The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ

PDF Print Email

ශ්‍රී ලංකාව තුළ හෙක්ටයාර් 0.25 ට වැඩි සෑම ඉඩමකම ක්‍රියාත්මක කිරීමට යෝජිත සෑම සංවර්ධන ව්‍යාපෘතියක් සදහාම පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණයක් සිදුකර ගැනීම අනීවාර්ය වේ.

එනම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉඩමේ පුරාවස්තු ඇති/නැති බව පරීක්ෂා කිරීම, ඒ ආශ්‍රිත භූමියේ හෝ පුරාවස්තු තිබේ නම් යෝජිත ව්‍යාපෘතියෙන් එම පුරාවස්තූන්වලට සිදුවන බලපෑම, ගත යුතු විකල්ප ක්‍රියා මාර්ග පිළිබද අධ්‍යයනය කර වාර්තාගත කිරීම පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ ක්‍රියාවලියයි.

 

පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ ක්‍රියාවලියට අදාලව ශ්‍රී ලංකාව තුළ බලපවත්වන නීතිය පහත පරිදි වේ.

1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධිත) පනතේ 43(ආ) වගන්තිය සමග කියවිය යුතු 47 වන වගන්තිය යටතේ සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් සාදා 2000.10.04 වන දිනැති අංක 1152/14 ගැසට්පතින් ප්‍රකාශයට පත් කර ඇති නියෝගයන්හි මේ පිළිබදව සදහන් වේ.  මෙම නියෝග 2000 අංක 01 දරන ව්‍යාපෘතිවල කාර්ය පටිපාටි නියෝග ලෙස හැදින්වේ.

ඒ අනුව පහත සදහන් සියලු ආකාරයන්ට අයත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර මෙම දෙපාර්තමේන්තුවේ ලිබ්ත අවසරය ලබාගත යුතුය.
 

1 (අ) ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම පිණිස

  1. ජාතික සහ පළාත්බද මහා මාර්ග ඉදිකිරීමට
  2. දුම්රිය මාර්ග ඉදිකිරීමට
  3. ගුවන් තොටුපළ සහ ගුවන් යානා ගමන්පථ ඉදිකිරීමට සහ විශාල කිරීමට

 (ආ) වාරිමාර්ග ව්‍යාපෘති සංවර්ධනය කිරීම පිණිස

  1. වැව් ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට
  2. ජල මාර්ග සහ ඇල මාර්ග ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට

 (ඇ) විදුලිබල උත්පාදනය කිරීම සහ සම්ප්‍රේෂණය කිරීම පිණිස
 (ඈ) කෘෂි කාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම පිණිස
 (ඉ) පවුල් නැවත පදිංචි කරවීම පිණිස
 (ඊ) කාර්මික යන්ත්‍රඋපකරණ ස්ථාපනය කිරීමට හෝ කර්මාන්ත, වතු සහ උයන්  සංවර්ධනය කිරීම පිණිස
 (උ) විනෝද කර්මාන්ත සංවර්ධනය කිරීම පිණිස
 (ඌ) ඉඩම් සහ තෙත් බිම් ගොඩකිරීම පිණිස
 (එ) ඉඩම් සහ තෙත් බිම් ජලයෙන් යට කිරීම පිණිස
  හෙක්ටයාර් දෙකක් ඉක්මවන සියලු භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීම.

2. (අ) පදිංචිය සදහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට
   (ආ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත  මගින් පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිර්ණය
කර ඇති ආකාරයට හෝටල් සහ සියලු වාණිජ ගොඩනැගිලි ඉදිකිරීමට
   (ඇ) නිවාස, කර්මාන්ත සහ වාණිජ යටිතල පහසුකම් ඇතුළත්ව ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියා සිදුකිරීමට  හෙක්ටයාර් එක ඉක්මවන සියලු භූමි ප්‍රදේශ එළිපෙහෙළි කිරීම

3. වර්ග මීටර් විසිපහ ඉක්මවන ස්වාභාවික භූමි ප්‍රමාණයක් ඇති  ස්වාභාවික ලෙන්,  ගල්ගුහා සහ ගුහා ඇතුළත බිම් ප්‍රදේශය සහ ඉදිකිරීම් එළිපෙහෙලි කිරීම

4. ජලාපවහනය, ජලය, ගෑස්, විදුලිය සහ දුරකථන සදහා පයිප්ප සහ කොන්ඩියුට් බට වැලලීම පිණිස, දිග මීටර් පන්සියය ඉක්මවන කැණීම් කිරීම

5. ගල්, බොරළු ඛනිජ හෝ පස් නිස්සාරණය සදහා පතල් කැණීම හෝ ගල් කැඞීම
 (අ) රට ඇතුලත පොළොවේ මතුපිට පෘෂ්ඨයේ හෙක්ටයාර් 0.25 ක් ඉක්මවන සංචිත ප්‍රදේශ සොයා ගැනීම සහ පතල් කැණීම සිදුකිරීම
 (ආ) වෙරළෙන් ඔබ්බෙහි පිහිටි සියලුම පතල් කැණීමේ සහ ඛනිජ නිස්සාරණය කිරීමේ කටයුතු කිරීම

6. නැව්තොට සහ වරාය ඉදිකිරීම හෝ විශාල කිරීම සදහා ඉඩම් එළිපෙහෙළි කිරීම සහ මුහුදු පත්ල හානි කිරීම

 

පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ වැඩපිළිවෙල පහත සදහන් පරිදි වේ.


1. සිදුකිරීම යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව ආයෝජකයා විසින් ලිබ්තව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය.

2. එසේ දැනුම් දුන් පසුව පුරාවිද්‍යා  බලපෑම් ඇගයීම් සමීක්ෂණ සදහා සකස් කළ අයැදුම්පතක් ආයෝජකයා (ව්‍යාපෘති යෝජකයා) වෙත යවනු ලැබේ.

3. ආයෝජකයා විසින් නියමිත පරිදි  සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍රය දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් පසු එම අයැදුම් පත්‍රයේ පිටපතක් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයට  යොමු කර එම ස්ථානය පිළිබද මූලීක නිරීක්ෂණ වාර්තාවක් ගෙන්වා ගනු ලැබේ.

4. ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂකගේ නිර්දේශය සහිත නිරීක්ෂණ වාර්තාවට අනුව එම භූමියේ පුරාවස්තු නොමැති නම් එම භූමිය අදාල ව්‍යාපෘතිය සදහා  නිදහස් කරනු ලැබේ.  එම ස්ථානයේ පුරාවිද්‍යා  බලපෑම් ඇගයීම් සමීක්ෂණයක් කළ යුතු බවට මූලීක නිරීක්ෂණ වාර්තාවේ යෝජනා කර තිබේ නම් ඒ සදහා පියවර ගනු ලැබේ.

5 යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය සදහා පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ සිදුකිරීම  සදහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නියෝජිත ආයතන 17 න් මිළ ගණන් කැදවනු  ලැබේ.

6. එම මිළ ගණන් විවෘත කරනු ලබන්නේ, මූල මණ්ඩලය රැස්වීමෙනි. පහත සදහන් පුද්ගලයින් මූල මණ්ඩලය නියෝජනය කරනු ලැබේ.

  පුරාවිද්‍යා  අධ්‍යක්ෂ  ජනරාල්
  පුරාවිද්‍යා  පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ 
  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ  ජනරාල්
  පුරාවිද්‍යා ඥයින්ගේ සංගමයේ සභාපති

7. පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සිදුකිරීම සදහා සුදුසු නියෝජිත ආයතනය තෝරාගනු ලබන්නේ මූල මණ්ඩලය විසිනි.

8. මූල මණ්ඩලය විසින් තෝරාගත් නියෝජිත ආයතනයේ මිළ ගණන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නමින් තැන්පත් කරන ලෙස ආයෝජකයාට දැනුම් දෙනු ලැබේ.

9. අදාල මිළ ගණන තෝරාගත් බවට නියෝජිත ආයතනය වෙත ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබේ.

10. ආයෝජකයා අදාල මුදල පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නමින් තැන්පත් කළ පසු ඒ බව නියෝජිත ආයතනයට දැනුම් දෙනු ලැබේ.

11. දෙපාර්තමේන්තුව විසින් අදාල බලපෑම් ඇගයීම් සමීක්ෂණය සිදුකරන නියෝජිත ආයතනයට දැනුම්දී සති 06 ක් ඉක්මයාමට ප්‍රථම පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ වාර්තාව දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතුය. එසේ නොවුවහොත්,  නියෝජිත ආයතනය වෙත අදාල ගෙවීම් සිදුනොකර නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව දෙපාර්තමේන්තුව සතුය.

12. අදාල නියෝජිත ආයතනය විසින් පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණය සිදුකර වාර්තාව දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් පසු එයට අදාල මුදල නියෝජිත ආයතනය වෙත නිදහස් කරනු ලැබේ.

13. මීලඟ පියවර පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් වාර්තාව විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යැවීමයි.  විෂයභාර අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් අදාල ව්‍යාපෘතිය සදහා සිය තීරණය ලබාදෙනු ලැබේ.

 

ඉහත සදහන් වන්නේ පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ ක්‍රියාවලියේදී සිදුවන මූලීක ක්‍රියාදාමයන්ය.  මීට අමතරව පහත සදහන් කරුණු කෙරෙහිද  දැනුවත් වීම වැදගත්ය.



1. පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ වාර්තාව අනුව නිදහස් කළ නොහැකි භූමියක්  වත්, එම සමීක්ෂණය සදහා යන වියදම ආයෝජකයා විසින් දරා ගත යුතුය.

2. තවද, අදාල පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණය සිදුකරන නියෝජිත ආයතනය, භූමිය මතුපිට අධීක්ෂණය කිරීමෙන් සෑහීමකට පත් නොවී කැණීමක් කළ යුතු බවට යෝජනා කළහොත්, ඒ සදහා යන වියදම ද ආයෝජකයා විසින් ලබාදිය යුතුය. කැණීමෙන් පසු සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවයක් මතුවුවහොත්, ඒ සදහා යන  වියදම ආයෝජකයා විසින් දැරිය යුතුවේ.

මෙහිදී ගවේෂණ, කැණීම්, සංරක්ෂණ කාර්යයන්වලට ලබාදුන් මුදලින් කිසියම් මුදලක්  එම කටයුතු අවසන් වීමෙන් පසු ඉතිරි වුවහොත් එම මුදල ව්‍යාපෘති යෝජකයාට ආපසු  ලබාදීමට දෙපාර්තමේන්තුව බැදී සිටී.

3. කැණීම් සහ සංරක්ෂණ වාර්තා ද අමාත්‍යංශ අනුමැතියට යැවීම දෙපාර්තමේන්තුවේ  වගකීමකි.

 

රොහාන් පෙරේරා  - සහකාර අධ්‍යක්ෂ (චංචල හා නිශ්චල දේපල)
දුරකථන අංකය    - +94-11 - 2696514 
ෆැක්ස්               - +94-11 - 2696514
                       - +94-11 - 2692840/41
දිගුව                  - 210 

 

පළාත් ලිපිගොනු පවත්වාගෙන යනු ලබන නිලධාරීන්


නීලූෂා පරණගමගේ (පුරාවිද්‍යා පර්යේෂණ සහකාර)      - බස්නාහිර පළාත, මධ්‍යම පළාත
සමන්ති ප්‍රියංගා (පුරාවිද්‍යාපර්යේෂණ සහකාර)        - උතුරුමැද පළාත, වයඹ පළාත, දකුණු පළාත
නිලන්තිකා ප්‍රියදර්ශනී (පුරාවිද්‍යා  පර්යේෂණ සහකාර)  - නැගෙනහිර පළාත, ඌව පළාත
ප්‍රියදර්ශනී සෙනවිරත්න (පුරාවිද්‍යා  පර්යේෂණ සහකාර) - සබරගමු පළාත

 


ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:10:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty