The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     "බීසී" ආකාති පත්‍රය     "අ" ආකෘති පත්‍රය     "ආ" ආකෘති පත්‍රය     "ඇ" ආකෘති පත්‍රය      "ඈ" ආකෘති පත්‍රය
නව ලේඛණයට නමක් ඇතුලත් කිරීම

PDF Print Email
  1. ශ්‍රි ලංකාවේ පුරවැසියකු විය යුතුයි
  2. ලියාපදිංචි කිරීමේ දිනය වන විට වයස අවුරුදු 18 සමිපූර්ණ විය යුතුයි.

නව නාම ලේඛනයට නම් ඇතුළත් කිරීම සදහා ලැබෙන දෙවන අවස්ථාව
පියවර 1: අයදුම්පත් දිස්ත්‍රික්ක කාර්යාලයෙන් හෝ තැපැල් කාර්යාලවලින් ලබා ගත හැකියි.
පියවර 2: සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරීට ඉදිරිපත් කළ යුතුය.

 අයදුම්පත් ආකෘති

අයදුම්පත් අංකය / නම විස්තරය
"බීසී" ආකාති පත්‍රය ගණන් ගන්නා නිලධාරියා විසින් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් ඇති පදිංචිකරුවන්ගේ විස්තර ඇතුලත් කිරීම සදහා ගෘහ මූලිකයින් අතරේ බෙදා හරිනු ලබන ආකෘති පත්‍රය
 "අ" ආකෘති පත්‍රය  නව නාම ලේඛනයට දෙවන අවස්ථාවේදී යමෙකුගේ නමක් ඇතුළත් කිරීම සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ආ" ආකෘති පත්‍රය  නව නාම ලේඛනයට දෙවන අවස්ථාවේදී යමෙකුගේ නමක් ඇතුළත් කිරීම වෙනුවෙන් වෙනත් අයෙකු විසින් ඒ සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ඇ" ආකෘති පත්‍රය  නමක් ඇතුලත් කිරීමට විරෝධය පෑම සදහා ඉදිරිපත් කළ යුතු වන ආකෘති පත්‍රය
 "ඈ" ආකෘති පත්‍රය  හිමිකමපාන්නෙකුගේ නමක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට ඉදිරිපත් කළ යුතු ආකෘති පත්‍රය

පියවරෙන් පියවර ක්‍රියාවලිය 
පියවර 1:අයඳුමිකරුට ඔහුගේ/ඇයගේ නම ඇතුලත් වී තිබෙදැයි දැනගැනීම සඳහා දිස්ත්‍රික්ක කාර්යාලයේ සහ තැපැල් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ලියා පදිංචි කිරීමේ ලේබණ.  ("අ" - ලේඛනය සහ "ආ" - ලේඛනය පරික්ෂා කර බැලිය හැක.)
පියවර 2: නම ඇතුලත් වී නැතිනමි අයදුම්කරුට එම ස්ථානයෙන්ම අයදුම්පතක් ලබාගෙන නම් ඇතුළත් කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
පියවර 3: අයඳුමිපත සමිපූර්ණ කර සහකාර මැතිවරණ කොමසාරිස්ට හෝ  ලියාපදිංචි කිරීමේ නිලධාරිට ඉදිරිපත් කිරීම  
පියවර 4:අයඳුමිපත ඉදිරිපත් කිරීමෙන් පසු අයඳුමිකරු පරීක්ෂණයක් සඳහා ලියාපදිංචි කිරීමේ නිලධාරී/සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරී විසින් කැදවනු ඇත. මෙම පරීක්ෂණයේදී අයඳුමිකරුට සුදුසුකම් සනාථ කිරීමේ ලියවිලි ඉදිරිපත් කල හැකිය.
(අවශ්‍ය ලියවිලි සදහා 1.5.1.7 බලන්න)
පියවර 5: ලියාපදිංචි කිරීමේ නිලධාරී/සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරී විසින් ගන්නා ලද තීරණය සම්බන්ධව අයදුම්කරුට දැනුම දෙනු ඇත. 
පියවර 6: අයඳුමිකරු ඡන්ද හිමියෙකු වශයෙන් සුදුසුකම් ලැබුවහොත් අයඳුම්කරුගේ නම ලියාපදිංචි කිරීමේ ලැයිස්තුවට ඇතුලත් කෙරේ.
පියවර 7: මෙබදු සංශෝධනවලින් පසු ඡන්ද හිමි නාම ලේබණ නැවත යතුරු ලියනය කර පිළියෙල කොට  ඊළග වර්ෂයේ මැයි මාසය වන විට සහතික කෙරේ.
පියවර 8: සහතික කරන ලද ඡන්ද හිමි ලේබණ මහජනයා සදහා විවෘතව තබන අතර එම ලේබන සියලුම මැතිවරණ සදහා ඊළග වසරේ ඡන්ද හිමි නාමලේබනය සහතික කරන තෙක් වලංගුව පවතී
සටහන:
සටහන 1 : පරීක්ෂණයෙන් පසු අයදුම්කරු ලියාපදිංචි සදහා සුදුසුකම් නොලැබූ විට අදාළ තීරණය ලැබී දින 10 ක් තුළ ඒ සමබන්ධයෙන් දිසා විනිසුරු වෙත (ප්‍රතිශෝධන නිලධාරී) අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
සටහන 2: දිසා විනිසුරු විසින් විභාගයක් පවත්වා තීරණයක් ගනු ලැබේ.
සටහන 3 : දිසා විනිසුරු විසින් හිමිකම පිළිගනු ලැබුවහොත් අයදුම්කරුගේ නම නාම ලේබනයට ඇතුළත් කෙරේ.  එසේ නොමැති වුවහොත් හිමිකම් ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරෙන අතර අයදුම්කරු ලියාපදිංචිය සදහා සුදුසුකම් නොලබයි. 

කාල සීමාව‍
නව ලේබණයට නම් ඇතුළත් කිරීම සදහා ලැබෙන දෙවන අවස්ථාව
නොවැමිබර්/දෙසැම්බර් මාස තුළ දින 28 ක කාලයක්
පියවර 1: "අ" සහ "ආ" ලැයිස්තු ප්‍රදර්ශණය

  • වැඩ කරන දින  : නොවැමිබර/දෙසැම්බර් මාසවල දින 28 ක්
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 2: හිමිකම් ඉල්ලීමි හා විරෝධතා සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම.

  • වැඩ කරන දින  : දෙසැමිබර් 15 සිට ඊළග වර්ෂයේ ජනවාරි 15 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 3: ලියාපදිංචිය සදහා සුදුසු ඡන්ද දායකයින්ගේ නම් ඉටිපත්වල යතුරුලියනය කිරීම සහ පරීක්ෂා කිරීම

  • වැඩ කරන දින  : ජනවාරි 15 සිට අප්‍රේල් 15 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

පියවර 4: යතුරුලියන ලද ඉටිපත් අනුපිටපත් කිරීම සහ නාම ලේබන පිටපත් පොත් වශයෙන් බැඳීම

  • වැඩ කරන දින   - පෙබරවාරි  01 සිට මැයි 25 දක්වා
  • වැඩ කරන පැය ගණන : පෙ.ව.9.00 සිට .දහවල් 12.00 දක්වා සහ ප.ව.1.30 සිට ප.ව.4.00 දක්වා
  • නිවාඩු දින - සියලුම ප්‍රසිද්ධ හා වෙළඳ නිවාඩු දිනයන්

ලියාපදිංචි කිරීමේ නිලධාරී (දිස්ත්‍රික්ක ලේකම්/දිසාපති) වෙත ලියාපදිංචිය සදහා හිමිකම් ඉදිරිපත් කළ හැක්කේ අදාළ දින 28 ක් පවත්වන නාම ලේබන ප්‍රදර්ශන කාලයේදී පමණි.

සේවා සමිබන්ධව වියදම
පිරිවැය: මෙම සේවාව අය කිරීමකින් තොරව සිදු කරයි.
සේවා ගාස්තූව: නැත
දඩ: නැත
    
අධිභාර

  • ඡන්ද හිමියා ලියා පදිංචි කිරීමේ ආකෘති ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් දඩයක් හෝ අධිභාරයක් අයකිරීමක් නොකෙරේ.  එහෙත් ඔහු/ඇය ඊළග ඡන්ද හිමි නාමලේබනය ප්‍රතිශෝධනය සිදුකරන තෙක් පැවැත්වෙන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අවස්ථාව අහිමි කරගනී.
  • 1988  අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 12(4) වගන්තියට අනුව
  • යම්කිසි පුද්ගකයකුට ආවේණික වූ තොරතුරු හිතාමතාම හෝ සිය කැමැත්තෙන් ලියා පදිංචි කිරීමේ නිලධාරියාට හෝ ඔහු විසින් පත් කරනු ලැබූ නිලධාරියෙකුට ලබා දීමට අපොහොසත් වුවහොත් හෝ වැරදි/බොරු තොරතුරු ලබා දී ඇති බව මහේස්ත්‍රාත් ඉදිරයේ ඔප්පු වුවහොත් ඔහු හෝ ඇය රුපියල් පන්සියයකට නොඅඩු දඩයකට යටත් විය යුතු අතර කරුණු ගෙන හැර පෑමෙන් මසක සිර දඪුවමකට හෝ දඩුවමි දෙකටම යටත් විය යුතුයි.

අවශ්‍ය කරන සනාථ කිරීමේ ලියවිලි

  1. උප්පැන්න සහතිකය
  2. ජාතික හැඳුනුමිපත
  3. ග්‍රාම නිලධාරි විසින් දෙනු ලබන ප්‍රකාශය

 

 සේවාව වගකීම පැවරෙන නිලධාරියාගේ තනතුර  වගකීම පැවරෙන නිලධාරියාගේ නම  වගකීම පැවරෙන අංශයේ නම
 නව ලේඛනයට නම් ඇතුලත් කිරීම     මැතිවරණ කොට්ඨාශයේ    ලියාපදිංචි කිරීමේ නිලධාරී  (ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ග්‍රාම නිලධාරී/විශේෂ ගණන් ගන්නා නිලධාරී)  ග්‍රාම නිලධාරී කොට්ඨාශ පරිපාලන දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ අනුව වෙනස් වේ
ග්‍රාම නිලධාරී කොට්ඨාශ
පරිපාලන දිස්ත්‍රික්ක හා මැතිවරණ කොටීඨාශ
 
 දිස්ත්‍රික්ක සහකාර මැතිවරණ කොමසාරිස්
 ගණන් ගන්නා නිලධාරී

 


ආයතනයේ තොරතුරු

මැතිවරණ කොමිෂන් සභාව

තැ.පෙ. 02,
සරණමාවත,
රාජගිරිය.


ඒස්. ඒකනායක මහතා
දුරකථන:0112868441 | 0112868442 | 0112868443
ෆැක්ස් අංක:0112868426
විද්‍යුත් තැපෑල:info@elections.gov.lk
වෙබ් අඩවිය: www.elections.gov.lk

අදාළ සේවා

ග‍්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:53:41
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty