ප්රතිලාභ ගෙවීම
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් සිය සාමාජිකයින් සඳහා ලබාදෙනු ලබන ප්රතිලාභ වර්ග දෙකකි.
1 සාමාන්‍ය ප්රතිලාභ
සේවායෝජකයින් විසින් තම සේවකයින් වෙනුවෙන් ගෙවනු ලබන දායක මුදල් ඒ ඒ සාමාජිකයා නමින් පෞද්ගලික ගිණුමක තැන්පත් කර සෑම වර්ෂයකම 3% ක පොළී ප්‍රතිශතයක් හා මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ලාභාංශ ප්‍රතිශතයක් ද එකතු කරමින් කේවල සාමාජික ගිණුම් පවත්වාගෙන යා යුතුය. මෙසේ ඒ ඒ සාමාජිකයා නමින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ගිණුමේ ඇති ශේෂය ඔහුගේ සේවය අවසන් කර ඔහු ඉල්ලා සිටින අවස්ථාවක ආපසු ගෙවිය යුතුය. 1980 අංක 46 දරණ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 23 වන වගන්තියට අනුව සේවය අවසන් කිරීමෙන් පසු ඉල්ලා සිටින අවස්ථාවක එම මුදල් අදාළ සාමාජිකයාට ගෙවීමට මණ්ඩලය බැඳී සිටී. මෙම ප්රතිලාභ සාමාන්‍ය ප්රතිලාභ ලෙස හඳුන්වනු ලැබේ.
වර්ෂය |
පොළිය |
ලාභාංශ |
එකතුව |
1981 |
3 |
- |
3 |
1982 |
3 |
8 |
11 |
1983 |
3 |
10 |
13 |
1984 |
3 |
11 |
14 |
1985 |
3 |
9.5 |
12.5 |
1986 |
3 |
7 |
10 |
1987 |
3 |
7 |
10 |
1988 |
3 |
6.75 |
9.75 |
1989 |
3 |
6 |
9 |
1990 |
3 |
8.5 |
11.5 |
1991 |
3 |
9.5 |
12.5 |
1992 |
3 |
10 |
13 |
1993 |
3 |
11 |
14 |
1994 |
3 |
12 |
15 |
1995 |
3 |
10.5 |
13.5 |
1996 |
3 |
10.5 |
13.5 |
1997 |
3 |
7 |
10 |
1998 |
3 |
6 |
9 |
1999 |
3 |
4.5 |
7.5 |
2000 |
3 |
6 |
9 |
2001 |
3 |
8 |
11 |
2002 |
3 |
9 |
12 |
2003 |
3 |
8 |
11 |
2004 |
3 |
6 |
9 |
2005 |
3 |
5.5 |
8.5 |
2006 |
3 |
7 |
10 |
2007 |
3 |
7.25 |
10.25 |
2008 |
3 |
9 |
12 |
2009 |
3 |
8 |
13 |
2010 |
3 |
6 |
12.5 |
ඒ අනුව 1981 සිට 2010 දක්වා ඒ ඒ වර්ෂය සඳහා ප්‍රකාශයට පත්කරන ලද පොළී හා ලාභාංශ පිළිබඳ විස්තර පහත දැක්වේ.
I කුමන හේතුවක් මත හෝ සේවා නියුක්තිය අවසන් කර තිබීම.
සේවකයා කුමන හේතුවක් මත හෝ තමාගේ සේවය අවසන් කර තිබීම මෙම ප්රතිලාභ ලබා ගැනීමට තිබිය යුතු අනිවාර්ය කොන්දේසිය වේ.
එනම්
• වයස සම්පූර්ණවීම නිසා සේවයෙන් විශ්‍රාම යාම.
• සේවයෙන් පහ කිරීම.
• තනතුර අතහැර යාම.
• ආයතනය වසා දැමීම.
• ඉල්ලා අස්වීම
-වෙනත් රැකියාවකට යාම.
-තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට.
-විදේශ රටක පදිංචියට යාමට.
-විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යාමට.
• නිත්‍යානුකූලව ආයතනය විසින් සේවය අවසන් කිරීම වැනි කුමන හේතුවක් මත හෝ තමාගේ සේවය අවසන් කර තිබිය යුතුය.
II එහෙත් සේවය අවසන් කිරීමකදී වුවද එම ප්රතිලාභ ලබාගත හැක්කේ අවුරුදු 05 කට එක් වතාවක් පමණි.
• එනම් එක් වරක් ප්රතිලාභ ලබා ගැනීමෙන් පසු නැවත ප්රතිලාභ ලබාගත හැක්කේ අවසන් වරට ප්රතිලාභ ලබාගත් ආයතනයෙන් අස්වු දින සිට වසර 05 ක් ගතවීමෙන් පසුවයි.
උදා :-
2000.01.01 දින “A” ආයතනයේ සේවයට බැඳුනු පුද්ගලයෙකු 2004.08.31 දින එම ආයතනයේ සේවය අවසන් කලායැයි සිතමු. ඔහුට ඕනෑම අවස්ථාවක “A” ආයතනයේ ප්රතිලාභ ලබා ගැනීම සඳහා කිසිඳු බාධාවක් නොමැත.
නැවත ඔහු 2004.09.01 දින “B” ආයතනයේ සේවයට බැඳී එම ආයතනයෙන්ද 2006.08.31 දින ඉල්ලා අස්වුයේ යැයි සිතමු. එහෙත් “B” ආයතනයේ ප්රතිලාභ ඔහුට ලබාගත හැක්කේ “A” ආයතනයේ සේවය අවසන් කළ දිනය වන 2004.08.31 දින සිට අවුරුදු 05 ක් ගතවීමෙන් පසුවයි. එනම් “B” ආයතනයේ ප්රතිලාභ ඔහුට ලබාගත හැක්කේ 2009.08.31 දිනෙන් පසුවයි.
අවුරුදු 05 සීමාව බලනොපාන අවස්ථා
එහෙත් පහත සඳහන් අවස්ථාවලදී ඉහත විස්තර කරන ලද අවුරුදු 05 සීමාව බලනොපාන අතර, ප්රතිලාභ ලබා ගැනීමෙන් පසු අවුරුදු 05 ක් ගතනොවුව ද එවැනි අවස්ථාවලදී නැවත වතාවක් ප්රතිලාභ ලබා ගැනීමට අවකාශ ඇත.
• සාමාජිකයාගේ වයස අවුරුදු 60 ට වැඩිවීම.
• සාමාජිකයා විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට යාම.
• හදිසි අනතුරක් හෝ අසනිපයක් හේතුකොට ගෙන සම්පූර්ණ නිත්‍ය දුබලතාවයකට පත්වීම මත සේවා නියුක්තිය අවසන්වීම.
• ස්ථිර පදිංචිය සඳහා විදේශගතවීම.
• සාමාජිකයා මිය යාම.
ආයතනය තිබේ නම්
ඉහත අවශ්‍යතා සපුරා ඇති සාමාජිකයින් තමාට හිමි ප්රතිලාභ ලබා ගැනීම සඳහා “ආකෘති VI” ප්රතිලාභ ඉල්ලුම් පත්‍රය මණ්ඩලයෙන් ලබාගෙන එහි පළමු කොටස සාමාජිකයා විසින් සම්පූර්ණ කර දෙවන කොටස ආයතනය විසින් සහතික කරවාගෙන ආයතනය විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් හා බැංකු ගිණුමේ ඡායා පිටපතක් සමඟ මණ්ඩලයට එවිය යුතුය.
ආයතනය වසා ඇත්නම්
ආයතනය වසා ඇත්නම් “ආකෘති VI” ප්රතිලාභ ඉල්ලුම් පත්‍රයේ පළමු කොටස සාමාජිකයා විසින් සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
I තමා පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද (VI) C ආකෘති පත්‍රය. (අනන්‍යතාවය සනාථ කිරීම සඳහා)
II ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද හානිපූර්ණ ලිපිය.
III ආයතනය වසා ඇති බව ආයතනය පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් හෝ අපගේ ප්‍රාදේශීය කාර්යාලය විසින් හෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය විසින් හෝ වෙනත් පිළිගත හැකි රාජ්‍ය ආයතනයකින් සහතික කරවා ගත් ලියවිල්ලක්.
IV ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
V බැංකු ගිණුමේ විස්තර දැක්වෙන බැංකු පොතේ ඡායා පිටපතක්.
1. සාමාන්‍ය ප්රතිලාභ අයදුම්පත් ලෙස
නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ප්රතිලාභ අයදුම්පත් මෙම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත තැපැල් මගින් එවිය හැකි අතර, අතින් වුවද ගෙනැවිත් බාරදිය හැකිය. ප්රතිලාභ ගෙවීම් විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙල යටතේ දැනට ගම්පහ, මහනුවර, මාතර යන ප්‍රාදේශීය කාර්යාල වලින් ප්රතිලාභ ගෙවීම් සිදුකරනු ලබයි.
II විශේෂ ප්රතිලාභ අයදුම්පත් ලෙස
සාමාජිකයින් විසින් විශේෂ හේතුන් ඉදිරිපත් කරමින් ගෙවීම් කඩිනම් කරදෙන ලෙස ඉල්ලා සිටී. එනම් සාමාජිකයාගේ හෝ පවුලේ සාමාජිකයෙකුගේ අසනීප මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා, ස්ථිර පදිංචිය සඳහා රට හැරයාම, ණයක් පියවීම, උකස් කර ඇති භාණ්ඩ නිදහස් කර ගැනීම, පවුලේ සාමාජිකයෙකුගේ අධ්‍යාපනික වියදමක් හෝ මංගල්‍යය උත්සවයක් සඳහා වියදම් දැරීමට සිදුවීම, ස්වාභාවික ව්‍යසන නිසා අසරණ තත්වයට පත්වීම, යනාදි මණ්ඩලය සාධාරණ යැයි විශ්වාස කරන අයදුම්පත් සඳහා විශේෂ ගෙවීමක් ලෙස වැඩ කරන දින 10 ක් ඇතුලත ප්රතිලාභ නිදහස් කරනු ලැබේ.
III කඩිනම් ප්රතිලාභ අයදුම්පත් ලෙස
සේවා ගාස්තුවක් ගෙවීමෙන් තම ප්රතිලාභ කඩිනමින් ලබා ගැනීමට සාමාජිකයින් හට පහසුකම් සලසා ඇත. ඒ අනුව මෙම ක්‍රමය යටතේ ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා දින දෙකක් ඇතුලත ප්රතිලාභ මුදල් නිදහස් කරනු ලැබේ.
සේවා ගාස්තු
ප්රතිලාභ මුදල රු: 200,000/- දක්වා -රු:1,000/-
ප්රතිලාභ මුදල රු: 200,000/- සිට 1,000,000/-දක්වා -රු:2,000/-
ප්රතිලාභ මුදල රු: 1,000,000/- ට වැඩි -රු:3,000/-
සාමාජිකයෙකු මියගිය විට සාමාජිකයාගේ නිත්‍යානුකූල උරුමක්කරුවන්ට ප්රතිලාභ ඉල්ලා සිටිය හැකිය. ඒ සඳහා ආකෘති VIII (නව) ප්රතිලාභ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පුර්ණ කර, මණ්ඩලය ඉල්ලා සිටින සහතික හා ලියකියවිලි සමඟ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. ඉදිරිපත් කළයුතු ලියකියවිලි හා සහතික මියගිය සාමාජිකයා හා අයදුම්කරු අනුව වෙනස් වේ.
2 සුභසාධන ප්රතිලාභ
අරමුදලේ මුල්‍යමය ස්ථාවරත්වය අනුව අරමුදලේ සාමාජිකයින් සඳහා සුභසාධන යෝජනා ක්‍රම ඇති කිරීමට මණ්ඩලයට හැකියාව ඇත. ඒ අනුව අරමුදලේ ලක්ෂ 21 ක් පමණ වන සක්‍රීය සාමාජිකයින් සඳහා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධනමය ප්රතිලාභ යෝජනා ක්‍රම 10 ක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ප්රතිලාභ ප්රදානය කිරීම වෙනුවෙන් සාමාජිකයින්ගේ ගිණුම් ශේෂයෙන් කිසිඳු අඩුකිරීමක් නොකරන අතර, මණ්ඩලය විසින් සම්පූර්ණ වියදම් දරනු ලබයි.
මෙහිදී අරමුදලට ආර්ථිකමය වශයෙන් පාඩු සිදුනොවන ආකාරයටත්, සාමාජිකයින්ගේ අයිතීන් සුරක්ෂිත වන ආකාරයටත් ප්රතිලාභ ප්රදානය කිරීමට මණ්ඩලය සැම විටම උත්සාහ ගනී.
අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු මියගිය හොත් ඔහුගේ/ඇයගේ යැපෙන්නන්ට හෝ උරුමක්කරුවන්ට මෙම ප්රතිලාභ ලබාදෙනු ඇත. සාමාජිකයා මියයාමට පෙර මාස 06 ක ලබාගත් වැටුපේ සාමාන්‍ය මෙන් දස ගුණයක් රු: 50,000/- ක උපරිමයකට යටත්ව ප්රතිලාභ වශයෙන් ප්රදානය කෙරේ. මියගිය දින සිට වර්ෂයක් ඇතුලත විධිමත්ව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අවශ්‍ය සියලු ලියකියවිලි /සහතික සමඟ ඉදිරිපත් කළ යුතුය.
මියගිය සාමාජිකයාගේ ගිණුමේ ශේෂය ආපසු ලබා ගැනීම සඳහා ඔහුගේ උරුමක්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍රයෙහි සඳහන් තොරතුරු මත මෙම ප්‍රතිලාභය ද ගෙවනු ලබන බැවින්, ඒ සඳහා වෙනම ඉල්ලුම් කිරීමට අවශ්‍ය නොවේ.
නිත්‍ය දුබලතා වන්දි ගෙවීම සිදුකරනු ලබන්නේ අංශභාග රෝගයෙන් හෝ හදිසි අනතුරකින් හෝ අනුමත කාර්මික රෝගයකින් හෝ පිළිකා හෝ දියවැඩියා රෝගයකින් පූර්ණ වශයෙන් නිත්‍ය දුබලතාවයට පත්වුවහොත් පමණි. නිත්‍ය දුබලතාවයට පත්වන මාසයට පෙර මාස හයේ ලබාගත් වැටුපේ සාමාන්‍ය මෙන් 24 ගුණයක මුදලක් රු: 200,000/- ක උපරිමයකට යටත්ව ප්රදානය කෙරේ. නිත්‍ය දුබලතාවය හේතුවෙන්ම රැකියාවෙන් ඉවත්විය යුතු අතර, නිත්‍ය දුබලතාවය 50% වඩා වැඩි බව මණ්ඩලය විසින් පත්කර ඇති වෛද්‍යවරයා විසින් සනාථ කළ යුතුය. දුබලතාවය හේතුවෙන් රැකියාවෙන් ඉවත්වු දිනය, රෝහලෙන් පිටවු දිනය යන සිදුවීම් වලින් අවසානයට සිදුවු දින සිට මාස 06 ක් ඇතුළත ඉල්ලුම් පත්‍රය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
විශේෂ කොන්දේසි
• සාමාජිකයාගේ අකර්මන්‍යතාවය 50% ට වඩා වැඩි බවත්, අනතුර/අසනීපය හේතුවෙන් රැකියාවක් කළ නොහැකි බවත්, පිළිගත් රජයේ වෛද්‍යවරයෙකු විසින් සනාථ කළ යුතුය.
• නිත්‍ය දුබලතාවයට පත්වු බව සනාථ කරන වෛද්‍ය වාර්තාව ආකෘති VII මගින් ඉදිරිපත් කළ යුතුය.
• අනතුර/අසනීපය හේතුවෙන් සේවයෙන් ඉවත්වු බව සේවායෝජක විසින් සහතික කළ යුතුය.
මෙම ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ හදවත් සැත්කම් සිදුකිරීම සඳහා පහසුකම් ඇති ඕනෑම දේශීය හෝ විදේශීය රෝහලකදී මෙම සැත්කම සිදුකර ගත හැකිය. දේශීය රෝහලකදී මෙම සැත්කම සිදුකරන්නේ නම් අදාළ සැත්කම වෙනුවෙන් රු:150,000/- ක උපරිම මුදලක් රෝහල වෙත ගෙවනු ලබන බවට සහතික කළ ලිපියක් මණ්ඩලය විසින් රෝහල වෙත ඉදිරිපත් කරනු ලැබේ. හදවත් සැත්කම සඳහා ගෙවනු ලබන උපරිම මුදල රු: 150,000/- ක් වන අතර, මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන අයදුම්පත නිසි ලෙස සම්පූර්ණ කර සැත්කම සිදුකිරීමට පෙර හෝ සැත්කම සිදුකොට දින 60 ක් ඇතුලත මණ්ඩලය වෙත යොමුකළ යුතුය. මේ සඳහා ජනාධිපති අරමුදල හෝ වෙනත් සංවිධාන මගින් ගෙවන ලද මුදලක් වේ නම් එම මුදල් අඩුකොට ඉතිරි මුදල පමණක් ගෙවනු ලැබේ.
මෙම සැත්කම දේශීය හෝ විදේශීය රෝහලකදී සිදුකරගත හැකිය. සැත්කම වෙනුවෙන් ප්රදානය කරනු ලබන උපරිම ප්රතිලාභ මුදල රු.150,000/- කි. ප්රතිලාභ හිමිවනුයේ වකුගඩුව බද්ද කරන සාමාජිකයාට පමණි. රෝහල්ගත වීමට පෙර හෝ රෝහලෙන් පිටවී දින 60 ක් ඇතුලතදී ඉල්ලුම්පත්‍රය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. හදවත් සැත්කම සඳහා ප්රතිලාභ ගෙවනු ලබන ආකාරයටම මෙම සැත්කම සඳහා ද මෙම ප්රතිලාභ ගෙවනු ලැබේ. මෙම යෝජනා ක්‍රමය යටතේ මුල්‍යාධාර ලබා දෙනුයේ වකුගඩු බද්ද කිරීමේ ශෛල්‍යකර්මය සදහා පමණි. වකුගඩු ආශ්රිත රෝග සඳහා කරනු ලබන වෙනත් ප්‍රතිකාර හෝ ශෛල්‍යකර්ම මෙම යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවේ.
අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු හට ඇසේ සුද ඉවත් කිරීමේ ශෛල්‍යකර්මය සිදුකිරීමේ දී අභ්‍යන්තර අක්ෂි සිවි පැළදීමට අවශ්‍ය වන්නේ නම් අදාළ අක්ෂි සිවිය මිලදී ගැනීම සඳහා වියදම් කළ මුදල පමණක් රු. 9,000/- ක උපරිමයකට යටත්ව ප්‍රතිපුරණය කරනු ලැබේ. (එක් ඇසකට රු.9,000/-) අදාළ ශෛල්‍යකර්මය රජයේ හෝ ඕනෑම පෞද්ගලික රෝහලකදී සිදුකරගත හැකිය. රෝහලින් පිටවී දින 60 ක් ඇතුලත ඉල්ලුම් පත්‍රය භාරදිය යුතුය.
5 වසර ශිෂ්‍යත්ව පරීක්ෂණය විශිෂ්ඨ ලෙස සමත්වන අරමුදලේ සක්‍රීය සාමාජික සාමාජිකාවන්ගේ දු දරුවන් 5000 ක් වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්රදානය සිදුකරනු ලැබේ. එක් ශිෂ්‍යත්වයක වටිනාකම රු. 15,000/- කි. මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන අදාළ ශිෂ්‍යයා නමින් මහජන බැංකුවේ සිසු උදාන ඉතිරි කිරීම් ගිණුමකට බැරකරනු ලබයි. දිස්ත්‍රික් පදනම යටතේ ශිෂ්‍යත්ව තිළිණ ප්රදානය කිරීම සඳහා දු දරුවන් තෝරා ගැනීම සිදුකෙර්. පරීක්ෂණයේ නිල ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව පුවත්පත් දැන්වීම් මගින් ඉල්ලුම්පත්‍ර කැඳවීම සිදුකෙරේ.
මෙම ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අරමුදලේ සෑම සක්‍රීය සාමාජිකයෙකුටම ශ්‍රී ලංකාව තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් වැයකළ මුදල වර්ෂයකට රු.25,000/- ක් දක්වා ප්‍රතිපුරණය කරගත හැකිය. එහෙත් මුලු සේවා කාලය තුළදීම ලබාගත හැකි උපරිම ප්රතිලාභ මුදල රු. 50,000/- කි. මෙම ප්රතිලාභ යෝජනා ක්රමයේ විශේෂත්වය නම් රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ද, දිනකට රු.500/- බැගින් දින 10 ක් සඳහා ප්රතිලාභ ගෙවීමයි. මණ්ඩලයේ ලියාපදිංචිවී ඇති පෞද්ගලික රෝහල් හා රජයේ සියලුම රෝහල්වල (බටහිර හා ආයුර්වේද) නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මෙම යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ගෙවනු ලබන අතර, රෝහලෙන් පිටවී දින 60 ක් ඇතුලත අදාල ඉල්ලුම් පත්‍රය බිල්පත් හා රිසිට්පත් සමඟ ඉදිරිපත් කළ යුතුය.
රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා අවස්ථාවකදී වෛද්‍ය නිර්දේශය මත මිලදී ගන්නා ඖෂධ, උපකරණ හා පරීක්ෂණ සඳහා ගෙවීම් කරනු ලබන්නේ රෝහල් ගතවීමට පෙර වැඩ කරන දින 07 ක් තුළදි මිලදී ගැනීම්, රෝහල්ගතවී සිටින කාලය තුලදී මිලදී ගැනීම් හා වෛද්‍ය නිර්දේශ මත රෝහලින් පිටවී දින 03 ක් ඇතුත මිලදී ගැනීම සඳහා පමණි.
මෙම ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අරමුදලේ සක්‍රීය සාමාජිකයෙකු හට නව නිවසක් තැනීම, නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම, නිවාස වැඩිදියුණු කිරීම, නිවාස අලුත්වැඩියා කිරීම ආදි අවශ්‍යතාවයන් සඳහා ණය මුදලක් ලබාගත හැකිය.ණය නිකුත් කිරිම සිදුකරනු ලබන්නේ සාමාජික ගිණුම් ශේෂයට අනුපාතිකව වන අතර, ඒ සම්බන්ධයෙන් වන කොන්දේසි හා අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු අවශ්‍යතාවයන් පහත පරිදි වේ.
ගිණුම් ශේෂය |
නිකුත් කරනු ලබන ණය මුදල |
වාර්ෂික පොළී අනුපාතය |
රු. 25,000.00 |
රු. 100,000/- සිට රු. 250,000/- දක්වා |
10.5% |
රු. 50,000.00 |
රු. 251,001/- සිට රු. 750,000/- දක්වා |
11.5% |
රු. 75,000.00 |
රු. 751,001/- සිට රු. 1,500,000/- දක්වා |
12% |
සාමාජික ගිණුම් ශේෂය ලෙස සලකනු ලබන්නේ ණය ඉල්ලුම් කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වු ගිණුම් ශේෂය වේ.
පහත සඳහන් කර ඇති කොන්දේසි ද ණය ඉල්ලුම්කරුවන් විසින් සපුරාලිය යුතුය.
1. ණය ඉල්ලුම් කරනු ලබන අවස්ථාව වන විට සාමාජිකයා අරමුදලේ අවුරුදු 5 ක් සක්‍රීය සාමාජිකයෙකු විය යුතුය.
2. යම් අයදුම්කරුවෙකු සමඟ බද්ධ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන විට අදාළ සම අයදුම්කරු ද ණය මුදල ඉල්ලුම්කරනු ලබන දිනට අඩු වශයෙන් අවුරුදු 2 ක සක්‍රීය සාමාජිකත්වයක් තිබිය යුතුය.
3. ලබාගන්නා ලද ණය මුදල ගෙවා අවසන් වන තුරු ඉල්ලුම්කරු හා සම ඉල්ලුම්කරුගේ පෞද්ගලික ගිණුමේ ඇති අරමුදල් ශේෂය ආපසු ලබාගත නොහැකිය.
4. නිකුත් කරනු ලබන අවම ණය මුදල රු. 100,000/- වන අතර උපරිම ණය මුදල රු.1,500,000/- කි.
5. ණය මුදල් නිකුත් කරනු ලබන්නේ ජාතික සංවර්ධන බැංකුව (NDB) මගින් වන අතර නිවාස ණය මුදල් මුදා හැරීම බැංකුවේ නිතිරීති හා කොන්දේසි අනුව සිදුකෙරේ.
6. ණය මුදල් ඉල්ලුම් කිරීම සඳහා වු ඉල්ලුම් පත්‍රය ජාතික සංවර්ධන බැංකුවේ (NDB) ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාල මගින් ලබාගත හැකි අතර, සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍ර ද එම බැංකු ශාඛාව වෙත භාරදිය යුතුය.
7. ණය මුදල ගෙවා නිමකිරීම සඳහා ලබාදෙන උපරිම කාලය සේවයෙන් විශ්‍රාම ගනු ලබන දිනයට යටත්ව වර්ෂ 20 ක් වනු ඇත.
5 වසර ශිෂ්‍යත්වය සමත්වන සේවා නියුකත්යන්ගේ භාර අරමුදලේ සක්‍රීය සාමාජිකයින්ගේ දු දරුවන්ට දෙනු ලබන ශිෂ්‍යත්ව 5000 ට අමතරව නිත්‍ය දුබලතා හේතුවෙන් සේවය අවසන් කරන සාමාජික සාමාජිකාවන්ගේ දු දරුවන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුවහොත් ඔවුන් හට ද ශිෂ්‍යත්ව ප්රදානය කරනු ලැබේ. නිත්‍ය දුබලතාවයට පත්වු වර්ෂයේ සිට ඉදිරියට වර්ෂ 5 ක් සඳහා සලකා බලනු ලැබේ.
අ.පො.ස. (උ.පෙළ) සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සක්‍රීය සාමාජිකයින්ගේ දු දරුවන් 10,000 කට ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රු.12,000/- ක මුල්‍යාධාරයක් වාර්ෂිකව පිරිනමනු ලැබේ. දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ විෂය ධාරා යටතේ ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන් 10,000 ක් මේ සඳහා තෝරා ගනු ලබන අතර, 2010 වර්ෂයේ සිට මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
උසස් පෙළ විභාගයේ නිල ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පසු පුවත්පත් දැන්වීම් මගින් අයඳුම්පත් කැඳවනු ලබයි. ඒඅනුව අදාළ ඉල්ලුම් පත්‍ර මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ශිෂ්‍යත්ව අංශයෙන් හෝ ප්‍රාදේශිය කාර්යාල වලින් ලබාගෙන නිවැරදිව හා පැහැදිලිව සම්පුර්ණ කර නියමිත කාලය තුලදි ඉදිරිපත් කළ යුතුය.
ආයතනයේ තොරතුරුසේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ. ටී. එෆ්)
පළමු මහල,
කමිකරු මහලේකම් කාර්යාලය,
තැ.පෙ.807,
නාරාහේන්පිට,
කොළඹ 05.
එච් එම් සෙනෙවිරත්න මහතා දුරකථන:+94-11-2581704 +94-11-2503941 +94-11-2503943 +94-11-2503951 +94-11-2588709 +94-11-2589937 +94-11-2503936 +94-11-4519627 +94-11-4519628 +94-11-4519631 ෆැක්ස් අංක:+94-11-2503917 විද්‍යුත් තැපෑල:inquiry@etfb.lk වෙබ් අඩවිය: www.etfb.lk
| |