The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රේගු මන්දිර නියෝජිත (CHA) බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රේගු මන්දිර නියෝජිත (CHA) බලපත්‍ර නිකුත් කිරීම

PDF Print Email

                                                මුදල් අමාත්‍යාංශය
                            ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


රේගු මන්දිර නියෝජිත (CHA) බලපත්‍ර නිකුත් කිරීම

රේගු මන්දිර නියෝජිත (CHA) බලපත්‍රයක් යනු කුමක් ද?

  • CHA බලපත්‍රයක් යනු, රේගුව සමග කටයුතු කිරීම සඳහා අවසර සහිත නියෝජිතයන් හඳුනාගැනීම සඳහා නිකුත් කරනු ලබන හඳුනාගැනීමේ පත්‍රයකි.එය වසරක කාලයකට වලංගුවේ


CHA බලපත්‍රයක් තිබීමෙන් ඇති වාසි මොනවා ද?

  • භාණ්ඩ නිෂ්කාශන/නැව් කටයුතු ආදී ආයතනවලට  බඳවා ගැනීමේදී වැඩි පිළිගැනීමක් ලැබීම.
  • තමන්ගේම භාණ්ඩ නිශ්කාෂනයේ දී හා පැටවීමේ දී තමන්ගේම නියෝජිත ප්‍රකාශනය ලෙස පෙනී සිටීමේ හැකියාව.
  • විදෙස් රැකියා අවස්ථා (භාණ්ඩ නිශ්කාෂන/නැව් ආයතනවල) විවරවීම.
  • අධ්‍යාපන කටයුතුවලදී භාණ්ඩ නිෂ්කාශන/නැව් කටයුතු ආදිය  හැදෑරීම සඳහා අමතර සුදුසුකමක් වීම.


CHA බලපත්‍රධාරියෙකුට කළ හැක්කේ මොනවා ද?

  • ආනයනකරු හෝ අපනයනකරුවන්ගේ බලයලත් නියෝජිතයා ලෙස පෙනී සිටිය හැකි ය. (ලිපි කටයුතු/නීතිමය කටයුතුවල දී)
  • පූර්ව අවසරයකින් තොරව රේගු පරිශ්‍රය තුලට ඇතුල්විය හැකි ය.
  • ආනයන/අපනයන රේගු ප්‍රකාශන රේගුවට ඉදිරිපත් කිරීම හා එම ක්‍රියාවලිය කරගෙන යාමට හැකිය.

CHA බලපත්‍රයක් ලබාගන්නේ කෙසේ ද?

  • ශ්‍රී ලංකා රේගුවේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් මෙහෙයවනු ලබන පුහුණුව සාර්ථකව අවසන් කළ සහ විභාගය සමත් අයට CHA බලපත්‍රයක් සඳහා අයදුම් කළ හැකිය.
  • අයදුම්පත සමග අත්‍යාවශ්‍ය ලියවිලි සහ ඒවායේ පිටපත් අමුණා එවිය යුතු ය.  (අවශ්‍ය ලියවිලි සඳහා මෙහි පහත බලන්න)


CHA පුහුණුව සඳහා සහභාගි වන්නේ කෙසේ ද?

  •  අයදුම්පත සමග.පො.ස. (සා/පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි, ගණිතය සහ සිංහල/දෙමළ විෂයයන් ඇතුළුව විෂයයන් 6 කින් සමත් අයවලුන්ට පුහුණු පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැකිය.
  • අයදුම්පත සමග ලියාපදිංචි සමාගමකින් එවන ඉල්ලුම් ලිපිය.


නව රේගු නියෝජිතයකු ලෙස ක්‍රියා කිරීම සඳහා අත්‍යාවශ්‍ය  ලියවිලි

  • ඉල්ලුම් කිරීමේ ලිපිය (අයිතිකරු/හවුල්කරු /අධ්‍යක්ෂ විසින් අත්සන් කරන ලද)
  • මනාව පුරවන ලද CHA බලපත්‍ර අයදුම්පත
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
  • TIN සහතිකය
  • VATසහතිකය
  • රේගු ආඥා පනතේ 115වන වගන්තිය යටතේ රේගු මන්දිර නියෝජිතයන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත
  • ආකෘති පත්‍ර 1/ආකෘති පත්‍ර 2ඒ/ආකෘති පත්‍ර 48/ආකෘති පත්‍ර 20/ආකෘති පත්‍ර 41
  • නැව් කටයුතු නියෝජිතායතනයේ බලපත්‍රය (නැව් කටයුතු ආයතන සඳහා පමණි)
  • රු. 50,000/- ක මුදල් ඇපයක් (කල් ඉකුත්වීමේ දිනය.  පළමු ලියාපදිංචි මාසයේ සිට වසරක කාලයකි)
  • ලිපිනය තහවුරු කිරීම (විදුලි බිල්පත්/ජල බිල්පත්/දුරකථන බිල්පතක්)
  • ව්‍යාපාරික ස්ථානයේ ඉඩමේ ඔප්පුවේ හෝ බදු ගිවිසුමේ සහතික කරන ලද පිටපතක්
  • ස්ථානීය සිතියමක්
  • අයිතිකරුගේ/හවුල්කරුවන්ගේ/අධ්‍යක්ෂ මණ්ඩලයේ හා අයදුම්කරුගේ ඡායාරූප, ඔවුන්ගේ අත්සන් සහ සමාගම් ලිපි ශීර්ෂයක යොදන ලද සම්පූර්ණ විස්තර සහිතව
  • කාර්යාලයීය සැකසුම් සැලැස්ම හා ආයතනයේ සියළුම විද්‍යුත් උපකරණ දැක්වෙන භාණ්ඩ ලේඛනය

අයදුම්කරුගේ

  • ජාතික හැඳුනුම්පත
  • නිපුණතා සහතිකය (රේගු සහතිකය)
  • පොලිස් වාර්තාව
  • නිවාරණ අංශයේ වාර්තාව
  • ග්‍රාම සේවක වාර්තාව


රේගු මන්දිර නියෝජිතයන් අළුත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය ලියවිලි

  • ඉල්ලුම් කිරීමේ ලිපිය (අයිතිකරු/හවුල්කරු/අධ්‍යක්ෂ විසින් අත්සන් කරන ලද)
  • නිවැරදිව පුරවන ලද CHA අයදුම්පත

                   CUS/CHA(01) - එක් පිටපතක්
                   CUS/CHA(02) - පිටපත් 2 ක්

පහත ලියවිලිවල මුල් පිටපත්

  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය - BRC
  • TIN සහතිකය
  • VAT සහතිකය
  •  රු. 50,000/- ක මුදල් තැන්පතුවක්
  • රේගු මන්දිර නියෝජිත නමින් පවතින ජංගම ගිනුම සක්‍රීය බවට බැංකුවේ සහතිකය
  • ලිපිනය තහවුරු කිරීම (විදුලි බිල්පත්/ජල බිල්පත්/දුරකථන බිල්පතක්)
  • ජාතික හැඳුනුම්පත
  • ඉකුත් වසරේ.CHA බලපත්‍රය සහ පිටපතක්
  • නිපුණතා සහතිකය
  • මධ්‍යම බුද්ධි අංශයේ වාර්තාව (වසරක් ඇතුලත)
  • පොලිස් වාර්තාව (වසර 2ක් තුල ලබාගත්)
  • ග්‍රාම නිලධාරී වාර්තාව (මාස 6 ක් තුල ලබාගත්)


 


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:31:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty