The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - අන්තරාල වෙළඳාම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම - අන්තරාල වෙළඳාම

PDF Print Email

                                       මුදල් අමාත්‍යාංශය
                              ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


අන්තරාල වෙළඳාම

තීරු බදු සහ වෙනත් බදු ගෙවීමකින් තොරව, භාණ්ඩ අපනයනය කර වෙනත් රටකට ප්‍රති අපනයන කිරීමට පහසුකම් ලබාදෙන ක්‍රමයකි.


අන්තරාල වෙළඳාමේ වාසි

  • ආනයන පාලන බලපත්‍ර රහිතව භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව
  • අපනයනය කරන ලද භාණ්ඩවලට අගයක් එකතු කිරීමෙත් සමග භාණ්ඩ ආනයනය කළ ආකාරයෙන්ම ප්‍රති අපනයනය කිරීමේ හැකියාව
  • නැවත ඇසිරීම, නැවත ලේබල් කිරීම වැනි සරල සැකසීමක් මගින් මිලදී ගන්නාගේ අවශ්‍යතා සපුරාගැනීමට හැකිවීම
  • භාණ්ඩ ශ්‍රී ලංකාවට භෞතිකව ගෙන ඒමකින් තොරව රටකින් තවත් රටකට වෙළඳාම් කිරීමේ හැකියාව
  • ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා ගෝලීය වෙළඳ පොලේ අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට හැකිවීම
  • නැව්භාර පත්‍රය මාරු කිරීම මගින් භාණ්ඩ, “සංක්‍රමණික නැව් භාණ්ඩ” යන නමින් යොමු කරන ලද ප්‍රති අපනයන භාණ්ඩවල ස්වභාවය වෙනස් කිරීමේ හැකියාව ඇත.  මෙසේ කළ හැක්කේ ශ්‍රී ලංකාවේ නියම ආනයනකරු විසින් නැව් කටයුතු/ගුවන් ගමන් සමාගමට කරනු ලබන ඉල්ලීමක් මගිනි.



පහත භාණ්ඩ වර්ග අන්තරාල වෙළඳාම යටතේ වෙළඳාම් කිරීම තහනම් හෝ සීමාසහිත වේ.

තහනම් කර ඇති :

  • මත් ද්‍රව්‍ය
  • අවි ආයුධ/පුපුරණ ද්‍රව්‍ය
  • ශ්‍රී ලංකාව පාර්ශවයක් ලෙස අත්සන් කර ඇති අන්තර්ජාතික සම්මුති මගින් ආනයනය සහ අපනයනය තහනම් කර ඇති භාණ්ඩ


සීමා කර ඇති :

  • කරාබු නැටි - විශේෂ වෙළඳ ගිවිසුම් ඇති රටවල්වලට ප්‍රති අපනයන සීමා කර ඇත.
  • ඇඟළුම් ප්‍රති අපනයනය පහත රටවලට සීමා කර ඇත. (ඇ.එ.ජනපදය, කැනඩාව, ඉන්දියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ලක්සම්බර්ග්, ස්වීඩනය, නෙදර්ලන්තය, පෘතුගාලය සහ එක්සත් රාජධානිය)


භාණ්ඩ ගුදම්ගත කිරීම


පවතින ඉඩ අවකාශය අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පොදු බැඳි ගුදම් භාණ්ඩ ගබඩා කර තැබීම සඳහා භාවිතා කළ හැකිය.

වෙළඳ හිමිකරු සතුවල, රේගු බැඳි ගුදම් ඇත්නම් එම භාණ්ඩ රේගු අධීක්ෂණය යටතේ එම ගුදම් වෙත මාරු කර යැවීමට ඉඩ දෙනු ලැබේ.


අන්තරාල වෙළඳ බඩු සඳහා තීරුබදු, බදු සහ වෙනත් බදු වෙනුවෙන් සුරැකුම්

අන්තරාල වෙළඳාමේ දී වරාය තුල සිදුවන භාණ්ඩ හුවමාරුවේ දී සුරැකුමක් අත්‍යාවශ්‍ය නොවේ.  

වරායෙන් පිටට භාණ්ඩ ගෙන යාමට අවසර දෙනු ලබන්නේ බදු මුදල් ආවරණය කිරීම සඳහා බැංකු ඇපකරයක් හෝ සංයුක්ත ඇපකරයත් මතපමණි.  අපනයනය  කිරීම සිදු වී ඇති බවට සනාථ කිරීමෙන් පසුව පමණක් ඇපය නිදහස් කරනු ලැබේ.


ගෙවීම් කොන්දේසි

  • ප්‍රති අපනයන FOB අගය ආනයන CIF අගයට වඩා වැඩිවිය යුතු ය.  
  • DA (Document against Acceptance)ක්‍රමය යටතේ ප්‍රති අපනයනයට අවසර නොමැත.
  • ආනයනයේ දී සාමාන්‍ය විනිමය පාලන රෙගුලාසි අදාල වේ.
  • ඉහත කරුණුවලින් යම් වෙනස්වීමක් අවශ්‍ය විටක දී විනිමය පාලකවරයාගේ අනුමැතිය ලබාගත යුතු ය.



රේගු අධීක්ෂණය

  • වරායක් තුල භාණ්ඩ හුවමාරු කිරීමේ දී රේගු අධීක්ෂණය යටතේ සිදු කිරීම අත්‍යාවශ්‍ය නොවේ
  • වරායන්ගෙන් පිටට ප්‍රවාහනය කිරීමේ දී රේගු අධීක්ෂණය යටතේ හෝ මුද්‍රා තබන ලද බඩු ගෙනයන වාහනයක ගෙන යනු ලැබේ.



රේගු ප්‍රකාශනය ඇතුළු ලියවිලි සැකසීම

  • ආනයන හා අපනයන රේගු ප්‍රකාශනයට අදාල ක්‍රියාවලි රේගු කර්මාන්ත හා සේවා (Industrial & Services) අංශයෙන් සිදු කෙරේ.
  • අන්තරාල වෙළඳාම සඳහා අනුමත කිරීම ද මෙම අංශයෙන් සිදු කෙරේ.  ඒ සඳහා පහත විස්තර සහිතව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.
  • අපනයනය කිරීම සිදු වූ පසුව බදු වගකීමේ අවලංගු කිරීම සඳහා අපනයනය සිදු වූ බවට සනාථ කෙරෙන (නැව්භාර පත්‍රය, මුදල් ප්‍රේෂණ ලිපි) ලියවිලි කර්මාන්ත හා සේවා අංශයට මාසයක් ඇතුලත ඉදිරිපත් කළ යුතු ය.



භාණ්ඩවල නිෂ්පාදිත රට

  • අන්තරාල වෙළෙන්දා විසින් රේගු ලියවිලිවල සත්‍ය නිෂ්පාදිත රට ප්‍රකාශ කළ යුතු ය.
  • නිෂ්පාදිත රට ශ්‍රී ලංකාව ලෙස නම් නොකළ යුතු ය.

ඉක්මන් හා අනාකූල නිෂ්කාශණ ක්‍රියාවලියක් සමග අන්තරාල වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සහාය ලබා දෙයි.  ලෝක වෙළඳ පොලේ නව නැඹුරුතාවයක් හඳුනාගන්නා ව්‍යවසායකයින්ට ජාතික ආර්ථිකය වර්ධනය කිරීමට දායකත්වය දක්වන අතර, සිය ව්‍යාපාර ඉල්ලක සපුරා ගැනීම සඳහා මෙම පහසුකම් භාවිතා කළ හැකි ය.



ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty