 2008.12.31 දක්වා මෙම විශේෂ පොලිස් ඒකකය වෙත පුරාවස්තු විනාශයන් හා සොරා ගැනීම් පිළිබඳ සිද්ධි 208 ක් වාර්තා වී ඇත. එසේම 2009.01.01 දින සිට 2009.06.15 දක්වා සිද්ධි 110 ක් වාර්තා වී ඇත. අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් අධිකරණ මගින් ලැබෙන නියෝග මත, මහජන පැමිණිලි මගින් හෝ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන තොරතුරු හා උපදෙස් මත ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල මගින් ස්ථාන පරීක්ෂා කිරීම් සිදු කොට අදාල වාර්තා ප්‍රධාන කාර්යාලයේ ගවේෂණ හා ලේඛනගත කිරීම් අංශයට යොමු කරනු ලබන අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් හෝ ගවේෂණ හා ලේඛනගත කිරීම් අංශය භාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ ඒකකය මගින් අධිකරණය වෙත හෝ පොලිස් ස්ථාන වෙත අදාල වාර්තා සකස් කොට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ/ගවේෂණ අංශය භාර සහකාර අධ්‍යක්ෂකගේ අත්සනින් යුතුව නිකුත් කෙරේ. පුරාවස්තු විනාශයන්, සොරකමක් සිදුවන විට හෝ ඊට අර අදින විට හෝ පහත ලිපිනයට නැතිනම් දුරකථන අංකයට දැනුම්දිය හැකිය. පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. ලිපිනය- පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ ඒකකය, විමසීම් පුරාවස්තු විනාශය වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකය - +94-11 - 2694727
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:30 |