The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කාර්ය භාරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාර්ය භාරය

PDF Print Email

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, දෙපාර්තමේන්තු ප්‍රධානින් හැර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (ඇමුණුම II) හි නිර්වචනය කරනු ලැබ ඇති රාජ්‍ය සේවයේ සියලුම ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධරයන් සහ තෘතීයික මට්ටමේ අධි පන්තියේ/විශේෂ පන්තියේ නිලධරයන් පත්කිරීම, උසස් කිරීම, ස්ථාන මාරුකිරීම, ඔවුන්ගේ විනය පාලනය හා ඔවුන් සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල ක්‍රියාවට නංවයි. ඉහත සඳහන් කරුණුවලට අදාළ පරිපාලනමය කටයුතු අදාළ අමාත්‍යාංශ වල ලේකම්වරුන්/අමාත්‍යාංශයක් යටතේ නොවන දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ ලේකම්වරුන් විසින් නාමයෝජනා කරනු ලැබ කොමිෂන් සභාව මගින් අනුමත කරනු ලැබ ඇති අතිරේක ලේකම් මට්ටමේ හෝ ඉහළ නිලධරයන් වෙත පවරා ඇත. (2011.12.13 දිනැති අංක 05/2011 දරන හා 2011.12.20 දිනැති අංක 05/2011(i) දරන රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ)


රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිශ්චය කරන ලද කොන්දේසි වලට හා ක්‍රියා පටිපාටිවලට යටත්ව රාජ්‍ය සේවයේ අනෙකුත් නිලධාරින් සම්බන්ධ යථෝක්ත කටයුතු පිළිබඳ බලතල කොමිෂන් සභාව විසින් අභිනියෝජනය කර ඇත. මෙය වරින් වර සංශෝධනය කෙරේ. (අංක 1733/52 දරන 2011.11.25 දිනැති රජයේ (අතිවිශේෂ) ගැසට් පත්‍රය.)

ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ II උප ලේඛනය යටතට ගැනෙන වැරදිවලට අදාළව ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධරයන් සහ තෘතීයික මට්ටමේ අධි පන්තියේ/විශේෂ පන්තියේ නිලධරයන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් බලතල අදාළ විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරුන්/ අමාත්‍යාංශයක් යටතේ නොවන දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ ලේකම්වරුන් විසින් නාමයෝජනා කරනු ලැබ, කොමිෂන් සභාව මගින් අනුමත කරනු ලැබ ඇති අතිරේක ලේකම් මට්ටමේ හෝ ඉහළ නිලධරයන් වෙත පවරා ඇත. (අංක 1733/52 දරන 2011.11.25 දිනැති රජයේ (අතිවිශේෂ) ගැසට් පත්‍රය)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති සම්පාදනය සහ ප්‍රසිද්ධ කිරීම ද රාජ්‍ය සේවයට අදාළ චක්‍රලේඛ හා සාමාන්‍ය උපදෙස් නිකුත් කිරීමද, සේවා ව්‍යවස්ථාවල හා බඳවා ගැනීමේ පටිපාටි සැකසීම හා ප්‍රතිශෝධනය කිරීම ද, දත්ත පවත්වා ගැනීම ද, රාජ්‍ය සේවය පිළිබඳ තොරතුරු බෙදා හැරීම ද කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි.

අභිනියෝජිත බලධරයන් විසින් රාජ්‍ය නිලධාරින් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරිම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබඳව ගනු ලැබ ඇති තීරණවලින් අගතියට පත් පුද්ගලයන්ගේ අභියාචන බලධරයා ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරයි.


ආයතනයේ තොරතුරු

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

අංක 1200/9,
රාජමල්වත්ත පාර,
බත්තරමුල්ල.



දුරකථන:+94 11 2136600, +94 112 136 650
ෆැක්ස් අංක:+94 112 876 181, +94 112 876 169
විද්‍යුත් තැපෑල:info@psc.gov.lk
වෙබ් අඩවිය: www.psc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-08-22 15:53:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty