වරණීය / නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම (COOs) |
|
|||
පහත සඳහන් යෝජනා ක්‍රම යටතේ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුවට බලය පවරා ඇත.
සුදුසුකම් ඉහත සඳහන් වෙළඳ ගිවිසුම් යටතේ, වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ප්‍රභවස්ථාන සහතිකය මගින් භාණ්ඩ තොග නැව්ගත කිරීම් කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ අපනයනයන්ට ආනයනික රටවල පවත්නා තීරුබදු වරණ සඳහා හිමිකම් ලැබේ. කාර්ය පටිපාටි 1.සමාගම ලියාපදිංචි කිරීම 2.ප්‍රභවස්ථාන සහතිකය ලබා ගැනීම අවශ්‍ය ලියවිලි
ගාස්තු සමාගම ලියාපදිංචි කිරීමේ සහ ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීමේ ගාස්තු පහත සඳහන් පරිදි වේ:
1. ප්‍රභවස්ථාන සහතික සඳහා සමාගම් ආරම්භක ලියාපදිංචිය - එක් සමාගමක් සඳහා රු.10,000/-ක් (එක්වර ගෙවිම) 2. ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.1,000 + අගය එකතු කළ බද්ද (VAT) 3. ප්‍රභවස්ථාන සහතිකයක් අවලංගු කිරීම සහ නව ප්‍රභවස්ථාන සහතිකයක් නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.1,000 + අගය එකතු කළ බද්ද (VAT) 4. ප්‍රභවස්ථාන සහතිකයක අනු පිටපතක් නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.1,000 + අගය එකතු කළ බද්ද (VAT) 5. ප්‍රභවස්ථාන සහතිකයක අතිරේක පිටපතක් නිකුත් කිරීම - එක් සහතිකයක් සඳහා රු.500+ අගය එකතු කළ බද්ද (VAT) අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා විවෘත වේලාවන් පෙරවරු 9.00 සිට පස්වරු 12.45 දක්වා සහ පස්වරු 12.45 සිට පස්වරු 3.00 දක්වා ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම සඳහා ගතවන්නා වූ කාලය ගුවන් මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ තොග සඳහා - පැය 02 නැව් මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ තොග සඳහා - පැය 03
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:24:25 |