The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ‍පෝෂණ දීමනාව - ‍පෝෂණ මල්ල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


‍පෝෂණ දීමනා පතක් ලබාගැනීම

PDF Print Email

 

පෝෂණ මල්ල වැඩසටහන - (රු.500/-)
 
      සුදුසුකම්
 
සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශයේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාකාරී වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය විසින් පවත්වාගෙන යනු ලබන මව්වරුන්ගේ ලේඛනයෙහි ලියා පදිංචි සමෘද්ධි ප්‍රතිලාභී පවුලක සාමාජික මවක් විය යුතු ය.
 
සමෘද්ධි ප්‍රතිලාභී නොවන දිළිඳු පවුලක මවක් නම් ඉතා අඩු පෝෂණ මට්ටමක සිටින (උසට සරිලන බරෙහි අනුපාතය දුර්වල බවට) බවට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් පෞද්ගලිකව ම තම නිර්දේශය ලබා දී ඇත්නම් හා ඉතා දිළිඳු,සහනාධාර ලැබීමට ඉතා සුදුසු,පොරොත්තු ලේඛණයේ ඉහළින් ම සිටින මවක් බවට සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් සහතික කර ඇත්නම් සුදුසුකම් ලබයි.
 
      ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 
මේ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත් පවුල් සෞඛ්‍ය නිලධාරිණිය විසින් නිකුත් කෙරේ. එය සම්පූර්ණ කර පවුල් සෞඛ්‍ය නිලධාරිනියට භාර දී පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ අත්සන ලබාගෙන තම වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී වෙත භාර දිය යුතු ය.
 
      ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ කාර්යාලයෙන් ලබා ගත හැක.
 
      ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත    
 
      ඉදිරිපත් කළ යුතු වේලාවන්
රාජකාරි දිනවල ඉදිරිපත් කළ හැක
 
      සේවාව ලබාගැනීමට ගෙවීය යුතු ගාස්තු
නැත
 
      සේවාව ලබා දීමට ගතවන කාලය
සතියේ වැඩකරන ඕනෑම දිනයක සුදුසුකම් සම්පූර්ණ නම්, අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ නම්, දින දෙකක් ඇතුළත පෝෂණ දීමනා පත්‍රිකාව සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් ම ලබාගත හැක.
 
      අවශ්‍ය සනාථ කරන ලියකියවලි
                                                         I.      අදාළ මාසයේ මව්වරුන්ගේ ලේඛනයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් ප්‍රාදේශීය ලේකම්ට භාර දිය යුතු ය.
 
                                                       II.      සමෘද්ධි ප්‍රතිලාභී නොවන දිළිඳු පවුලක මවක් නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය අත්‍යවශ්‍ය වේ.
 
                                                     III.      සමෘද්ධි ප්‍රතිලාභය ලැබීමට සුදුසු බවට සමෘද්ධි සංවර්ධන නිලධාරීගේ හා සමෘද්ධි කළමණාකරුගේ සහතිකය අවශ්‍ය වේ.
 
                සේවාභාර මාණ්ඩලික නිලධාරීන්:
 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
සහකාර කොමසාරිස්
(සමෘද්ධි)  
එම්.ජේ.එස්.
රවිසිංහ මයා
සමෘද්ධි
+94112696421
+94112673775
ravisinghe
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)  
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com

 
      ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
     
         රු.500/-ක් වටිනා මුද්දර 20කින් යුත් සහනාධාර පත් මීට අයත් ය.
 
එක් එක් මුද්දරයකට මාසයක් සඳහා පහත සඳහන් ද්‍රව්‍ය ඇතුළත් පෝෂණ මල්ලක් සමූපකාර ප්‍රාදේශිකයෙන්/බලයලත් වෙළඳ සැල්වලින් ලබා ගත යුතු ය.
 
ආහාර ද්‍රව්‍ය :
·         සුදු/රතු කැකුළු, සම්බා/නාඩු සහල්5කි.ග්‍රෑ.
·         කඩල/කව්පි/මුංඇට/පරිප්පු/මයිසූර් පරිප්පු/ලංකා පරිප්පු   500ග්‍රෑ.
·         බිත්තර/වියළි හාල් මැස්සන්/කරවල/සැමන්
         (බිත්තර 08ක් හෝ එම වටිනාකමට ආසන්න වන ප්‍රමාණයට වියළි හාල්මැස්සන් හෝ කරවල)
 
ඉහත සඳහන් ආහාර ද්‍රව්‍යවලින් වර්ග 04ක් වත් දක්වා ඇති අවම ප්‍රමාණයන්ට යටත්ව ප්‍රතිලාභී මවක් සඳහා නිකුත් කිරීම අනිවාර්ය වන අතර, රු.500.00 ක වටිනාකම ඇතුළත ද්‍රව්‍ය පවතින පරිදි ප්‍රමාණයන් වෙනස් කළ හැක.
 
මාස 20 සඳහා වලංගුවන මුද්දර 20න් මුල් මුද්දර 8 පූර්ව මාතෘ අවධිය සඳහා ද ඉතිරි මුද්දර 12 කිරි දෙන මව සඳහා ද වෙන් කර ඇත.
 
එසේ වුව ද පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනිය වෙත ගොස් ලියා පදිංචි වූ මාසයේ සිට මේ සඳහා ඉල්ලුම් කල හැකි අතර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණු දින සිට පමණක් ඉදිරියට වලංගු කිරීම සිදු වේ.
 
සහනාධාර ලබා ගැනීම සම්බන්ධයෙන් හෝ වෙනයම් කරුණක් පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කිරීමේ දී එය මෘද්ධි කොමසාරිස් ජනරාල් වෙත යොමු කළ හැක.
 
ඉල්ලුම්පත් ආකෘති:
 
පෝෂණ මල්ල ලබා දීමේ වැඩසටහන - 20.... මව්වරුන් ලියා පදිංචි කිරීමේ අයදුම් පත්‍රය.

කාර්යාලයීය ප්‍රයෝජනය සඳහා
ග්‍රා.නි. වසම
අනු අංකය
 
 

 
 
 
 
 
 
 
01. ලියා පදිංචි අංකය හා දිනය                 :-........................................................................................
02. ප්‍රතිලාභියාගේ නම                          :-........................................................................................
03. ජාතික හැඳුනුම්පත් අංකය                 :-........................................................................................
04. ප්‍රතිලාභියාගේ ලිපිනය                     :-........................................................................................
                                                         ........................................................................................
05. ග්‍රාම නිලධාරි වසම                          :-........................................................................................
06. ප්‍රාදේශිකය                                   :-........................................................................................
07. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය           :-........................................................................................
08. දිස්ත්‍රික්කය                                   :-........................................................................................
09. ගර්භණි කාලය                               :-........................................................................................
10. පවුලේ සාමාජිකයන් ගණන               :-........................................................................................
11. අයඳුම්කරුගේ රැකියාව                     :-........................................................................................
12. ස්වාමි පුරුෂයාගේ රැකියාව                :-........................................................................................
 
 
.................................
ප්‍රතිලාභියාගේ අත්සන
දිනය:- ................................
 
ඉහත තොරතුරු නිවැරැදි බවට සහතික           මවගේ පෝෂණ තත්වය පිළිබද විශේෂ
කරමි                                                    නිර්දේශය ..............................................................
 
 
   .................................................             .........................................
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ අත්සන        ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
 
දිනය:- ..................................                    දිනය:- ..................................
               (ආදායම හැර විශේෂ තත්ත්වයකදී පමණක් ලබාගත යුතුයි)
 
 
 


 

1. සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුලකි.                 ඉහත ඉල්ලීම අනුව පෝෂණ දීමනාව ලබා දීම
2. ඉතා අඩු ආදායම්ලාභි ප්‍රතිලාභ ලැබීමට         නිර්දේශ කරමි/නිර්දේශ නොකරමි.
   ඉතා සුදුසු පවුලකි.
 
 .........................................                         .............................................
 සමෘද්ධි සංවර්ධන නිලධාරිගේ අත්සන               සමෘද්ධි කළාප කළමනාකරුගේ අත්සන
 දිනය:- ..................................                       දිනය:- ..................................
 
පෝෂණ දීමනාව අනුමත කරමි/ අනුමත නොකරමි.
 
.............................................
ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන
දිනය:- ..................................
 
A වැදගත් - නිලධාරීන් අත්සන් තබන සෑම ස්ථානයකම තම නිල මුද්‍රාව තැබිය යුතු ය.
 
 
පෝෂණ මුද්දරය නිකුත් කිරීම.
 
 අඩු ආදායම්ලාභී මවට 20...........................මස සිට 20..........................මස දක්වා නව පෝෂණ දීමනා පත්‍රිකාවක් ලබා දීම අනුමත වී ඇත.
 
20........................මස සිට 20.........................මස දක්වා වලංගු කරන ලද ................................... අංක දරණ දීමනා පත්‍රය නිකුත් කරන ලදී.
 
අංක ............................ මුද්දර (    ක්) අවලංගු කරන ලදී. (චක්‍රලේඛයේ 06 පරිදි)
 
 
.......................................
විෂය භාර කළමනාකරණ සහකාර.
 

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty