ශ්‍රම වෙළඳපොළ තොරතුරු සඟරාව ප්‍රකාශයට පත්කිරීම |
|
|||
අරමුණ ශ්‍රම වෙළඳපොල තොරතුරු දේශීය හා ජාත්‍යන්තර පරිශීලකයන් හට කාර්ය්‍යක්‍ෂමව හා නම්‍යශීලීව භාවිතා කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම. ප්‍රකාශයට පත්කරනු ලබන ආකාරය වාර්ෂිකව. අනුයාත වර්ෂයෙහි දත්ත පදනම් කරගෙන වර්තන වර්ෂයෙහි ප්‍රකාශයට පත් කරනු ලබයි. පර්යේෂණ ක්‍රමවේදය: ප්‍රමාණාත්මක දත්ත මූලාශ්‍රයන් ප්‍රාථමික දත්ත සති අන්තයේ ප්‍රකාශයට පත්කරනු ලබන සිළුමිණ හා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත් වල පලකරනු ලබන දේශීය හා ස්වදේශිකයන් සඳහා විදේශයන්හි පවතින සියළුම රැකියා පුරප්පාඩු පදනම් කරගෙන සිදුකරනු ලබන පුවත්පත් සමීක්ෂණය මගින් මෙම දත්ත ලබා ගැනේ. ද්විතීක දත්ත දේශීය මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා, කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්තා, විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශයේ වාර්තා. ජාත්‍යන්තර මූලාශ්‍ර : ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තා, ලෝක බැංකු වාර්තා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා. ප්‍රතිලාභීන් ප්‍රතිපත්ති සම්පාදකයන්, තීරණ ගනු ලබන්නන්, දේශීය හා විදේශීයරැකියා සොයන්නන්, අධ්‍යාපනඥයින්, ශිෂ්‍යයින්, වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, ශ්‍රම වෙළඳපොළ තොරතුරු භාවිතා කරන වෙනත් පාර්ශවයන්. තොරතුරු අන්තර්ගතය
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:44 |