තොරතුරු පද්ධති අංශය |
|
|||
කොමිෂන් සභා වෙබ් අඩවිය www.tvec.gov.lk වෘත්තීය පුහුණු ක්ෂේ්‍රයේ නැවුම් තොරතුරු අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීම සදහා කොමිෂන් සභාව වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. වෙබ් අඩවිය තුල පුහුණු ආයතන ලියාපදිංචි කිරීමේ හා පාඨමාලා ප්‍රතීතනය කිරීමේ අයදුම්පත් ඇතුලත් කර ඇත. වෙබ් අඩවියේ ප්‍රධාන අංග පහත දැක්වේ.
TVET Guide පිලියෙල කිරීම හා ප්‍රකාශනය තෘතීයික හා වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබද තොරතුරු හා පිළිගත් පුහුණු ආයතන පිළිබද තොරතුරු ලබාදීම සදහා වාර්ෂිකව TVET Guide ප්‍රකාශනය පිළියෙල කරයි. මෙම ප්‍රකාශනය කොමිෂන් සභා වෙ වෙබ් අඩවිය තුලින් කියවීමටත් කොමිෂන් සභා පුස්තකාලයෙන් මිලදී ගැනීමටත් හැකිය. ශ්‍රම වෙළෙදපොල තොරතුරු පද්ධතිය (LMIS) පවත්වාගෙන යාම ශ්‍රම වෙළෙදපොල තොරතුරු එක්රැස් කොට ගබඩා කර විශ්ලේෂණය කර අදාළ පාර්ශව කරුවන්ට බෙදාහැරීම සදහා අර්ධ වාර්ෂිකව ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශනය පිළියෙල කිරීම සදහා කොමිෂන් සභාව ශ්‍රම වෙළෙදපොල තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යයි. මෙම තොරතුරු https://www.tvec.gov.lk/lmi/index.htm. දරණ කොමිෂන් සභා වෙබ් අඩවිය තුලින් ලබාගත හැකිය. දේශීය හා විදේශීය රැකියා ඉල්ලූම හා සැපයුම පිළිබද තොරතුරු ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශනයෙහි අඩංගු වේ. එම තොරතුරු වගු ගතකොට LMI මගින් අර්ධ වාර්ෂිකව ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශය මගින් ප්‍රකාශයට පත්කරයි. ශ්‍රම වෙළෙදපොල තොරතුරු ප්‍රකාශනය පිළියෙල කිරීම සේවා වගකීම් වෙබ් අඩවිය, ශ‍්‍රම වෙළෙදපොල තොරතුරු, TVET Guide ප‍්‍රකාශනය ජේ. ඒ. ඞී. ජේ. ජයලත් මහතා ශ්රම වෙළෙදපොල තොරතුරු ප‍්‍රකාශනය ඩඛ්. ජේ. එල්. ඒ. දමයන්ති මෙනෙවිය
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 10:21:48 |