The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සන්නිවේදනය සහ මාධ්‍ය බලපත්‍ර අමු තේ දළු සඳහා වෙළෙඳ බලපත්‍ර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අමු තේ දළු වෙළෙන්දන් හට බලපත්‍ර නිකුත් කිරීම

PDF Print Email

අමු තේ දළු වෙළෙන්දන් හට බලපත්‍ර නිකුත් කිරීම


 සුදුසුකම් සහ අවශ්‍ය ලියකියවිලි

ප්‍රවාහන අවශ්‍යතා

  • අමු දළු ප්‍රවාහනයට යොදාගන්නා වාහනය (ලොරිය) වහලයක් සහිත එකක් වියයුතුයි. එසේ නොමැතිනම් දළු වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු ආවරණයක් (කලාලයක්) තිබිය යුතුයි.
  • කි.ග්‍රෑ. 50ක බරක් කිරිය හැකි අදාල වසරට වලංගු බලපත්‍රයක් සහිත තරාදියක් තිබිය යුතුයි.
  • ප්‍රවාහනයේදී දළු හානිය අවම කිරීම සඳහා වූ කිසියම් යාන්ත්‍රණයකට අනුව වාහනය සකස් කළ යුතුයි. (රාක්ක සවිකිරීම හෝ ප්ලාස්ටික් ‍බහලුම් භාවිතා කිරීම) 

මධ්‍යස්ථාන අවශ්‍යතා

  • සතුන්ගෙන් ආරක්ෂා වීම සහ වර්ෂාවෙන් ආවරණය වීම සඳහා මධ්‍යස්ථානය, කොට බිත්තියකින් සහ වහලයකින් සමන්විත විය යුතුයි.
  • මධ්‍යස්ථානයේ බිම සිමෙන්ති යොදා සකස් කළ එකක් විය යුතු වන අතර එසේ නොමැතිනම් කලාල‍යක් හෝ තිබිය යුතුයි. (දළු සමග වැලි කලවම් නොවීමට)
  • මධ්‍යස්ථානය තුළ තේ දළු හැර වෙනත් කිසිම දෙයක් උදා. ලාම්පුතෙල්, සිමෙන්ති, පොහොර වර්ග, කෘෂි රසායන ආදිය ගබඩා කර නොතිබිය යුතුයි.

 


ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන - ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ ගම්පොළ, ගිණිගත්හේන(හැටන් ප්‍රා. කා.), බණ්ඩාරවෙල, රත්නපුර, මතුගම, ගාල්ල සහ මාතර යන නගර වල පිහිටි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලින්

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - කිසිම ගාස්තුවක් ගෙවිය යුතු නැත. 

ඉදිරිපත් කළ යුතු වේලාවන් - සතියේ දිනවල වැඩකරන වේලාව තුලදී ඉදිරිපත් කළ හැක. (පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා) සැ.යු. - ඉල්ලුම්පත් භාරගන්නා අවසාන දිනය ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු - අළුත් බලපත්‍ර සඳහා මෙන්ම බලපත්‍ර අළුත් කිරීම සඳහා ද වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 500/- වේ.

තවද, අමු දළු එකතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඔවුන් විසින් දිනකට එකතු කරනු ලබන අමු තේ දළු ප්‍රමාණය සඳහා පහත වගුවේ දැක්වෙන සීමාවන්ට අනුකූල වන පරිදි අදාල බැංකු ගිණුමේ ( ප්‍රා.කා. යෙන් ලබා ගත හැක)  මුදල් තැන්පත් කර, බැරපතේ පිටපත ඉල්ලුම්පත්‍රයට අමුණා යැවිය යුතුයි.

 

දිනකට එකතු කරනු ලබන අමු තේ දළු ප්‍රමාණය (කි.ග්‍රෑ.) තැන්පත් කළ යුතු මුදල (රු.)
250 දක්වා 2,500
251 – 500 දක්වා  5,000
501 – 750 දක්වා  7,500
751 – 1,000 දක්වා  10,000
1,001 – 2,500 දක්වා  15,000
2,501 – 5,000 දක්වා  20,000
5,001 – 6,000 දක්වා  25,000
6,001 – 7,000 දක්වා  30,000
7,001 – 8,000 දක්වා  35,000
8,001 – 9,000 දක්වා  40,000
9,001 – 10,000 දක්වා  100,000

සේවාව   


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා තේ මණ්ඩලය

අංක  574,
ගාලු පාර,
කොළඹ 3



දුරකථන:+ 94-11-2587814 / + 94-11-2587773
ෆැක්ස් අංක:011-2589132
විද්‍යුත් තැපෑල:sltbhelp@pureceylontea.com
වෙබ් අඩවිය: www.srilankateaboard.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-23 15:31:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty