ළමා සමාජ , ළමා සභා වැඩ සටහන |
|
||||
ළමා සමාජයක් පිහිටුවන්නේ කෙසේද? 1. ග්‍රාමීය නිලධාරී මගින් එම වසමට අයත් පදිංචි කරු වන්නේ දරුවන් ඒකරාශි කර ගත හැක.(දරුවන්ගේ වයස් සීමාව අවුරුදු 6-18 විය යුතුය) ළමා සමාජය තුලින් ළමා සභාවට එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පිහිටුවන ලද සියලුම ළමා සමාජවල නිලධාරීන්ගේ එකතුවෙන් ප්‍රාදේශීය ළමා සභාව ව්‍යුහගත වේ. මේ තුලින් ගමේ දරුවන්ගේ අදහස් ප්‍රාදේශීය පරිපාලනයට එකතු කර ගැනිමට උපකාරී වීම සඳහා මෙම ප්‍රාදේශීය ළමා සභාව ව්‍යුහගත කර ඇත. දිස්ත්‍රික් ළමා සභාව තුලින් දිස්ත්‍රික් ළමා සභාව එක් දිස්ත්‍රික්කයක් තුල පිහිටි සියලුම ප්‍රාදේශීය ළමා සභාවල නිලධාරීන්ගේ එකතුවකින් දිස්ත්‍රික් ළමා සභාව ස්ථාපනය කරනු ඇත. දිස්ත්‍රික් ලේකම්ගේ උපදේශකත්වය හා මඟ පෙන්වීම යටතේ දිස්ත්‍රික් ළමා සභාව සකස් කෙරේ. මේ සඳහා ද ව්‍යවස්ථාවක් තිබෙන අතර ,දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මගින් ඒ පිළිබඳව දැනගත හැකිය. දිස්ත්‍රික් ළමා සභාව තුලින් ජාතික ළමා සභාව සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති දිස්ත්‍රික් ළමා සභාවන් හි නිලධාරීන්ගේ හා ක්‍රියාකාරී සමාජිකයන්ගේ ජාතික ළමා සභාව සකස් කරනු ලැබේ. පරිවාස හා ළමාරක්ෂක සේවා ජාතික කොමසාරිස් විසින් මේ සඳහා සමාජ උපදේශකත්වය,මඟපෙන්විම හා අධික්ෂණ කටයුතු කරනු ලැබේ. ජාතික ළමා සබාව තුලින් ද ළමුන්ගේ පැවැත්ම ,රැකවරණය ,සංවර්ධනය හා සහභාගිත්වය උදෙසා ජාතික තලයට අදහස් ලබා දීම හා දේශපාලඥයන් වෙත ලබා දිමට කටයුතු කෙරේ. ජාතික ළමා සභාවට තේරීපත් වන නිලධාරීන්ගේ කාලය වසර දෙකකි.
|
ආයතනයේ තොරතුරුපරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව3 වන මහල, එච්. ඩී. එදිරිවීර දුරකථන:+94 11 2186 062/ 11 3082 483 ෆැක්ස් අංක:+94 11 2186 065 විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk වෙබ් අඩවිය: www.probation.gov.lk |
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:15 |