The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව නැව් තට්ටු අංශයේ පන්ති වලට අයත් සහතික ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     විභාග අයඳුම් පත්‍      විභාගය නැවත කිරිමේ අයඳුම්පත
නැව් තට්ටු අංශයේ පන්ති වලට අයත් සහතික ලබා ගැනීම

PDF Print Email
(අ) ප්‍රවීණතා සහතිකය -  නෞකාධිපති
(ආ) ප්‍රවීණතා සහතිකය -  ප්‍රධාන උප  නැව්පති
(ඇ) ප්‍රවීණතා සහතිකය -  ජල තරණ මුරකාවලක කාර්ය භාර නිලධාරියා
(ඈ) ප්‍රවීණතා සහතිකය -  සමීප වෙරළාසන්න මුහුදු ගමන් වල  (එන්.සී.වී) යෙදෙන දල ටොන් 3000 ට අඩු නෞකාවල නෞකාධිපති
(ඉ) ප්‍රවීණතා සහතිකය -  සමීප  වෙරළාසන්න මුහුදු ගමන් වල (එන්.සී.වී) යෙදෙන දළ ටොන් 3000 ට අඩු නෞකාවල  ප්‍රධාන උප ‍නැව්පති
(ඊ) ප්‍රවීණතා සහතිකය - සමීප වෙරළාසන්න මුහුදු ගමන් වල (එන්.සී.වි) යෙදෙන දළ ටොන් 3000 ට අඩු නෞකාවල ජල තරණ මුරකාවලක කාර්ය භාර නිලධාරියා
(උ) ප්‍රවීණතා සහතිකය - සමීප  වෙරළාසන්න  මුහුදු ගමන් වල (එන්.සී.වි) යෙදෙන දළ ටොන් 500 ටඅඩු නෞකාවල නෞකාධිපති
(ඌ) ප්‍රවීණතා සහතිකය -  දළ ටොන් 500 ටඅඩු නෞකාවල ජල තරණ මුරකාවලක කාර්ය භාර නිලධාරියා(එන්.සී.වි)
(එ) ප්‍රවීණතා සහතිකය -   ජල තරණ මුරකාවලක කොටසක් වශයෙන් වර්ග කිරීම

 අවශ්‍ය සුදුසුකම්

නිලධාරිහු සහ නැවියෝ

1. සෑම අපේක්ෂකයෙක්ම ප්‍රවීණතා සහතිකයක් හෝ සහතික පිටපතක් සඳහා පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුත්තේ ය. 

(අ) උප්පැන්න සහතිකය

(ආ) අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලද වෛද්‍ය වෘත්තිකයකු විසින්  කරන ලද ඔහු දරන තනතුරට අනුව ඔහුට අදාළ ඇස් දෘෂ්ටි ප්‍රමිති සහතිකයක් එම පරීක්ෂණය කළ යුත්තේ පළමුවන උපලේඛණයේ දක්වා ඇති ප්‍රමිති විශේෂත්වයට අනුකූලවය.

පලමුවන උපලේඛණය 
සේවය සඳහා අවම පෙනීමේ ප්‍රමිත

නැවියන් වර්ගය දුර පෙනීම ලඟ /ආසන්නම පෙනීම ඇස් දෙකම එකවර ආධාර ඇතිව හෝ නැතිව වර්ණ පෙනීම දෘෂ්ඨි පථය රාත්‍රී  අන්ධකාරය ඩිප්ලෝපියා
   
නැව්පතිවරුන් , නැව් තට්ටු නිලධාරින් සහ නිරීක්ෂණ සේවා භාරගැනීමට නියමිත  නිල නොලත් නැවියන්     නැව් යාත්‍රා කරවීම සම්බන්ධයෙන් ඉෂිහාරා/ලැන්ටර්න් පරීක්ෂණය මගින් තීරණය කරනු ලබන පරිදි අවශ්‍යල පෙනීම (සී.ඕ.චාට් සහ නාවුක  පරිශිලන ප්‍රකාශන  පාලමේ සවිකොට ඇති උපකරණ භාවිතය සහ යාත්‍රා කිරීමට  අවශ්‍ය ආධාරක හඳුනා ගැනීම) සාමාන්‍ය දෘෂ්ඨි පථ අවශ්‍ය සියලු කර්තව්‍ය අඳුරේදී  සැකයකින් තොරව ඉටු කිරිමට අවශ්‍ය පෙනීම සැලකිය යුතු තත්වයක් දැන ගන්නට නොමැති  විය යුතු ය.
ආධාර සහිතව 6/6 6/12
ආධාර නොමැතිව 6/60 6/60
සියලු ඉංජිනේරු නිලධරයන් සහ ඇංජින් කාමරවල  මුරසේවයේ  කොටසක් වන නිල නොලත් නැවියන්     ලඟ ඇති උපදෙස්  කියවීම, උපකරණ ක්‍රියාත්මක  කිරීමට සහ ඉෂිහාරා/පාන්ස්වර්ක් පරීක්ෂණය  මගින් තීරණය කරනු  ලබන පරිදි ‍ක්‍රම පද්ධති/ උපාංග හඳුනා  ගැනීමට අවශ්‍ය  පෙනීම
  
ප්‍රමාණවත් දෘෂ්ඨි පථ
 
අවශ්‍ය සියලු කර්තව්‍ය අඳුරේදී  සැකයකින් තොරව ඉටු කිරිමට අවශ්‍ය පෙනීම
 
 
සැලකිය යුතු තත්වයක් දැන ගන්නට නොමැති  විය යුතු ය.
 
 
ආධාර සහිතව 6/18 6/18
ආධාර නොමැතිව 6/60 6/60
රේඩියෝ නිලධරයන් සහ විදුලි/විද්‍යුත් නිලධරයන්‍     ලඟ ඇති උපදෙස්  කියවීම, උපකරණ ක්‍රියාත්මක  කිරීමට සහ ඉෂිහාරා/පාන්ස්වර්ක් පරීක්ෂණය  මගින් තීරණය කරනු  ලබන පරිදි ‍ක්‍රම පද්ධති/ උපාංග හඳුනා  ගැනීමට අවශ්‍ය  පෙනීම
  
  
ප්‍රමාණවත් දෘෂ්ඨි පථ
 
 
අවශ්‍ය සියලු කර්තව්‍ය අඳුරේදී  සැකයකින් තොරව ඉටු කිරිමට අවශ්‍ය පෙනීම
 
 
සැලකිය යුතු තත්වයක් දැන ගන්නට නොමැති  විය යුතු ය.
 
 
ආධාර සහිතව 6/18 6/18
ආධාර නොමැතිව 6/60 6/60


(ඇ) අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලද වෛද්‍ය වෘත්තිකයකු විසින් කරන ලද ඔහු දරන තනතුරට අනුව ඔහුට අදාළ වෛද්‍ය යෝග්‍යයනතා සහතිකයක්, එම පරීක්ෂණය කළ යුත්තේ දෙවන උපලේඛණයෙහි දක්වා ඇති ප්‍රමිති විශේෂත්වයට අනුකූලවය.

දෙවන උපලේඛණය
වෛද‍ය ප්‍රමිත

පිළිගත් වෛද්‍යවරයකු විසින් සම්පුර්ණ කරනු ලැබූ ශාරීරික පරීක්ෂණ වාර්තාවක්  අධ්‍යඅක්ෂවරයා විසින් නියම කරනු ලැබූ වෛද්‍ය වාර්තා  ආකෘති  පත්‍රයක් මගින් ඉදිරිපත් කළ යුතුයි.  නිලධර සහතිකයක්, නැවියන් අඛණ්ඩ මුදා හැරීමේ සහතිකයක් (සිඩිසි)  හෝ විශේෂ සුදුසුකම්  සහතික කිරීමක්  සඳහා අයඳුම් කරන සියලු අයඳුම්කරුවන්ට නියම කරනු ලැබිය යුතුය.  එසේ සම්පුර්ණ කරන ලද වෛද්‍ය වාර්තා ආකෘති පත්‍රය, නිලධර සහතිකයක් සඳහා හෝ නැවියාගේ හඳුනාගැනීමේ ලේඛනය සඳහා හෝ විශේෂ  සුදුසුකම් සහතික කිරීමක් සඳහා හෝ ඉල්ලීමක් කරන අයඳුම්  පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ය.

නිලධර සහතිකයක් සඳහා හෝ විශේෂ සුදුසුකම් සහතික කිරීමක් සඳහා  හෝ සීඩිසී සහතිකයක් සඳහා හෝ ඉල්ලීමක්  ඉදිරිපත් කරන දිනයට පෙර මාස 12 කට නොවැඩි  කාලයක් තුළ දී ඉහත සඳහන් ශාරීරික පරීක්ෂණය සිදු කර තිබිය යුතු ය.  භාර  ගන්නා ලද  නිශ්චිත  රාජකාරී පැවරැම ඉටු කිරීමට සුදුසු සතුටුදායක  ශාරීරීක  තත්ත්වයක් අයඳුම්කරුට ඇති බවත් නාවුක වෘත්තියේ අවශ්‍යතා සපුරාලීම සඳහා  සාමාන්‍යයෙන් අවශ්‍ය සියලුම ශාරීරික ඉන්ද්‍රීය ශක්තිය අයඳුම්කරුට ඇති බවත් ඒ පරීක්ෂණයෙන් තහවුරු විය යුතු ය.  ඉහත සඳහන් කරුණු වලට අමතරව  පහත දැක්වෙන අවශ්‍යතා අයඳුම්කරු විසින් සපුරා ලිය යුතු ය.

(අ) සාමාන්‍ය ශබ්ද ශ්‍රවණය කළ හැකි පරිදි සියලුම අයඳුම්කරුවන්ගේ කන් ඇසීම දුර්වල නොවී තිබිය යුතු  අතර, කොඳුරා කියන හඬක්  වඩා හොඳින්  ඇසෙන කණෙන් මිටර් 5ක් දුර සිට ද දුර්වල කණෙන් මීටර් 2 ක් දුර සිට ද ඇසීමට හැකි විය යුතු ය.
(ආ) ප්‍රවීණතා සහතිකයක් නිකුත් කරවා ගැනීම සඳහා ඉල්ලුම් කරන නැව් තට්ටු නිලධරයන්ට, ඉංජිනේරු නිලධරයන්ට සහ  රේඩියෝ නිලධරයන්ට, දුර පෙනීම සහ සාමාන්‍ය වර්ණ හඳුනා ගැනීමේ හැකියාව (උපැස් පැළඳගෙන හෝ එසේ නොමැතිව හෝ ) තිබිය යුතු ය.
(ඈ) නිලධාරින්  සම්බන්ධයෙන් වූ විට, අයඳුම් කිරීමට පෙර නැවේ සේවය කිරීමේදී චරිතය, මනා හැසිරිම සංවරශිලී බව, පළපුරුද්ද,  හා හැකියාව පිළිබඳ සහතික ප්‍රධාන පරීක්ෂණයෙන් වෙනත් අයුරකින් අවසර  දෙන්නේ නම් හැර, එබඳු  සහතික  නැව්පතින් හෝ ප්‍රධාන ඉංජිනේරුවන්ගේ  සහ කිසියම් නැවක සේවය කරන්නේ නම් එම නැවෙහි බලය ලත් සමාගමේ හා නියෝජිතයාගේ අත්සන සහිත විය යුතුය.

(2) ඩ්රෙජර් යාත්‍රා, පර්යේෂණ යාත්‍රා , මුක්තාවශේෂ  යාත්‍රා සහ ටග් යාත්‍රා වැනි වානිජ නොවන නෞකාවල  සුදුසුකම් ලබන සේවය හෝ පුහුණුව කර ඇති  අවස්ථාවක ඔවුන්ගේ සහතික එවැනි යාත්‍රා වල සේවයට පමණක් සීමා කරනු ලැබේ.

(3) රෝ-රෝ යාත්‍රාවල හෝ මගී නෞකාවල හෝ සම්පුර්ණ නැව් බඩු ප්‍රමාණය හෝ ‍ කොටසක් අවදානම් සහිත නැව් බඩු යයි විශේෂිත කොට දක්වා ඇති  නෞකාවල සේවය කරන ‍ නැව්පතියන් , නැව් තට්ටු නිලධාරින් හා ඉංජිනේරු නිලධාරින් සහ නැවියන් , අදාල  ප්‍රවීණතා සහතික සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය සුදුසුකම් වලට අමතරව , මෙහි 26 වැනි නියෝග වල විශේෂිත කොට දක්වා ඇති අතිරේක නියමයන් සපරා ලිය යුතුය.

2 නැව් තට්ටු අංශයේ නැව්පතියන්, නිලධාරින් සහ නැවියන්ගේ පුහුණුව සහ සුදුසුකම් සඳහා නියමිත අවම අවශ්‍යතා

(අ)
1. නැව්පති ලෙස ප්‍රවීණතා සහතිකය සඳහා සෑම  අපේක්ෂකයකුම :-

(අ) ප්‍රධාන උප නැව්පති ලෙස ආදළ ප්‍රවීණතා සහතිකයක් දැරිය යුතුය.
(ආ) ප්‍රධාන උප නැව්පති ලෙස ප්‍රවීණතා සහතිකය දරන අතරම, නාවික මුරකාවල් භාර නිලධාරියෙකු ලෙස මාස විසි හතරකට  නොඅඩු අනුමත මුහුදු ගමන් සේවාවක් ඉටු කර තිබිය යුතුය. කෙසේ වුවද, මුළු ටොන් 500 හෝ ඊට වැඩි නෞකාවල ප්‍රධාන උප නැව්පති  ලෙස එම මුහුදු ගමන් සේවය ඉටු කර ඇත්නම්, මෙම කාල පරිච්ජේදය මාස දොළහකට නොඅඩු ප්‍රමාණයකට අඩු කරනු ලැබේ. නැතහොත් සමානුපාතිකව අඩු කරනු ලැ‍බේ.
(ඇ) අනුමත කළමනාකරණ වැඩ සටහනක් සම්පුර්ණ කර තිබිය යුතුය.
(ඈ) මුළු ටොන් 3000  හෝ ඊට වැඩි  නැතහොත් යෝග්‍ය පරිදි, මුළු ටොන්  500 සහ මුළු ටොන් 3000 නෞකාවල නැව්පතින් සඳහා එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  A-II/2, වගන්තියෙහි  විශේෂිතව දක්වා ඇති ප්‍රවීණතා  ප්‍රමිතියට අනුව ප්‍රධාන  පරීක්ෂක  විසින් මෙහෙයවනු ලබන පරීක්ෂණයකින්  සමත්වී සිටිය යුතු ය.

(ආ) නෞකාවල ප්‍රධාන උප නැව්පති ලෙස ප්‍රවීණතා සහතිකය නිකුත් කරනු ලැබීම සඳහා  සෑම අපේක්ෂකයෙකුම :

(අ) මුළු ටොන්  500 හෝ ඊට වැඩි නෞකාවල නාවික මුරකාවල් භාර නිලධාරියෙකු ලෙස ප්‍රවීණතා සහතිකයක් දැරිය යුතු ය.
(ආ) මාස 12 කට නොඅඩු කාලපරිච්ජේදයක් මුළු ටොන්  500 හෝ ඊට වැඩි නෞකාවල නාවික මුරකාවල් භාර නිලධාරියකු ලෙස අනුමත මුහුදු ගමන් සේවාවක් ඉටු කර තිබිය යුතු ය.
(ඇ) එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  A-VI/4-2 )   වගන්තියේ  දක්වා ඇති පරිදි නෞකාස්ථ වෛද්‍ය ආරක්ෂණ භාරකරු වශයෙන් අනුමත පුහුණුව සාර්ථක ලෙස සම්පුර්ණ කර ඇති බවට ලේඛන සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.
(ඈ) මුළු ටොන් 3000 හෝ ඊට වැඩි නෞකාවල හෝ මුළු ටොන් 500 සහ මුළු ටොන් 3000 නෞකාවල යෝග්‍ය පරිදි එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  A-ii/2  වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති නැව්පතින් හා ප්‍රධාන සහායකයින් සඳහා වූ අනුමත අධ්‍යාපනය, පුහුණුව, පරීක්ෂණය හා ඇගැයුම සම්පුර්ණ කොට තිබිය යුතු ය.

(ඇ) 
1. මුළු ටොන් 500  හෝ  ඊට වැඩි නෞකාවල මුරකාවල් භාර නිලධාරියා ලෙස , ප්‍රවීණතා  සහතිකය නිකුත් කිරිම සඳහා සෑම අපේක්ෂකයකුම -

(අ) ප්‍රවීණතා  සහතිකය සඳහා වූ පරීක්ෂණය ආරම්භ කරන දිනට වයස අවුරැදු 18 ට නොඅඩු විය යුතුය.

(ආ) එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  A-ii/1  වගන්තියෙහි අවශ්‍යතාවන් සපුරාලන, මුළු  ටොන්  500 හෝ ඊට වැඩි වෙළඳ නෞකාවල නැව් තට්ටු අංශයෙහි අනුමත පුහුණු වැඩ  සටහනක කොටසක් වශයෙන් අනුමත මුහුදු ගමන් සේවාවක් මාස 18 කට නොඅඩු කාල පරිච්චේදයක් තුළ ලබා සිටිය යුතුය.  එසේම, අනුමත වාර්තා පොතක නෞකාස්ථ පුහුණුව සටහන් කොට තිබිය යුතු ය. නැතහොත් වෙනත් අයුරකින් මාස 36 කට නොඅඩු අනුමත මුහුදු ගමන් සේවාවක් තිබිය යුතුය.

(ඇ) අවශ්‍ය මුහුදු ගමන් සේවාව තුළදී , මාස 6 කට නොඅඩු කාල පරිච්චේදයක් නැව්පති හෝ වෙනත් සුදුසුකම් ලත් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ පාලම් මුරකාවල් රාජකාරි ඉටු කර තිබිය යුතු ය.

(ඈ) ප්‍රවීණතා සහතික නිකුත් කරනු ලැබීම සඳහා පහත සඳහන් අනුමත පුහුණුව සාර්ථක ලෙස සම්පුර්ණ කර ඇති බවට ලේඛණ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
ඒවානම් -
පෞද්ගලික ආරක්ෂාව හා සාමාජීය වගකිම් (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  A-VI/1 -4) , ගැලවීමේ යාත්‍ර හා ජිවිතාරක්ෂඛ බෝට්ටු පිළිබඳ සුදුසුකම් (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  A-VI/2-1) , උසස් ගිනි නිවිම, (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  A-VI/3) , වෛද්‍ය ප්‍රථමාධාර (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  A-VI/1 -4-11) සහ ජී.එම’.ඩි.එස්.එස්. හි දක්වා ඇති සාමාන්‍ය ක්‍රියාකරු  සහතිකය, සහ

(ඉ) එස්.ටි.සී.ඩබ්ලිව් ව්‍යවස්ථා සංග්‍රහයේ  A-II/I  වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටමට සරිලන අනුමත අධ්‍යාපනය, පුහුණුව, පරීක්ෂණය හා ඇගැයුම් සම්පුර්ණ කර තිබිය යුතු ය.

(ඈ) 
1. වෙරළාසන්න මුහුදු ගමන්වල මුළු ටොන් 3000 ට අඩු නෞකාවල නැව්පති  ලෙස නිකුත්  කිරීම සඳහා  සෑම අපේක්ෂකයෙකුම

(අ) වෙරළාසන්න මුහුදු ගමන්වල මුළු ටොන්  3000 ට අඩු නෞකාවල ප්‍රධාන උප නැව්පති  ලෙස ප්‍රවීණතා  සහතිකයක් දැරිය යුතු ය.

(ආ) මුළු ටොන් 500 ට  හෝ ඊට වැඩි නෞකාවල  නාවික මුරකාවල්  භාර නිලධාරියකු ලෙස මාස  තිස් හයකට නොඅඩු  අනුමත මුහුදු ගමන් සේවාවක් සපුරා තිබිය යුතු ය.  කෙසේ වුවද, මුළු ටොන්  500 ට හෝ ඊට වැඩි  නෞකාවල  ප්‍රධාන  උපනැව්පති ලෙස මාස 12 කට නොඅඩු එබඳු මුහුදු ගමන් සේවයක  නියුක්ත වී සිටියේ නම් මෙම කාල පරිච්චේදය මාස 30 කට නොඅඩු ප්‍රමාණයකට අඩු කරනු ලැබේ.  නැතහොත් සමානුපාතිකව අඩු කරනු ලැබේ.

(ඇ) අනුමත නෞකා කළමනාකරණ පාඨමාලාවක් සම්පුර්ණ කර තිබිය යුතු ය.

(ඈ) නෞකා පරිහරණය /ක්‍රියාකරවීම විෂයෙහි  අනුමත  සමාන පුහුණුව සම්පුර්ණ කොට තිබිය යුතුය.  නැතහොත් ඒ වෙනුවට වෙරළාසන්න මුහුදු ගමන්වල මුළු ටොන් 500 ට අඩු නොවන නැවක ප්‍රධාන උප නැව්පති ලෙස අතිරේක මාස තුනක  අනුමත මුහුදු ගමන් සේවාවක් සම්පුර්ණ කර තිබිය යුතු ය.

(ඉ) වෙරළාසන්න මුහුදු ගමන් වල යෙදෙන මුළු ටොන් 500 සහ මුළු ටොන් 3000 අතර නෞකාවල නැව්පති සඳහා  එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  A-ii/2 වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටමට සරිලන  ප්‍රධාන පරීක්ෂක විසින්  පවත්වනු ලබන පරීක්ෂණයකින්  සමත් වී තිබිය යුතුය.

(ඉ)
වෙරළාසන්න  මුහුදු ගමන්වල යෙදෙන මුළු  ටොන්  3000ට අඩු නෞකාවල ප්‍රධාන උප නැව්පති ලෙස ප්‍රවීණතා  සහතිකයක් නිකුත් කරනු ලැබීමට සෑම අපෙක්ෂකයකුම: -

(අ) වෙරළාසන්න මුහුදු ‍ ගමන්වල යෙදෙන මුළු ටොන් 3000ට අඩු නෞකාවල ප්‍රධාන සහායක ලෙස  ප්‍රවීණතා සහතිකයක් දැරිය යුතු ය.

(ආ) මුළු ටොන්  500 ට හෝ ඊට වැඩි නෞකාවල නාවික මුරකාවල් භාර නිලධාරි‍යකු ලෙස මාස දහ අටකට නොඅඩු අනුමත මුහුදු ගමන් සේවාවක් සපුරා තිබිය යුතුය.  අනුමත අධ්‍යානපනයට හා පුහුණුවට පෙර තිබුණු මාස 12 ඇතුළත අඩුම වශයෙන් මාස 3 ක මුහුදු ගමන් සේවයක් මෙයට ඇතුළත් විය යුතු ය.

(ඇ) ප්‍රවීණතා සහතිකය නිකුත් කිරීමට ( එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ- වි/4-2)  හි වෛද්‍ය උපස්ථාන පිළිබඳ ප්‍රවීනතාව සඳහා  අනුමත පුහුණුව සාර්ථකව අවසන් කළ බවට ලේඛණ ගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. සහ

(ඈ) වෙරළාසන්න මුහුදු ගමන්වල යෙදෙන මුළු ටොන් 500  සහ මුළු  ටොන්  3000 අතර නෞකාවල නැව්පති සහ ප්‍රධාන  උප නැව්පති සඳහා එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-ඊ/2, වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා  මට්ටමට සරිලන අධ්‍යාපන පුහුණුව,පරීක්ෂණය හා ඇගැයීම සම්පුර්ණ කර තිබිය යුතු ය.

(ඊ)
(1)  වෙරලාසන්න  මුහුදු  ගමන්වල  යෙදෙන මුළු  ටොන්  3000 ට අඩු නෞකාවල නාවික මුරකාවල්  කාර්යභාර නිලධාරි ප්‍රවීණතාව  සදහා වූ  සහතික සඳහා සෑම අයදුම්කරුවෙක්ම :-

(අ) ප්‍රවීණතා සහතිකය සඳහා  වූ පරික්ෂණය ආරම්භ කරන දිනට  වයස අවුරුදු  18 ට නොඅඩු විය යුතු ය.

(ආ) පහත සඳහන් දෑ සම්පුර්ණ  කර තිබිය යුතු ය:-

(I) මුළු ටොන්  500 හෝ ඊට වැඩි නෞකාවල නැව් තට්ටු අංශයේ මාස 18 කට නොඅඩු කාල පරිච්චේදයක්  අනුමත  මුහුදු ගමන් සේවාව හෝ , වෙරළාසන්න මුහුදු ගමන් වලට ගැලපෙන අයුරින්  එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-ඊ/1  වගන්තියෙහි විශේෂිත කොට දක්වන ලද ප්‍රවීණතා මට්ටම්  සපුරාලන අනුමත වාර්තා පොතක විශේෂිත කොට දක්වන ලද නාවික පුහුණුව  ඇතුළත් වන අනුමත පුහුණු වැඩ සටහනක කොටසක් නැතහොත් , මාස 36 කට අඩු නොවන අනුමත මුහුදු ගමන් සේවාවක්.
මුළු ටොන් 500 ට අඩු නෞකාවක අනුමත මුහුදු ගමන් සේවාවක් ඉටු කල අපේක්ෂකයකු සම්බන්ධයෙන් ගණන් ගැනෙන්නේ ඉල්ලා ඇති නියම  මුහුදු ගමන්වලින්  තුනෙන් දෙකක් පමණකි.
(II)    නාවික නිලධාරි  ශිෂ්‍යභට  පුහුණු වාර්තා පොතෙහි විශේෂිත කොට දක්වා ඇති පරිදි නැව්පතිගේ හෝ  සුදුසුකම් ලත් නිලධාරියෙකු ගේ අධීක්ෂණය යටතේ  මාස 6 කට නොඅඩු පාලම් මුරකාවල් රාජකාරි, අවශ්‍ය මුහුදු ගමන් සේවා කාලය තුලදී ඉටු කර තිබිය යුතු ය.

(ඇ) ප්‍රවීණතා සහතිකයක් නිකුත් කිරිම සඳහා පහත සඳහන් අනුමත පුහුණුව සාර්ථක ලෙස සම්පුර්ණ කල බවට ලේඛණ සාක්ෂි  ඉදිරිපත් කළ යුතුය. ඒවා නම්,
පෞද්ගලික ආරක්ෂාව හා සාමාජීය වගකීම (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ ඇ-වි/1-4), ගැලවීමේ යාත්‍රා හා ජීවිතාරක්ෂක බෝට්ටු පිළිබද සුදුසුකම් (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ ඇ-වි/2-1),උසස් ගිනි නිවීම් (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ ඇ-වි/3),වෛද්‍යප්‍රථමාධාර (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ ඇ-වි/4-1),  සාමාන්‍ය ක්‍රියාකරුගේ සහතිකය  (ජි.එම්.ඩි.එස්.එස්. )  සහ

(ඈ) වෙරලාසන්න මුහුදු ගමන් වල යෙදෙන මුළු ටොන් 3000 ට අඩු නෞකාවල මුරකාවල් භාර නිලධාරීන් සඳහා  එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-ඊ/1  වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටමට සරිලන අනුමත අධ්‍යාපනය, පුහුණුව,

(2) මෙම  රෙගුලාසියේ කාර්ය සඳහා  මුළු ටොන්  500ට අඩු නෞකාවල තට්ටුභාර වගකීමේ සේවා කාලයෙන් 2/3 ක් සේවා කාලය ලෙස සලකනු ලබන අතර, සැම අපේක්ෂකයෙකුම මීට අමතරව මුළු ටොන් 500  හෝ ඊට වැඩි නෞකාවල තට්ටු භාර වගකීම මාස 12 ක් වත් ඉටු කර තිබිය යුතු ය.

(උ)
(1)  වෙරලාසන්න මුහුදු ගමන්වල යෙදෙන මුලු ටොන් 500 ට අඩු නෞකාවලට සීමා වූ නැව්පති තනතුර සඳහා වූ ප්‍රවීණතා සහතිකය සඳහා සෑම අපේක්ෂකයෙකුම පහත සඳහන් දෑ සපුරා ලිය යුතු ය.

(අ) වෙරලාසන්න මුහුදු ගමන්වල යෙදෙන මුළු ටොන් 80 ට වැඩි නෞකාවල මුරකාවල් භාර නිලධාරියෙකු ලෙස මාස දොළහකට නොඅඩු අනුමත මුහුදු ගමන් සේවාව තිබිය යුතු ය.

(ආ) ප්‍රවීනතා සහතිකය නිකුත් කිරීම සඳහා ඔහු හෝ ඇය සුදුසුකම් ලබා ඇතැයි සලකනු ලැබීමට පෙර පහත සඳහන් අනුමත පුහුණුව සාර්ථක ලෙස සම්පුර්ණ කල බව ලේඛණ සාක්ෂි  ඉදිරිපත් කළ යුතු ය. එය නම් වෛද්‍ය ආරක්ෂාව පිළිබඳ සුදුසුකම් (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-වි/4-2)

(ඇ) වෙරලාසන්න මුහුදු ගමන් වල යෙදෙන මුළු ටොන් 500 ට අඩු නෞකාවල ‍නැව්පතීන් සඳහා (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්ර හයේ  ඇ-ඊ/3) වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීනතා මට්ටමට සරිලන  අනුමත අධ්‍යාපන , පුහුණුව, පරීක්ෂණය හා ඇගයීම සම්පුර්ණ කොට තිබීම.

(2) ‘ ‍‍ටග්  සේවය පමණය’  යන සීමා කිරීමට යටත්ව සටහන් කරන ලද සහතිකයක් ඇතිව මෙම සහතිකය සඳහා අයදුම් කරන සෑම අයදුම්කරුවකුම මුහුදු ගමනේ යෙදෙන  මුහුදු ගමන් කාලපරිච්චේදයේදී යටත් පිරිසෙයින් අඩක්  ටග් යාත්‍රා වලද , ඉතිරි කාල පරිච්චේදය  ටග් යාත්‍රා  නොවන මුහුදු ගමනෙහි  යෙදෙන නෞකාවලද සේවය කොට තිබිය යුතු ය.

(ඌ)
සමීප වෙරලාසන්න මුහුදු ගමන්වල නියුතු මුළු ටොන් 500 ට අඩු නෞකාවල මුරකාවල් භාර නිලධරියෙකු ලෙස ප්‍රවීනතා  සහතිකයක් ඉල්ලුම්කරන සෑම අපේක්ෂකයෙක්ම,
(අ) ප්‍රවීණතා සහතිකය නිකුත් කිරීම සඳහා පරීක්ෂණය ආරම්භ කළ දිනට වයස අවුරුදු 18 ට නොඅඩු විය යුතු ය.

(ආ) පහත සඳහන් දෑ සම්පුර්ණ කර තිබිය යුතු ය.

(i) පෙර -  මුහුදු හෝ නෞකාවක මාස විසිහතරකට නොඅඩු කාලයක් තුළ ලබා ගත් අනුමත පුහුණුවක් මෙයින් මාස දොළහකට නොඅඩු මුහුදු ගමන් සේවා කාලයක් ඇතුළත් විය යුතු ය.  මෙයිනුත් මාස දොළසක මුහුදු ගමන් සේවා කාලයෙන් යටත් පිරිසෙයින් මාස හයක්වත්, මුළු ටොන් 80 ට හෝ වැඩි නැව්වල පාලම් මුරකාවල හා සම්බන්ධ රාජකාරිවල නියුක්ත වී සිටිය යුතු ය.  හෝ

(ii) මුළු ටොන් 80 කට හෝ ඊට වැඩි නැව් වල නැව් තට්ටු අංශයෙහි මාස හයකට නොඅඩු කාලයක් අනුමත මුහුදු ගමන් සේවාවක් ;

(ඇ) ප්‍රවීනතා සහතිකය නිකුත් කිරීම සඳහා ඔහු හෝ ඇය සුදුසුකම් ලබා ඇති සේ සලකනු ලැබීමට පෙර පහත සඳහන් අනුමත පුහුණුව සාර්ථක ලෙස  සම්පුර්ණ කල බවට ලේඛණ සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.  ඒවා නම්, පෞද්ගලික ආරක්ෂාව හා සමාජයීය වගකිම්  (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රයේ  ඇ-වි/4)  , ගැලවීමේ යාත්‍රා හා ජීවිතාරක්ෂක බෝට්ටු (එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ ඇ-වි/2-1)   උසස් ගිනි නිවීම (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-වි/3), වෛද්‍ය ප්‍රථමාධාර  (එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ ඇ-වි/4-1)  සහ සාමාන්‍ය   ක්‍රියාකරු සහතිකය (ජි.එම්.ඩි.එස්.එස්.):   සහ

(ඈ) වෙරලාසන්න මුහුදු ගමන්වල යෙදෙන මුළු ටොන් 500 ට අඩු නෞකාවල නාවික මුරකාවල් බාරව සිටින නිලධාරීන් සඳහා එස්.ටි.සි.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-ඓඓ/3 වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීණතා මට්ටමට සරිලන අනුමත අධ්‍යාපනය, පුහුණුව, පරීක්ෂණය හා ඇගැයුම් සම්පුර්ණ කොට තිබිය යුතු ය.

(එ )
මුළු ටොන් 500 හෝ ඊට වැඩි නැව් සම්බන්ධයෙන් නාවික යාත්‍රා මුර කිරීමට සහතිකයක් ලබන සෑම නැවියෙකුම
-

(අ) සහතිකය නිකුත් කිරීම සඳහා පරීක්ෂණය ආරම්භ කරන දිනට වයස අවුරැදු 18 නොඅඩු විය යුතුය.

(ආ) පහත සඳහන් කරුණු සම්පුර්ණ කර තිබිය යුතුය.
1. මුළු ටොන් 500 හෝ ඊට වැඩි යාත්ත්‍රාවලින් ද ප්‍රධාන පරීක්ෂක විසින් අනුමත කරන පරිදි පාලම් මුර කිරීමට අදාල යටත් පිරිසෙයින් මාස 9 ක පුහුණුව සහ පලපුරුද්ද හෝ
   
2. මුළු ටොන් 500 හෝ ඊට වැඩි නෞකාවල මුහුදු ගමන් සේවාවන් හි අනුමත මාස 5 කට නොඅඩු කාල පරිච්ඡෙදයක් සහ අනුමත කරන ලද මාස 2 කට නොඅඩු කාලපරිච්ඡෙදයක් විශේෂ පුහුණුව. හෝ

3. 1993 අගෝස්තු 01 දින සිට 1998 අගෝස්තු මස 01 දින දක්වා කාල පර්ච්ඡේදය තුල  මුළු ටොන් 500 හෝ ඊට වැඩි නෞකාවල නැව් තට්ටු අංශයේහි අදාළ තත්වයෙහි අනුමත මාස දොළසකට නොඅඩු මුහුදු ගමන් සේවාවන්. එසේ වුවද, විභාගය පවත්වන දිනට පෙර අවුරුදු 5 ක කාලය තුල දොළොස් මසක මුහුදු සේවය නැති නැවියන්, ප්‍රධාන පරීක්ෂක විසින් අනුමත කරන ලද පරිදි විශේෂ සංස්කරණ පාඨමාළාවක් හැදෑරිය යුතුය.

(ඇ)  නෞකා මුරකාවලහි කොටසක් සිදු කල නැවියෙකු වශයෙන් සහතිකයක් නිකුත් කිරීම සඳහා ඔහු/ඇය සුදුසුකම් ලබා ඇතිසේ සලකනු ලැබීමට පෙර පහත සඳහන් අනුමත පුහුණුව සාර්තක ලෙස සම්පූර්ණ කල බවට ලේඛණ සාක්ෂි  ඉදිරිපත් කල යුතුය. ඒවා නම්   ගැලවීමේ යාත්‍රා  හා ජීවිතාරක්ෂක බෝට්ටු  ( එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ-Vඓ/(1-1), ගිණි වැලැක්විම හා ගිණි නිවිම ( එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ- Vඓ/1-2),මූලික ප්‍රථමාධාර ( එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ- Vඓ/1-2), සහ පෞද්ගලික ආරක්ෂාව හා සමාජීය වගකිම ( එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  ඇ- Vඓ/1-4),

(ඈ)  එස්.ටි.සී.ඩබ්ලිව් සංග්‍රහයේ  11/4 වගන්තියෙහි විශේෂිත කොට දක්වා ඇති ප්‍රවීනතා ප්‍රමිතීන් සම්පූර්ණ කර තිබීම

අයඳුම් ක්‍රියාවලිය

විභාග අයඳුම් පත්‍ වෙළඳ නැව් අංශයෙන් ලබා ගත හැකිය.
විභාගය නැවත කිරිමේ අයඳුම්පත

අයඳුම්පත් ගාස්තුව  රුපියල් 100.00 කි

අයඳුම්පත් ඉදිරිපත් කිරිම වැඩ කරන දිනයන්හි  කාර්යාල වේලාවන් තුල සිදු කල හැක.( පෙ.ව. 8:30  සිට  ප.ව. 4:15 දක්වා )

විභාග ගාස්තු

නැව්පති (සීමාරහිත) රු.  25,000.00
ප්‍රධාන උප නැව්පති (සීමා රහිත) රු.  20,000.00
ජල තරණ මුරකාවල්  භාර නිලධාරි (සීමාරහිත) රු.  15,000.00
නැව්පති (වෙරළාසන්න  යාත්‍රා  කිරීම්) ද ටො. 3000 ට අඩු රු.  20,000.00
ප්‍රධාන උප නැව්පති, (වෙරළාසන්න  යාත්‍රා  කිරීම්) ද ටො. 3000 ටඅඩු රු.  15,000.00
ජලතරන, මුරකාවල් භාර නිලධාරි (වෙරළාසන්න යාත්‍රා  කිරීම් ) ද .ටො‍. 30000 ට අඩු රු.  10,000.00
නැව්පති , (වෙරළාසන්න යාත්‍රා  කිරීම ) ද ටො. 500ට අඩු රු. 5,000.00
ජලතරන, මුරකාවල් භාර නිලධාරි වෙරළාසන්න යාත්‍රා  කිරීම ද, 500 ට අඩු රු. 2,000.00
ජල තරණ මුරකාවලක කොටසක් වශයෙන් වර්ග කිරීම රු. 1,000.00

 

ඕනෑම කොටසක් සඳහා නැවත පෙනී සිටීමට නම්,

වාචික  පරීක්ෂණය සඳහා රු. 5,000.00
සංඥා සඳහා රු. 2,500.00
ඕනෑම එක් විෂයයක්  සඳහා විභාග ගාස්තුවෙන් 20% ක් ගෙවිය යුතුය

 

ප්‍රවීණතා සහතිකය ලබා දීම සඳහා මුහුදු සේවා තක්සේරුව

ශ්‍රී ලාංකිකයෙකුට රු. 2,000.00
විදේශිකයෙකුට $. 100.00
 

සේවාව ලබාදීමට ගත වන කාලය
විභාග  ක්‍රියාවලිය සාර්ථකව සම්පුර්ණ වූ පසු

සනාථ කිරිමට අවශ්‍ය ලියවිලි
(අ)  උප්පැන්න සහතිකයේ පිටපත
(ආ) ජාතික හැඳුනුම්පතේ පිටපත
(ඇ) ගමන් බලපත්‍රයේ පිටපත
(ඈ) අධ්‍යාපන සහතික වල පිටපත් (අ.පො.ස(සා.පෙළ)/ උසස් පෙළ)
(ඉ) අඛණ්ඩ මුදා හැරීමේ සහතිකයේ පිටපත
(ඊ) වලංගු වෛද්‍ය සහතිකයේ පිටපත
(උ) මුරකාවලෙහි යෙදීමේ සහතිකය (අවශ්‍ය නම්)
(ඌ) මුහුදු සේවා කාලය සනාථ කිරිමේ ලියවිලි
(එ) නිරාපද පාඨමාලා 05 සම්පුර්ණ කල බවට සහතික වල පිටපත්
(ඒ) විභාග අයඳුම්පත  (Assessment of Sea Service)

සේවා භාර නිලධාරීන්

තනතුර නම දුරකථන අංකය ෆැක්ස් ඊ මේල්
අධ්‍යක්ෂ(නාවික), ප්‍රධාන විභාග පරීක්ෂක (නාවික) කපිතාන් පී.එන්.‍ සේනානායක මහතා +94 11 2380764 +94 11 2380764 dmsmos@sltnet.lk
විභාග පරීක්ෂක (නාවික) කපිතාන් ටි. ‍තෙල්වත්ත +94 11 2394620 +94 11 2435160 dmsmos@sltnet.lk

 

අනෙකුත් තොරතුරු

මුහුදු සේවය ගණනය කිරීම

සියලු නිලධාරීන් සහ නිල නොලත් නැවියන්
(1)යම් විශේෂ ප්‍රවීණතා  සහතිකයක් හෝ පිටසනක් සඳහා නිලධාරීන්ට සහ නිල නොලත් නැවියන්ට නියම කොට දක්වා ඇති සුදුසුකම් ලැබීමේ මුහුදු සේවය ප්‍රවීණතාව තක්සේරු කිරීම ආරම්භ වන දිනයට පුර්ව වූ දස අවුරුද්දක  කාල පරිච්ජේදය තුළ ඉටු කළ යුතු අතර, ප්‍රවීණතාව  තක්සේරු  කිරීම ආරම්භක දිනයට පුර්ව වූ මාස 12 ක මුහුදු සේවයක් ඊට ඇතුළත් විය යුතුය.

(2) වාණිජ නොවන නෞකා, මගී යාත්‍රා ‍ඩ්‍රෙජර් යාත්‍ර, පර්යේෂණ යාත්‍රා සුන්බුන් බේරා ගැනිමේ  යාත්‍රා සහ නාවුක ආධාර ටෙන්ඩර් යාත්‍රා සහ ඊට සමාන කටයුතුවල  යෙදී  සිටින වෙනත් නෞකාවල කර ඇති සේවය, සම්පුර්ණයෙන් ගණන් ගත හැකි වන්නේ, නියම වශයෙන් මුහුදේ  ගත කරන ලද කාලය, නැවේ ගත කල මුළු කාලයෙන් තුනෙන් දෙකක් වන හෝ ඊට වැඩි කාලයක් වන විටය.  නියම වයෙන් මුහුදු සේවා ‍කාලය මෙම ප්‍රමාණයට අඩු නම්, නියම වශයෙන් ඉටු කරන ලද මුහුද සේවා කාලයෙන් එක හමාරක ගුණයක් සුදුසුකම් ලැබීමේ මුහුදු සේවා කාලය වශයෙන් ගණන්ගත හැකි ය.  සියලු අපේක්ෂකයන් විසින් සම්පුර්ණ කළ යුතුව ඇති මුහුදු  සේවා කාලය සනාථ කිරිමේ සාක්ෂිවලට අතිරේකව, ඇත්ත වශයෙන්ම මුහුදු සේවයේ  යෙදී සිටි කාල ප්‍රමාණය  දක්වන ප්‍රකාශයෙහි හෝ , නැව්පතිගෙන් හෝ නැව් සමාගමෙන් හෝ ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කරන ලෙස අපේක්ෂකයන්ට නියම කරනු ලැබීය යුතු අතර, අධීක්ෂණය යටතේ යටත් පිරිසෙයින් මාස හයක මුර සේවයක් පිළිබඳව ද විශේෂයෙන් එහි සඳහන් කරනු ලැබිය යුතු ය.

(3) ඉහත සඳහන්  සේවය ඉටු කර ඇත්තේ එක්තරා වර්ගයකට අයත් යාත්‍රා වල පමණක් නම්, ඔවුන්ගේ සහතික එවැනි යාත්‍රා වල සේවයට පමණක් සීමා කරනු ලැබිය හැකිය.

(4) සම්මුතියේ නියමයන්ට අනුකූලව  ක්‍රියා කරමින්  වෙරළාසන්න මුහුදු ගමන් සඳහා  ප්‍රවීණතා සහතික දරන්නන් බටට පත්වීමට අදහස් කරන ශ්‍රී  ලංකා නාවික හමුදාවේ විධායක නිලධාරි ශාඛාවේ නිලධාරීන් ද,  නාවික ඉංජිනේරු ශාඛාවේ නිලධාරීන් ද අදාළ අනුමත අධ්‍යපනය, පුහුණුව, විභාගය සහ තක්සේරුව සම්පුර්ණ කළ යුතු යයි නියම කරනු ලැබිය යුතු ය.  එවැනි අපේක්ෂකයන් දැනට ලබා ගෙන ඇති පළපුරුද්ද, සුදුසුකම් සහ සහතික කිසිවක් වේ නම් ඒවා, අදාළ ප්‍රධාන පරීක්ෂකවරයා විසින් තීරණය කරනු ලබන පරිදි වෙළඳ නැව්වල මුහුදු සේවා සඳහා සුදුසුකම් තීරණය කිරිමේ පදනම විය යුත්තේ ය.

(5) නැව් තට්ටු නිලධාරීන් සහ නිල නොලත් නැවියන් සඳහා සුදුසුකම් ලැබීමේ මුහුදු  සේවා යන්නෙන්, නැවේ සේවයට බඳවා ගන්නා ලද දින සිට ඒ සේවයෙන් මුදාහළ දිනය දක්වා නැව්වල ගත කළ කාලය අදහස් වේ.

(6)   වරා‍යේ හෝ ‍නැව් තටාකයේ  හෝ නවත්වා ඇති නැව්වල  හෝ ඉදිකිරිම්  කටයුතු කරගෙන යන නැව්වල හෝ නැංගුරම් ලා ඇති  නැව්වල හෝ කරනු ලබන සේවය, සුදුසුකම් ලැබීමේ මුහුදු සේවයේ කොටසක් ලෙස සලකනු ලැබිය යුතුය. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන හිමිකම් පෑම, යමෙක් සේවය කල නැව් වල ඔහු ඉටු කල සේවා මුහුදු සේවය ලෙස ගණන් ගනු ලැබීමට සුදුසු බව සහතික කරමින් ඒ නැව්වල නැව්පතිවරයන් විසින් අත්සන් කරන ලද ප්‍රකාශ මගින් සනාථ කරනු ලැබිය යුතු ය.  මේ ශිර්ෂය යටතේ සුදුසුකම් ලැබීමේ මුහුදු සේවය මාස 3 කට  වැඩි නොවිය හැකිය.

(7)  මුර වාර දෙකක් ඇති නැවක  ප්‍රවීණතා සහතිකයක් දරමින් උපරිමය  මාස 6 ක කාලයක් ඉටු කළ යුතු ඉටු කළ මුර සේවය, සැබැවින්ම ඉටු කළ සේවා කාලය මෙන් එකයි පහෙන් එකක කාලයක සේවයක් ලෙස ගණන් ගනු ලැබිය හැකිය.


ආයතනයේ තොරතුරු

වෙළඳ නැව් අංශය - වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය

වෙළෙඳ නැව් අංශය,
පළමු මහල,
බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
අංක 43/89,
කොලඹ 01.


මධූෂ රංගන එදිරිසිංහ මහතා
දුරකථන:011 24 35 127, 011 244 14 29
ෆැක්ස් අංක:011 24 30 277
විද්‍යුත් තැපෑල:dmsmos@sltnet.lk
වෙබ් අඩවිය: www.dgshipping.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:39:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා




ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty