The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ස්වයං රැකියා හා සංක්‍රමණික සේවා වල යෙදෙන්නන් සාමාජික කරවා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ස්වයං රැකියා හා සංක්‍රමණික සේවා වල යෙදෙන්නන් සාමාජික කරවා ගැනීම

PDF Print Email



රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ප්‍රතිලාභ මෙන්ම පාරිතෝෂිත දීමනා හා වෙනත් රක්ෂණ  ආවරණ ඇතත්, ජීවත්වීම සඳහා තමා විසින්ම කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නවුන්ට එවැනි කිසිඳු හව්හරණක් නැත. මෙසේ තමාගේම ව්‍යාපාරයක් කරන්නවුන් ලෙස සිල්ලර වෙළඳසැල් හිමියන්, කඩසාප්පු හිමියන්, තොරොම්බල්කරුවන්, පොළෙන් පොළට ගොස් වෙළඳාමේ යෙදෙන්නන් හඳුන්වාදිය හැකිය.

තවද, වෘත්තීය පුද්ගලයින්, එනම් වෛද්‍ය වෘත්තිකයින්, ගණාකාධිකාරීවරුන්, මිනින්දෝරුවන්, සැලසුම් ශිල්පීන්, නීතීඥවරුන් යන අයද ස්වයං රැකියා කරන්නවුන් ලෙස සැලකිය හැකිය.

එසේම, පෙර පාසැල් ගුරු සේවයේ නියුක්තවූවන්, පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්, කාර්මික ක්ෂේත්‍රෙය් නියැලෙන පුද්ගලයින් එනම්, පෑස්සුම් ශිල්පීන්, පිත්තල කාර්මිකයින්, මැටි කර්මාන්ත ශිල්පීන් හා වෙනත් ගෘහස්ථ කර්මාන්ත වල නියැලෙන  අය ද ස්වයංරැකියා ගණයෙහි ලා සැලකිය හැකිය.

එමෙන්ම, ප්‍රවාහන ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්, ගොවීන්, කලාකරුවන්, විසිතුරු මල් වගාකරන්නන්, විසිතරු මසුන් ඇති කරන්නන්, සත්ව ගොවිපලවල් පවත්වාගෙන යන්නන්, කිරි නිෂ්පාදකයින්, ධීවර කාර්මිකයන් හා වෙනත් ඕනෑම නිත්‍යානුකූල රැකියාවක යෙදෙන්නන් ද, ස්වයං රැකියා වල නියුක්තවූවන්ට සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇත.

ගෙවිය යුතු දායක මුදල

සාමාජිකත්වය ලබාගැනීම සඳහා ගෙවිය යුතු අවම මාසික දායක මුදල රු.500/- කි.  එහෙත්, ඊට වැඩි ඕනෑම මාසික වාරික මුදලක් ඉල්ලුම්කරුගේ කැමැත්ත පරිදි ගෙවිය හැකිය.

ස්වයංරැකියා සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ

තමා විසින් ගෙවනු ලබන මාසික දායක මුදල හා වර්ෂය අවසානයේදී ලබාදෙන පොළිය හා ලාභාංශ සමග තමාගේ ගිණුමේ ඇති ශේෂය තමාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගෙන සාමාජිකත්වයෙන් ඉවත්විය හැකිය.

එසේම සාමාජිකත්වය දරන කාලය තුල අනෙකුත් සාමාජිකයින්ට ලබාදෙන සියලුම ප්‍රතිලාභ සඳහා  ද ඔවුනට හිමිකම් ඇත. 

තවද, විදේශගත සේවයෙහි නියුතු අයට ද එම අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීමට හැකියාව ඇති අතර, ඔවුන්ට ද මණ්ඩලය විසින් ලබාදෙන සියලු ප්‍රතිලාභ සඳහා  හිමිකම් ඇත.

මේ අනුව, ස්වයංරැකියා කරන්නවුන් හා සංක්‍රමණික සේවාවල යෙදෙන්නන් අරමුදලේ සාමාජික කර ඔවුන්ගේ දිවියට අත්වැලක් වීමට කටයුතු කිරීම මණ්ඩලය විසින් ඉටුකරනු ලබන තවත් සේවාවකි.
 


ආයතනයේ තොරතුරු

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ. ටී. එෆ්)

පළමු මහල,
කමිකරු මහලේකම්   කාර්යාලය,
තැ.පෙ.807,
නාරාහේන්පිට,
කොළඹ 05. 


එච් එම් සෙනෙවිරත්න මහතා
දුරකථන:+94-11-2581704 +94-11-2503941 +94-11-2503943 +94-11-2503951 +94-11-2588709 +94-11-2589937 +94-11-2503936 +94-11-4519627 +94-11-4519628 +94-11-4519631
ෆැක්ස් අංක:+94-11-2503917
විද්‍යුත් තැපෑල:inquiry@etfb.lk
වෙබ් අඩවිය: www.etfb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:46:55
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty